වරායට පාඩු කළ ස්කෑන් යන්ත්‍ර ගැන ජොන්ස්ටන් සොයාගනී.

කොළඹ වරායේ පරිලෝකන පරිශ්‍රයේ(scanning) ඇතිවූ අධික තදබදය පිළිබඳව සොයාබැලීමට වරාය නාවික කටයුතු , මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා රේගු අංගනයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක් සිදුකළේ ය.

එහිදී හෙළිවූයේ අලුතින් සවිකරන ලද පරිලෝකන ( ස්කෑන් ) යන්ත්‍ර නිසා මෙම තදබදය ඇතිවී තිබෙන බවයි. වැඩි දුර සොයාබැලීමේදී මෙම බහාලුම් පරිලෝකන( ස්කෑන්)ක්‍රියාවලිය සදහා පසුගිය රජය සමයේ අමාත්‍යවරයකුට අයත්  පෞද්ගලික සමාගමකට ටෙන්ඩර් කර ලබාදී ඇති අතර ඒ සදහා වරාය අධිකාරිය සතු අක්කර 2.5ක භූමියක් ද රේගුවට ලබාදී තිබේ. 

සාමාන්‍යයෙන් වරාය අධිකාරිය සතු බිම් කොටසක් ලබාදීමේදී මුදල් ගෙවිය යුතුවන නමුත් මෙම සමාගම මේ වනතෙක් වරාය අධිකාරියට කිසිදු මුදලක් ගෙවා නොමැත. මීට ඉහතදී උක්ත සමාගම මාසිකව රු. මිලියන 45ක්  ගෙවීමට එකගවී තිබුණත් කිසිදු ගෙවීමක් වරාය අධිකාරියට  සිදුකර නැත. එක් කන්ටේනරයක් පරිලෝකනය කිරීම සදහා ඩොලර් (USD) 12  මුදලක් අය කරන අතර දෛනිකව කන්ටේනර් 2000-2500 සංඛ්‍යාවක් පරික්ෂා කරනු ලබයි. එවැනි විශාල මුදලක් උපයන නමුත් වරාය අධිකාරියට අදාළ සමාගම කිසිදු මුදලක් නොගෙවයි.

මෙම ක්‍රියාවලියේ ගැටලු රාශියක් ඇති බව කන්ටේනර් රථ රියැදුරන් , වෘත්තීය සමිති නියෝජිතයන් අමාත්‍යවරයා  සමග පැවත්වූ සාකච්ඡාවේදී හෙළිවිය