ශ්‍රී ලංකාවේ වටිනාම ආර්ථික මධ්‍යස්ථානයක් වන කොළඹ වරාය ඉතා පිරිසිදු තැනක් බවට පත්කළ යුතුයැයි වරාය, නාවික කටයුතු, මාර්ග සහ මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පසුගියදා (28) ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන්ට නියෝග කළේය.
වරාය පරිශ්‍රයේ තැනින් තැන අබලි ද්‍රව්‍ය නොතැබිය යුතුය. දැනට තිබෙන අබලි ද්‍රව්‍ය වහාම වරාය පරිශ්‍රයෙන් ඉවත් කළ යුතුය. විදේශීය සංචාරකයන් මගී නෞකා පර්යන්ත ඔස්සේ කොළඹ වරාය පරිශ්‍රයට පැමිණෙයි. ඔවුන්ට මනස්කාන්ත පරිසරයක් කොළඹ වරාය තුළ නිර්මාණය විය යුතුයැයි ගරු අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන් අමතා ප්‍රකාශ කළේය. තවද වරාය සේවකයන්ටත්, සේවා ලාභීන්ටත් වරාය පරිශ්‍රයේ රැදෙන කාලය තුළ අපහසුවකින් තොරව රැදීමට හැකිවන පරිදි ප්‍රසන්න පරිසරයක් තිබිය යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
අබිලි ද්‍රව්‍ය වරායෙන් පිටතට ගැනීමේදී රේගු බදු ගෙවීමට සිදුවෙයි. වරාය අධිකාරියට අයත් යල් පැනගිය භාවිතයට නොගන්නා යකඩ කොටස් හා අනෙකුත් භාණ්ඩ ඉවත් කිරීමට එය බාධාවකි. බදුවලින් නිදහස් කර වරාය පරිශ්‍රයෙන් අබලි ද්‍රව්‍ය ඉවත් කිරීමට ක්‍රමවේදයක් සකසන බව ගරු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙහිදී පැවසීය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය දා (28) කොළඹ වරායේ නිරීක්ෂණ චාරිකාවක නිරත වන අතරතුරදීය. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකාර අධ්යක්ෂ කපිතාන් අතුල හේවාවිතාරණ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම නිරීක්ෂණ චාරිකාවට එක් වූහ.