හම්බන්තොට මාගම්පුර වරාය ප්‍රතිව්‍යූහගත කිරීමේදී ලබාදුන් පොරොන්දුවකට අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ සේවක වෘත්තීය සමිති අතර ඇති කරගත් එකඟතාවය මත සේවකයින් 135 දෙනෙකුට වරාය අධිකාරියේ ස්ථිර පත්වීම් ලබාදීමටත් අනෙකුත් සේවකයින් සඳහා රුපියල් ලක්ෂ 13 ක වන්දි මුදලක් ලබාදීමටත් ක්‍රියා කළේය. අදාළ පත්වීම් ලබාදීම වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් පසුගියදා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යායතනයේ පැවති උත්සවයකදී සිදුකෙරිණ.
ඡායාරූපයේ දැක්වෙන්නේ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා විසින් රැකියා ලාභියෙකු සඳහා අදාළ පත්වීම් ලිපිය පිරිනමන මොහොතයි.
එම අවස්ථාවට ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා, වරාය හා නාවික නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා හා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගී විය.