ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 38 වන සැමරුම

ශ්‍රී ලංකා වරාය අධිකාරියට වසර 38 ක් පිරීම නිමිති කොටගෙන ‍අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍ර‍ධානත්වයෙන් විශේෂ සැමරුම් උත්සවයක් 2017 අගෝස්තු 01 වන දින කොළඹ වරාය නැගෙනහිර පර්යන්ත පරිශ්‍රයේදී පැවැත්විය.

මෙහිදී පැමිණ සිටි පිරිස ඇමතූ ගරු ජනාධිපතිතුමන් කියාසිටියේ, “ රජය සතු කිසිදු දේපළක් කිසිඳු විදේශ රටකට විකිණීමට ක්‍රියා නොකරන අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිවෙකුටත් පවරන්නේ නැතැයි වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා කරන ලද යෝජනාව ස්ථිර කරන බවයි...” මෙම උත්සව අවස්ථාවට සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍ර‍තිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක, ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, ජාතික ඒකාබද්ධතා සහ ප්‍ර‍තිසංධාන රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆව්සි, වරාය හා නාවික නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම, වරාය හා නාවික අමාත්‍යංශ ලේකම් එල්.පී. ජයම්පති, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති පරාක්‍ර‍ම දිසානායක යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.