දකුණේ අවතැන් වූ ජනතාවට උතුරෙන් සහනාධාර..

ගංවතුරෙන් හා නායයෑම් වලින් විපතට පත් දකුණේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් යාපනය දිස්ත්‍රික්කයේ ජනතාව එක්රැස් කරන ලද අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතා විසින් වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා වෙත භාරදුන් අතර එම අවස්ථාව උතුර හා දකුණේ ජනතාවගේ සහජීවනය හා සංහිඳියාව සංකේතවත් වන අවස්ථාවක් ලෙස සඳහන් කළ හැකිවේ. මෙම භාණ්ඩ කළුතර, රත්නපුර හා ගාල්ල දිස්ත්‍රික්ක වල අවතැන්වූවන් සඳහා ලබාදීමටද කටයුතු කෙරේ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතාද සහභාගී විය.