ශ්‍රී ලංකාව හා චීනය අතර අත්සන් තැබූ හම්බන්තොට වරාය ගිවිසුම සම්බන්ධයෙන් මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා දැනුවත් කිරීම සඳහා වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පසුගියදා මහනුවර සංචාරයක නිරත වූ අතර ඡායාරූපයේ දැක්වෙන්නේ අදාළ ගිවිසුමේ පිටපතක් අස්ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක වරකාගොඩ ශ්‍රී ඥානරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේට හා මල්වතු පාර්ශ්වයේ අතිපූජ්‍ය මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල ස්වාමීන්ද්‍රයන් වහන්සේට පිළිගැන්වූ මොහොතයි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක සහ උප සභාපති පී.ජී. දසනායක ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගී විය.