නාවික ක්ෂේත්‍රයේ සංවර්දනය සදහා විදේශීය සහයෝගිතාව..

වරාය හා නාවික කටයුතු අමාත්‍ය ගරු මහින්ද සමරසිංහ මැතිතුමා හා Mediterranean Shipping company (MSC) හි සභාපති මෙන්ම හිමිකරුද වන Gianluigi Aponte මහතා අතර හමුවක් ජිනීවා හි දී සිදු විය. MSC සමාගම ලෝකයේ දෙවන විශාලතම බහාලුම් නැව් සමාගම වන අතර කොළඹ වරායේ විශාලතම සේවාදායක සමාගම ද වෙයි. ශ්‍රී ලංකා වරාය අධිකාරියෙහි සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.