වරාය අධිකාරියේ වෘත්තීය සමිති නායක හමුව

ශ්‍රී ලංකා වරාය අධිකාරියට වසර 38 ක් පිරීම නිමිති කොටගෙන 2017 අගෝස්තු 01 වැනිදා පැවැත්වෙන සැමරුම් උත්සවය සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සියලුම වෘත්තීය සමිති වල සහයෝගය ලබාගැනීම හා ඔවුන් ඉදිරිපත් කර තිබූ යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමාගේ ප්‍ර‍ධානත්වයෙන් සිදුකෙරුණු අතර එම අවස්ථාවට වරාය අධිකාරියේ සභාපති පරාක්‍ර‍ම දිසානායක, උප සභාපති පී. ජී. දසනායක ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.

මෙහිදී වරාය අධිකාරියේ “38 වන සංවත්සරික උත්සව අවස්ථාව” සාර්ථක කර ගැනීම සදහා සියලු වෘත්තීය සමිති නායකයින්ගේ සහය පලකළ අතර මේ සදහා වරාය අධිකාරියේ බහුතර සාමාජික පිරිසක් සමග  ඔවුන්ගේ  පවුලේ සාමාජිකයින්ටද සහභාගී වීමේ අවස්ථාව ඉල්ලා සිටියේය.