ශ්‍රී ලංකාව හා දකුණු කොරියාව අතර නාවික ක්ෂේත්‍ර‍ සඳහා වන අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබේ

කොරියානු ජනරජයේ ආරාධනයකට අනුව කොරියාවේ Inchon නගරයේ පැවති නාවික කටයුතු සහ ප්‍ර‍දීපාගාර අධිකාරීන් සඳහා වන ජාත්‍යන්තර සංගමයේ 19 වන සැසිවාරයට සහභාගීවීම සඳහා වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා දකුණු කොරියාවේ සංචාරයක යෙදිණ.

සංචාරය අතරතුරදී දෙරට අතර අන්‍යොන්‍ය සහයෝගීතාවය වර්ධනය  කරගනිමින් නාවික ක්ෂේත්‍ර‍ හා සම්බන්ධ මානව සම්පත් සුරක්ෂිතතාව, කාර්යක්ෂම සමුද්‍රීය ප්‍ර‍වාහනය, සමුද්‍රීය දේපළ, සමුද්‍රීය අනතුරු වළක්වාගැනීම හා තිරසාර පෘථිවියක් සදහා වන ප්‍ර‍තිපත්තීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට ද කටයුතු කළේය.

ඡායාරූපයේ දැක්වෙන්නේ අමාත්‍ය මහින්ද සමරසිංහ හා දකුණු කොරියානු ජනරජයේ සාගර හා ධීවර කටයුතු අමාත්‍ය Kim Young Choon මහත්වරුන් අදාළ ගිවිසුම අත්සන් කළ මොහොතයි.

එම අවස්ථාවට ශ්‍රී ලාකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍ර‍ම දිසානායක, දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති මනුෂ ගුණසේකර යන මහත්වරුන් ද සහභාගී විය.