මාගම්පුර වරාය සේවක ගැටලුව පිළිබ‍ඳ සාකච්ඡාවක්

මාගම්පුර වරාය සේවක ගැටලුව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් ජනවාරි 18 වැනි දින එම අමාත්‍යංශයේ දී පැවැත්විය. සේවක පර්ශ්වය වෙනුවෙන් අතිපූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේගේ නායකත්වයෙන් කණ්ඩායමක් සහභාගී වූ අතර රජයේ පාර්ශ්වය වෙනුවෙන් ධීවර අමාත්‍ය මහින්ද අමරවීර, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍ර‍ම දිසානායක යන මහත්වරුන් ද සහභාගී විය.