අමාත්‍ය සාගල රත්නායක ගාල්ල වරාය නිරීක්ෂණ චාරිකාවක ; සංචාරක වරායක් ලෙස දියුණු කරන්න නිළධාරීන්ට උපදෙස්.

වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා පසුගියදා (12) ගාල්ල වරාය නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ගාල්ල වරාය ආශ්‍රිතව ඉදිරියේදී සංචාරක වරායක් ලෙස වැඩි දියුණු කිරීමට අවශ්‍ය වන වරාය පහසුකම් වැඩි දියුණු කිරිම හා වරායේ ඉදිකිරීම් ක්‍ර‍මවත් කිරිමට අවශ්‍ය උප⁣දෙස් ලබා දුනි. ගාල්ල වරාය, සංචාරක වරායක් ලෙස දියුණු කිරීම සම්බන්ධයෙන් නිළධාරීන් සමග සාකච්ඡා කරන ලදි. “සංචාරකයන් වැඩි අවධානයක් දිනා ගෙන ඇති ගාල්ල පුරවරය කේන්ද්‍ර‍කර ගෙන මෙම වරාය දියුණු කිරීම තුලින් රටේ ආර්ථිකයට විශාල ශක්තියක් ඇති කිරීමට සහ ලාභ ලබන වරායක් බවට පත්කිරීමේ හැකියාවද ඇති බවයි”. 

මෙහිදී අමාත්‍යවරයා නිළධාරීන්ට පෙන්වා දුන්නේ “වසර දෙසීයකට වඩා ඉතිහාසයක් ඇති මේ වරායේ අලංකාරයට කිසිදු හානියක් නොවන සේ සංවර්ධන කටයුතු සිදුවිය යුතු බවයි”.  තවද  වරාය සේවකයන් හමුවී අදහස් හුවමාරු කර ගැනීමද සිදු කරන ලදි.

මෙම නිරික්ෂණ චාරිකාව සඳහා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි ,එක්සත් ජාතික පක්ෂයේ හබරාදුව ආසනයේ ප්‍රධාන සංවිධායක නිතිඥ තාරක නානායක්කාර යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය, වරාය අධිකාරියේ නිළධාරීන් සහ සේවක මහත්ම මහත්මීන් රැසක් සහභාගි විය.