වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්ලා මහරුෆ් මැතිතුමා සුභ මොහොතින් වැඩ අරඹයි

වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්ලා මහරුෆ් මැතිතුමා සිය ධුරයේ වැඩ ඇරඹීම අද (14) නියෝජ්‍ය අමාත්‍ය  කාර්යාලයේ දී සුභ මොහොතින් සිදුකෙරිණ.

වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමාගේ ප්‍ර‍ධානත්වයෙන් පැවති එම උත්සවයට  වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පරාක්‍ර‍ම දිසානායක මැතිතුමා, කර්මාන්ත හා වාණිජ කටයුතු සහ දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත  පදිංචි කිරීම සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය රිෂාද් බදියුදීන් මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆව්සි මැතිතුමා, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ විධායක නිලධාරීන් ඇතුළු සේවක මහත්ම මහත්මීන් සහ අමාත්‍යාංශ නිලධාරීන් රැසක් සහභාගී වූහ.