JCT, SAGT,CICT සහයෝගීත්වයෙන් ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සංවිධානය කළ කොළඹ වරාය සම්මාන රාත‍්‍රිය

ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සහයෝගීත්වයෙන් සහ කොළඹ වරායේ JCT, SAGT,CICT  පර්යන්ත එක්ව ප‍්‍රථම වරට සංවිධානය කරන ලද කොළඹ වරාය සම්මාන රාත‍්‍රිය පසුගියදා (2018.07.23) කොළඹ ශැංග‍්‍රිලා හෝටල් පරිශ‍්‍රයේ දී උත්කර්ශවත් ලෙස පැවැත්විණි.

වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූ මෙම සම්මාන රාත‍්‍රියේ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක‍්‍රම දිසානායක, SAGT පර්යන්තයේ ප‍්‍රධාන විධායක නිළධාරී රොමේෂ් ඬේවිඞ්, CICT පර්යන්තයේ ප‍්‍රධාන විධායක නිළධාරී ජැක් හන්ග් (Jack Huang) මහතා ඇතුළු අන්තර්ජාතික මට්ටමේ නාවික ක්ෂේත්‍රයේ ප‍්‍රමුඛයන් රැසක් සහ තිහකට අධික විදේශීය නැව් නියෝජිත පිරිසක් ද සහභාගී වීම විශේෂිත ය.

නිර්දේශිත ප‍්‍රධාන නෞකා සේවා 10ක් අතුරින් Mediterranean නැව් සමාගම කොළඹ වරායේ කැපී පෙනෙන ප‍්‍රධාන නෞකා මෙහෙයුම්කරු ලෙසින් මෙම සම්මාන රාත‍්‍රියේ දී සම්මානයට පාත‍්‍ර වි ය. පිළිවෙලින් දෙවන ස්ථානය Maersk Line හට ද, තෙවන ස්ථානය CIMA CGM, සිව්වැනි ස්ථානය Evergreen, පස්වැනි ස්ථානය Hapag-Lloyd යන නෞකා සේවාවන්ට හට හිමි වි ය. කොළඹ වරාය සම්මාන රාත‍්‍රියට සලකා බැලූ පෝෂක නැව් සේවාවන් හත (7)ක් අතුරින් විශිෂ්ටතම පෝෂක නැව් සේවා මෙහෙයුම්කරු ලෙසින් X-press Feeders සම්මානයට පාත‍්‍ර වි ය. දෙවන, තෙවන, සිව්වන හා පස්වන ස්ථාන පිළිවෙලින් Bengal Tiger Line, FAR Shipping, Transworld Feeders, FZCO, Orient Express Line කර ගන්නා ලදී. ප‍්‍රධාන පර්යන්ත ත‍්‍රිත්වයේ ම සමස්ථ බහලු මෙහෙයුම් ධාරිතාව මත පදනම් කර ගනිමින් මෙම සම්මාන ප‍්‍රදානය කිරීමේ නිර්ණායකයන් සකස් කරන ලදී.

 

කොළඹ වරාය සම්මාන රාත‍්‍රිය ඇමතූ වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා, පසුගිය කාලය තුළ කොළඹ වරාය ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණින් එහි ක‍්‍රියාත්මක ප‍්‍රධාන පර්යන්ත ත‍්‍රිත්වය වන JCT,SAGT සහ CICT යන පර්යයන්ත සමග සාමූහික ගිවිසුම් ගත වීමත් සමග කොළඹ වරායෙ බහලු  මෙහෙයුම් ප‍්‍රශස්ථ මට්ටමකට පැමැණීම අපිගේ ඉලක්ක සඵල වීමක් බැව් පැවසී ය. කොළඹ වරාය තුළ ක‍්‍රියාත්මක වන ප‍්‍රධාන පර්යන්ත ත‍්‍රිත්වය එක් කිරීම තුළින් කොළඹ වාරය ජාත්‍යන්තරයට ගෙන ගොස් ප‍්‍රචලිත කිරීමට අවකාශ හිමිවන බවත්, දකුණු ආසියාවේ විවෘත ආර්ථික ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කළ ප‍්‍රථම රට ශ‍්‍රී ලංකාව බවත්, ජාතික එකමුතුවේ රජයක් ලෙස අපගේ දැක්ම වන්නේ සෑම මිත‍්‍රශීලී රටක් සමග ම කටයුතු කිරීම බවත් පැවසී ය. තව ද අපගේ සමීපතම අසල්වැසි රටවල් අප හට ඉතාම සුවිශේෂී වේ. අපගේ සංවර්ධන කටයුතු කඩිනමින් කිරීමට මෙන් ම තිරසාර සංවර්ධනයක් ළඟා කර ගැනීම සඳහා මෙම හිතවාදී ජාතීන්ගෙන් ලැබෙන දායකත්ව අතිමහත් ය. තව ද කොළඹ වරාය සිය පාර්ශවකරුවන් ට අඛණ්ඩ ස්ථාවරත්වය සමග අත්වැල් බැඳගෙන සිටින බව ද අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා විසින් අවධාරණය කරන ලදී.

