වරායේ පැරණිම වෘත්තීය සමිති නියෝජිතයින් අමාත්‍ය මහින්ද සමරසිංහ හමුවේ

වරාය ජනසතු කිරීමට විශාල දායකත්වයක් ලබාදුන් 1945 වසරේ පිලිප් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් පිහිටුවනු ලැබූ වරායේ පැරණිම වෘත්තීය සමිතිය වන සමස්ත ලංකා හාබර් ඩොක් වෘත්තීය සමිතියේ නියෝජිත පිරිසක් පසුගියදා වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා හමුවී සේවක ගැටළු හා වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වය පිළිබඳ සාකච්ඡාවක නිරත විය.

ඡායාරූපයේ දැක්වෙන්නේ සමස්ත ලංකා හාබර් ඩොක් සමිතියේ වත්මන් සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා එම සාකච්ඡාවට සහභාගී වූ මොහොතයි. එම අවස්ථාවට අමාත්‍යංශයේ අතිරේක ලේක්ම් පී. සතරසිංහ, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති පරාක්‍ර‍ම දිසානායක, උප සභාපති පී. ජී. දසනායක හා හාබර් ඩොක් කම්කරු සමිතියේ ලේකම් ඩී.ඒ.ඩී.අජිත් ධම්මික  යන මහත්වරුන් ඇතුළු සාමාජික පිරිසක් ද සහභාගී විය.