ඔළුවිල් වරාය නැවත ක්‍රියාත්මක කිරීම සඳහා කෙටිකාලීන හා දිගුකාලීන වැඩපිළිවෙළක් ඇරඹේ‍

ඔළුවිල් වරාය සම්බන්ධයෙන් වන කෙටිකාලීන හා දිගුකාලීන වැඩපිළිවෙළක් සඳහා සාකච්ඡාව වරාය හා නාවික ගරු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් පසුදින (03) පැවැත්විය.එම අවස්ථාවට නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රව්ෆ් හකීම් මහතා හා වරයා අධිකාරියේ සභාපති පරාක්‍රම දිසානායක මහතා ඇතුළු ධීවර සමිති හා ප්‍රදේශවාසීන් ද සහභාගී විය.