කොළඹ වරායේ ප‍්‍රතිනැව්ගත මෙහෙයුම්වල 20.4% ක වර්ධනයක්

කොළඹ වරායේ ප‍්‍රතිඅපනයන මෙහෙයුම් හෙවත් ප‍්‍රතිනැව්ගත මෙහෙයුම් ධාරිතාවයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරයි.  2017 ජනවාරි මාසයට සාපේක්‍ෂව එය 20.4% ක වර්ධනයකි. 2017 වර්ෂයේ ජනවාරි මස ප‍්‍රතිනැව්ගත බහලූ මෙහෙයුම් 362,451 ක් මෙහෙයුම් කොට ඇති අතර, 2018 වර්ෂයේ ජනවාරි මස ප‍්‍රතිනැව්ගත බහලූ මෙහෙයුම් 436,303 ක් සිදුකර ඇත. මේ සඳහා ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ ජයබහලූ පර්යන්තය SAGT පර්යන්තය සහ CICT පර්යන්ත සුසංයෝගය ද එක්ව තිබේ. ජයබහලූ පර්යන්තය (JCT) 2017 ජනවාරි මස ප‍්‍රතිනැව්ගත බහලූ මෙහෙයුම් 114,282 ක් සිදු කළ අතර, එය 2018 ජනවාරි මස 164,252 කි. එනම්, ප‍්‍රතිශතයක් ලෙස 43.7% ක වර්ධනයකි.

ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය තුළ බහලූ මෙහෙයුම් ධාරිතාව ද 2017 ජනවාරි මාසයට සාපේක්‍ෂව 2018 ජනවාරි මාසයේ වර්ධනයක් පෙන්නුම් කරන අතර, 2017 වර්ෂයේ එය අඩි විස්ස සම ඒකක බහලූ 156,010 ක් වූ අතර, 2018 වර්ෂයේ එය අඩි විස්ස සම ඒකක බහලූ 194,688 ක් හෙවත් 24.8% ක ප‍්‍රතිශතාත්මක වර්ධනයක් ලෙසින් සමස්ථ රාජ්‍ය පර්යන්තයන්ගේ විශිෂ්ට වර්ධනයක් පෙන්නුම් කරයි.

සමස්ථ කොළඹ වරාය (Port Of Colombo) 2017 වර්ෂයේ ජනවාරි මස අඩි විස්ස සම ඒකක බහලූ 484,866 ක් මෙහෙයුම් කර ඇති අතර, එය 2018 ජනවාරි මස අඩි විස්ස සම ඒකක බහලූ 564,155 ක් මෙහෙයුම් කර තිබේ. එය ප‍්‍රතිශතයක් ලෙස 16.4% ක වර්ධනයක් පෙන්නුම් කරයි.

2017 වර්ෂයේ ජනවාරි මාසයට සාපේක්‍ෂව 2018 ජනවාරි මාසයේ කොළඹ වරායට නෞකා පැමිණීමෙහි ද වර්ධනයක් පෙන්නුම් කරයි. බහලූ නෞකා, සාම්ප‍්‍රදායික නැව්බඩු නෞකා සහ අනෙකුත් නෞකාවන් සහ නෞකා අලූත්වැඩියාව හා නැංගුරම් කිරීම්වල 2017 ජනවාරි මාසයට සාපේක්‍ෂව 2018 වසරේ ජනවාරි 8.1% ක වර්ධනයක් පෙන්නුම් කරන අතර සංඛ්‍යාත්මකව 359 සිට 388 දක්වා වර්ධනයකි. 2017 වර්ෂයේ ජනවාරි මස කොළඹ වරායට පැමිණි බහලූ නෞකා සංඛ්‍යාව 304 ක් වූ අතර එය 2018 වසරේ ජනවාරි මස 332 කි. එය ප‍්‍රතිශතයක් ලෙස 9.2% ක වර්ධනයකි.

කොළඹ වරාය බහලූ මෙහෙයුම් ඉතිහාසයේ සුවිශේෂි සන්ධිස්ථානයකට එළැඹෙමින් බහලූ මෙහෙයුම් මිලයන 6.2 සීමාව ඉක්මවීමට පසුගිය දෙසැම්බර් මස සමත් වූ අතර එය 2016 වසර හා සංසන්දනය කරන විට 8.3% ක වර්ධනයන් පෙන්නුම් කරයි.

ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ ජයබහලූ පර්යන්තයේ බහලූ මෙහෙයුම් ධාරිතාවයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන අතර, 2017 වර්ෂයේ ඔක්තොම්බර් මාසයේ සිට වර්ධනය වෙමින් පවතින මෙම බහලූ මෙහෙයුම් වර්ධනය පසුගිය ඔක්තොම්බර් මස සියයට 5.3% කින් ද, නොවැම්බර් මස 8.2% කින්ද, දෙසැම්බර් මස වන විට 13.9% ලෙස  කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරයි. මේ වන විට ජයබහලූ පර්යන්තයේ ඵලදායිතාව පෝෂක නැව් සඳහා (Feeder line) 3.2% කින් පෝෂිත නැව් (Main line) සඳහා 9.4% කින් ද කැපී පෙනෙන ලෙස වර්ධනය වී තිබේ.

ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සහ කොළඹ වරායේ මේ සා සුවිසල් ජයග‍්‍රහණයෙහිලා වත්මන් රජයේ වරාය හා නාවික ගරු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමාගේ විශිෂ්ට නායකත්වයත්, ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක‍්‍රම දිසානායක මහතාගේ නිසි මඟපෙන්වීම හා කළමනාකාරීත්වයත්, වරාය මෙහෙයුම් ක‍්‍රියාවලියට සම්බන්ධ සියලූම පාර්ශවයන්ගේ යහපත් දායකත්වය හා වෘත්තීය සමිති මෙන්ම සමස්ථ වරාය සේවක මහත්ම මහත්මීන් අතර පැවති සහ සම්බන්ධතාවය ඉතා ප‍්‍රශස්ත ලෙස වර්ධනය වී තිබීම ද තුළින් මෙවන් සංවර්ධනයක් කරා ලඟා වීමට හේතු වී තිබේ.

එමෙන්ම, මේ වන විට ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය මගින් තුන් අවුරුදු සංවර්ධන සැළැස්මක් සකස් කර ඇති අතර, ඒ මගින් ඉදිරි කාලය තුළදී සංවර්ධන කටයුතු වඩාත් වේගවත්ව ඉදිරියට ගෙන යාමටත්, ඒ තුළින් බහලූ මෙහෙයුම් තවදුරටත් ඉහළ නංවමින් කොළඹ වරාය ආසියාවේ කේන්ද්‍රීය වරායක් බවට පත්වනු ඇත.