ශ්රීල ලංකා වරාය අධිකාරියේ විශ්රාතම ලැබූ සේවකයින්ට රන්පවුම් තිළිණ ප්ර දානය කෙරේ.

පසුගිය මාස දෙකක කාලය තුළදී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවයෙන් විශ්‍රාම ලද සේවක මහත්ම මහත්මීන් වෙනුවෙන් සිදුකරන ලද රන් පවුම් තිළිණ ප්‍රදානය මහපොළ අභ්‍යාස ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණී.

මෙම උත්සවය වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා හා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී විශ්‍රාමික සේවක මහත්ම මහත්මීන් 47 දෙනෙකු රන් තිළිණ ලද අතර, ඔවුන්ගේසේවා කාලය වසර 15-25 ත්, 25-35 හා 35 ට වැඩි වශයෙන් විය.

මෙම අවස්ථාවේ අදහස් පල කළ ගරු වරාය හ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය දේශපාලන හස්තයෙන් මුදවා ස්වාධීන ආයතනයක් කිරීමට තමන්ට හැකි වූ බවයි. එසේම නොයෙක් අඩුපාඩු මධ්‍යයේ වුවත් තම සේවය නොපිරිහෙළා ඉටු කරන දක්ෂ සේවක මහත්ම මහත්මීන්ගේ සහයෝගය මත මේ වනවිට විශාල ප්‍රගතියක් අත් කරගැනීමට හැකිව ඇති බවද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අධ්‍යක්ෂ(මෙහෙයුම්) ජයන්ත පෙරේරා, අධ්‍යක්ෂ(ආරක්ෂක) මේජර් ජනරාල් - නිශ්ශංක විජේරත්න, ප්‍රධාන මානව සම්පත් කලමනාකරු - නිර්මාල් ෆොන්සේකා(වැ.බ), ප්‍රධාන අභ්‍යාස කලමනාකරු - එල්.එච්.ආර්.සේපාල, ප්‍රධාන මුදල් කලමනාකරු - කාන්ති ගුණවර්ධන (වැ.බ) යන මහත්ම මහත්මීහු ඇතුළු උසස් නිලධාරීන් සහ විධායක නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