චීනය සමග ගනුදෙනු කිරීමේදී අර්ජුන ලොවටම ආදර්ශයක් - මාලදිවයිනේ විපක්ෂ නායක.

රටට හිතකර ලෙස චීනය සමග ගනුදෙනු කරන්නේ කෙසේදැයි ශ්‍රී ලංකාවේ වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පෙන්වා දී ඇතැයි මාලදිවයිනේ විපක්ෂ නායක මොහොමඩ් නෂීඩ් මහතා පවසයි. හම්බන්තොට වරාය චීන සමාගම පැවරීමේදී අර්ජුන රණතුංග රට ගැන දැක්වූ ළැදියාව අපි අගය කරනවා. තමන් නැවත බලයට පැමැණි පසු අර්ජුන රණතුංග ආදර්ශයට ගෙන තම රටේ චීන ආධාර ව්‍යාපෘති නැවත සලකා බලන බවද මොහොමඩ් නෂීඩ්  පවසයි.  එතුමා මේ බව පැවසූයේ පසුගියදා (29) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

“ අපි බලයට පැමිණි විට චීන ආධාර ව්‍යාපෘති  පිළිබඳව නැවත කේවල් කිරීමට අපේක්ෂා කරනවා. ඒ සඳහා අපි ආදර්ශයට ගන්නේ ශ්‍රී ලංකාවේ වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා. හම්බන්තොට වරාය චීන  සමාගමට  පැවරීමේදී, ගිවිසුම නැවත කේවල් කිරීම සඳහා අර්ජුන රණතුංග මහතා ගත් උත්සාහයෙන් අපි බොහෝ දේ ඉගෙනගත්තා. එතනදී අපි අනුගමනය කරන්නේ අර්ජුන රණතුංග යොදාගත් උපක්‍ර‍ම. චීනය ගනුදෙනු කිරීමේදී විනිවිදභාවයකින් කටයුතු කරන්නේ නැහැ..... ” යැයිද  මොහොමඩ්  නෂීඩ් මහතා පැවසීය.