වරාය අධිකාරියේ නව සභාපති පත්කෙරේ.

වරාය හා නාවික අමාත්‍යංශයට අයත් වරාය අධිකාරියේ නව සභාපතිවරයා පත්කිරීමේදී දේශපාලන පත්කිරීමක් නොකරන බවට විෂය භාර අමාත්‍යවරයා කළ ප්‍ර‍කාශයට අනුව නාවික කටයුතු පිළිබද පෘථුල පළපුරුද්දක් හා විශේශඥ දැනුමකින් යුත් ප්‍ර‍වීණයෙකු වන ආචාර්ය පරාක්‍ර‍ම දිසානායක මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අභිනව සභාපතිවරයා ලෙස පත්කෙරිණ.මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් එල්.පී. ජයම්පති මහතා ද සහභාගී විය‍.