අමාත්‍යංශ මට්ටමින් රාජ්‍ය භාෂා ප්‍ර‍තිපත්තිය ක්‍රියාත්මක කිරීමට අදාළ භාෂා සැලසුම් පහසුකරණ වැඩසටහන මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යායතනයෙහි දී පැවැත්විණි.

ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යංශය විසින් සියලුම අමත්‍යංශ ආවරණය වන ආකාරයෙන් ක්‍රියාත්මක රාජ්‍ය භාෂා ප්‍ර‍තිපත්තිය ක්‍රියාත්මක කිරීමට අදාළ භාෂා සැලසුම් පහසුකරන වැඩසටහන වරාය හා නාවික අමාත්‍යංශ ආයතන අරමුණු කර ගනිමින් පසුගිය 14, 15, 16 යන තෙදින තුළ කොළඹ වරාය පරිශ්‍රයේ මහපොළ වරාය හා සමුද්‍රිය විද‍්‍යායතනයේ ශ්‍ර‍ණාගාරයේ දී පැවත්වීය.

මෙම අවස්ථාවට ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යංශයේ ලේකම් - ඩබ්. එම්.පී. ජී. වික්‍රමසිංහ, වරාය හා නාවික කටයුතු අමාත්‍යංශයේ ලේකම් - එල්. පී. ජයම්පති, වරාය හා නාවික කටයුතු අමාත්‍යංශයේ  අතිරේක ලේකම් - පී. හතරසිංහ, වරාය හා නාවික කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර  ලේකම් - ටී. බී. ෆහ්මියා, වරාය හා නාවික කටයුතු අමාත්‍යංශයේ  ප්‍රධාන ගණකාධිකාරී - එම්. ඩී . පී. තිලක්සිරි, වරාය හා නාවික කටයුතු අමාත්‍යංශයේ අධ්‍යක්ෂ (සංවර්ධන )  - එච්. ආර්. සිරිනාම, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මානව සම්පත් අංශයේ අධ්‍යක්ෂ පී. රණතුංග, වෙළඳ  නාවික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ (බලපත්‍ර) එස්. එස්. රෝෂිණී යන මහත්ම මහත්මීන් ඇතුළු වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා නැව් සංස්ථාව හා වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ නිලධාරීන් රැසක් සහභාගී විය.