ක‍්‍රීඩා හා ශාරීරික සුවතා ප‍්‍රවර්ධන ජාතික සතියට සමගාමීව ශ‍්‍රී  ලංකා වරාය අධිකාරියේ ද වැඩසටහන්

අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි ක‍්‍රීඩා අමාත්‍යාංශය මගින් සංවිධානය කරනු ලබන ක්‍රීඩා හා ශාරීරික සුවතා ප‍්‍රවර්ධන ජාතික සතිය ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේත් අර්ථ පූර්වකව ක‍්‍රියාවට නැංවීම ඇරඹුනි.

සමාරම්භක දිනයේ දී (2017.02.06) කී‍්‍රඩා හා ශරීර සුවතා ප‍්‍රවර්ධන රාජ්‍ය සංස්ථා හා නිලධරයන්ගේ දිනය සනිටුහන් කරමින් ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කාර්යාලය අසලදී නිලධාරින් ඇතුළු සේවක මහත්ම මහත්මීන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ශරීර සුවතා වැඩසටහනක් පැවැත්වීය.

මෙම අවස්ථාවට ගරු වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පණිවුඩයක් එවමින් “ රටට කීර්තියක් අත්කර දුන් ක‍්‍රීඩකයකු ලෙස ද,  විෂය භාර අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමන්ගේ සංකල්පයක් ලෙස ක‍්‍රියාත්මක මෙම වැඩසටහන අගය කරන බවත්, සෞඛ්‍ය සම්පන්න කායික හා මානසික සමබරතාවයකින් යුත් නිරෝගී හා ප‍්‍රීතිමත් ජීවිතයක් වෙනුවෙන් ශරීර සුවතාවයේ ඇති වැදගත්කම ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සේවක මහත්ම මහත්මීන්ගේ සුවතාවට හේතුවනු ඇති බවද දැක්වී ය.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා වරාය අධීකාරියේ සභාපති ධම්මික රණතුංග මැතිතුමා ප්‍රකාශ කළේ නිරෝගීමත් රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවක  පිරි සක් බිහිකර ගැනීමේ අතිගරු ජනාධිපතිතුමාගේ වැඩ පිළිවෙළ අපි ඉතා අගය කරන අතර, ඒ තුළින් වරාය සේවක ප්‍ර‍ජාව වෙත ලැබෙන මානසික හා ශාරීරික සුව පහසුව ආයතනික ඵලදායීතාවයට ඍජුව බලපානු ඇති බවත්, එමගින් ආයතනික කාර්යක්ෂමතාව ඉහළ නංවාගත හැකි බවත්ය.

මෙම අවස්ථාවට ර්‍ශී ලංකා වරාය අධීකාරියේ කලමනාකාර අධ්‍යක්ෂ එච්.ඩී.ඒ.එස්.ප්‍රේමචන්ද්‍ර‍ ,විධායක අධ්‍යක්ෂ සංජීව විජේරත්න, අතිරේක කලමනාකාර අධ්‍යක්ෂ ජානක කුලකුලසූරිය යන මහත්වරුන් ඇතුළු අධ්‍යක්ෂවරුන් කොට්ඨාෂ ප්‍රධානීන්, විධායක නිලධාරීන් හා සේවක මහත්ම මහත්මීන් ඇතුළු  විශාල පිරිසක් සහභාගී වූහ.