හම්බන්තොට මාගම්පුර වරාය ගිවිසුම අත්සන් තැබේ.

හම්බන්තොට මාගම්පුර වරාය ප්‍ර‍තිව්‍යූහගත කිරීමේ ඓතිහාසික ගිවිසුම ශ්‍රී ලංකා රජයේ හා චීන රජයේ විශේෂ දූත මණ්ඩල සහභාගීත්වයෙන් වරාය හා නාවික අමාත්‍යංශයේදී අත්සන් තැබූ අතර එම සුවිශේෂ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ, උපායමාර්ගික සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍ර‍ම, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම,  නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම යන මහත්වරුන් සහ චීන රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති Yi. Xianliang, චයිනා මර්චන්ට් සමාගමේ විධායක උපසභාපති Dr. Hu Jianhua, චීන රජයේ කොන්සල් ජනරාල් Yang Zuo Yuan යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් කණ්ඩායමක්  සහභාගී විය.

ඡායාරූපයේ දැක්වෙන්නේ දෙපාර්ශ්වය අතර අත්සන් තැබූ ගිවිසුම් පත්‍ර‍ හුවමාරු කරගන්නා අවස්ථාවයි.

ගිවිසුම අත්සන් කිරීම ශ්‍රී ලංකා පාර්ශ්වය වෙනුවෙන් වරාය හා නාවික අමාත්‍යාංශයේ ලේකම් එල්.පී ජයම්පති, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති  පරාක්‍ර‍ම දිසානායක යන මහත්වරු දෙපළද චීන රජය වෙනුවෙන් චයිනා මර්චන්ට් සමූහයේ විධායක උප සභාපති ආචාර්ය Hu Jianhua  විසින් ද සිදු කෙරිණ.