වෙරළ සුරක්ෂිත සතියට වරායෙහි සේවකයින් එක් වෙයි.

වෙරළ සුරක්ෂිත සතියට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවක සේවිකාවන් අද (22) එක් විය. ඒ ගාලුමුවදොර වරාය පිරිසිදු කිරීමේ වැඩසටහනට එක් වෙමිනි. ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ මඟ පෙන්වීම යටතේ එම වැඩසටහන ක්‍රියාත්මක කළේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සමාජ සුභසාධන අංශයයි.  රජය ප්‍රකාශයට පත් කළ වෙරළ සතියට සමගාමීව එය ක්‍රියාත්මක කිරීමද විශේෂත්වයකි.

ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ සතිය ආරම්භ වූයේ 1986 වර්ෂයේදීයි. ඒ ඇමරිකාවේ ටෙක්සස් ප්‍රාන්තයේ ස්වේච්ඡා සේවකයෝ ඊට පුරෝගාමී වූහ. එදා සිට සෑම වසරකදීම සැමරෙන ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ සතිය සමරමින් ශ්‍රී ලංකාව ස්වකීය වැඩටසහන් ක්‍රියාත්මක කරන්නේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මඟ පෙන්වීම යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයයි. වෙරළ සතිය සමරමින් අද දියත් කළ ගාලු මුවදොර මුහුදු තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වරාය සේවක මහත්ම මහත්මීන් 250කට ආසන්න පිරිසක් සහභාගී විය.