ලංකා නැව් සංස්ථාව ජාතික ක්‍රීඩා හා ශාරීරික සුවතා ප්‍රවර්ධන සතිය සමරයි....

ජාතික ක්‍රීඩා හා ශාරීරික සුවතා ප්‍රවර්ධන සතිය වෙනුවෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මත  ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධානය කරන ලද ශාරීරික සුවතා වැඩසටහන සී/ස ලංකා නැව් සංස්ථාව ක්‍රියාවට නැංවීය. ලංකා නැව් සංස්ථාවේ පාලන අධිකාරිය ක්‍රීඩා හා සුභ සාධක සංගමය හා එක්ව ඒ සඳහා  ප්‍රායෝගික ව්‍යායාම වැඩසටහනක් සංවිධානය කරන ලදී. බෝ නොවන රෝග සඳහා පෝෂණය  හා ව්‍යායාම යන මැයෙන් දේශනයක් ද මෙහිදී පැවැතිවිණ. ජාතික වැදගත්කමින් යුතු  මෙම විශේෂ අවස්ථාවට සංස්ථා සභාපති ශෂී ධනතුංග මහතා, විධායක අධ්‍යක්ෂ ඩෑන් මාලික ගුණසේකර මහතා, සාමාන්‍යාධිකාරි නිහාල් ධර්මප්‍රිය මහතා, ක්‍රීඩා හා සුභ සාධක සංගමයේ සභාපතිනි යමුනා වෙත්තසිංහ මැතිනිය ඇතුළු සංස්ථාවේ සේවක මහත්ම මහත්මීන් රැසක් සහභාගී වූහ.