ජාතික ක්‍රීඩා සහ ශරීර සුවතා ප්‍රවර්ධන සතිය කොළඹ වරායේදී ක්‍රියාවට නැංවේ...

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධානය කරන ක්‍රීඩා සහ ශරීර සුවතා ප්‍රවර්ධන සතිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය ක්‍රියාවට නංවයි. ඒ කොළඹ වරාය භූමියේදී පසුගිය 25වැනිදා එහි සමාරම්භක උත්සවය පවත්වමිනි.

ශ්‍රී ලංකාවේ ඉහළ යමින් පවතින බෝ නොවන රෝග පාලනය කිරීමට ප්‍රවේශයක් ලබාදීම මෙම ජාතික වැඩසටහනේ අරමුණයි. ක්‍රීඩා කිරීම, ශරීර සුවතාව සහා ව්‍යායාම කිරීම, ක්‍රීඩාව ජනතාව අතර  ජනප්‍රිය කිරීම, ක්‍රීඩා සංස්කෘතියක් රටෙහි නිර්මාණය කිරීම, සෞඛ්‍ය සම්පන්න හා ප්‍රීතිමත් දිවියක් උදෙසා ක්‍රීඩාව ප්‍රායෝගිකව භාවිත කරවීම මෙම ජාතික වැඩසටහනේ සෙසු අරමුණු විය. එම අරමුණු ඉටු කර ගැනීම උදෙසා දියත් කෙරෙන මෙම වැඩසහන ආරම්භ කරමින් පැවති උත්සවයට ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස සහභාගි වූයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකරණ අධ්‍යක්ෂ එච්. ඩී. එස්. ප්‍රේමචන්ද්‍ර මහතායි.