එමෙන් ම ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය විසින් කොළඹ වරාය නැගෙනහිර බහලු  පර්යන්තය කෙටි කලක දී ක‍්‍රියාත්මක කරනු ඇති බව ද පැවසී ය. වැඩි දුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා, නැගෙනහිර බහලු  පර්යන්තය සඳහා රාජ්‍ය පුද්ගලික හවුල්කාරීත්වයක් අපේක්‍ෂා නොකරන බවත්, මේ වන විට නැගෙනහිර බහලු  පර්යන්තයේ යටිතල පහසුකම් ගොඩනැගීම සඳහා ඇ.ඩො. මිලියන 100ක් පමණ ආයෝජනය කර ඇති බවත් පැවසී ය. කොළඹ වරායේ බටහිර බහලු  පර්යන්තයේ රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්ව පදනමක් මත ගොඩ නැගීමට කටයුතු කරන බවත්, කොළඹ උතුරු වරාය නිර්මාණය කිරීමට අවශ්‍ය ශක්‍යතා අධ්‍යයන කටයුතු ආරම්භ කර ඇති බවත් පැවසී ය.

 මෙම සම්මාන රාත‍්‍රිය ඇමතූ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක‍්‍රම දිසානායක මහතා අදහස් දක්වමින්,

මෙම ඓතිහාසික කොළඹ වරාය සම්මාන රාත‍්‍රිය ගරු අමාත්‍යතුමාගේ උපදෙස් මත මෑතක දී අත්සන් කරන ලද සාමූහික ගිවිසුමේ ප‍්‍රතිඵලයක් බවත්, මෙම ගිවිසුම තුළින් සහයෝගයෙන් කොළඹ වරායේ බහලු  මෙහෙයුම් ප‍්‍රශ්ස්ථ මට්ටමකට ගෙන ඒමට කටයුතු කරන බවත්, කොළඹ වරායේ වර්ධනය සහ ප‍්‍රගමනය පිළිබඳ පැවසීමේ දී අභියෝගාත්මක කාල වකවානු හමුවන බවත්, 2017 වර්ෂයේ පළමු භාගයට සාපේක්‍ෂව 2018 වර්ෂයේ කොළඹ වරායේ ප‍්‍රතිනැව්ගත බහලු  19.8% කින් වර්ධන වී ඇති බවත්, න්‍ක්‍ඔලී්ඨඔ සහ CICT යන පර්යන්ත සමග සාමූහික ගිවිසුම්ගත වීමත් සමග මේසා සුවිසල් ජයග‍්‍රහනයක් කරා ළඟාවීමට හැකි වූ බවත් පැවසී ය. වර්තමානයේ දී කොළඹ වරායේ ප‍්‍රධන නෞකා ජාල 22ක (Main Lines) පෝෂක නෞකා (Feeder Services) සේවා 08ක් ද නෞකා මෙහෙයුම් කටයුතු සිදු වේ. මෙම කොළඹ වරාය සම්මාන රාත‍්‍රියේ දී මෙම නෞකා සමාගම් හා ජාලයන්ගේ සේවාවන් තුළින් කොළඹ වරාය මෙහෙයුම් ධාරිතාව වර්ධනය වීම හා ඒ තුළින් ශ‍්‍රී ලංකාව වෙළඳ නාවික මධ්‍යස්ථානයක් ලෙසට පත් වීමට දක්වන දායකත්වය අගය කරමින් ප‍්‍රධාන නෞකා සේවා 10 සහ පොෂක සේවා කොළඹ වරාය වෙත ලබා දෙන දායකත්වය හඳුනා ගනිමින් ඇගැයීම මෙම සම්මාන රාත‍්‍රියේ දි සිදුවුණි.