“මතින් නිදහස් රටක් වෙනුවෙන් බක්මහ දිවුරුම” ජාතික වැඩසටහන අමාත්‍යංශයේදී

අතිගරු ජනාධිපතිතුමාගේ තිරසර සංකල්පය යටතේ ක්‍රියාවට නැංවෙන “මතින් නිදහස් රටක්” මත්ද්‍ර‍ව්‍ය නිවාරණ ජාතික වැඩසටහනට සමගාමීව වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ දී අද දින (03) මතින් නිදහස් රටක් වෙනුවෙන් බක්මහ දිවුරුම” ජාතික වැඩසටහන අමාත්‍යංශ ලේකම් අද්මිරාල් සිරිමෙවන් සරත්චන්ද්‍ර රණසිංහ (හිටපු නාවික හමුදාපති) මැතිතුමාගේ ප්‍ර‍ධානත්වයෙන් සිදු කෙරිණි. එම අවස්ථාවට වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාලන හා මුදල්) එච්.එම්.එල්.එස්.හේරත් මහත්මිය , අතිරේක ලේකම් (සංවර්ධන) කේ. එන්.  කුමාරි සෝමරත්න මෙනවිය  ඇතුළු අමාත්‍යාංශයේ සියළුම නිලධාරීන් සහභාගී විය.