නාවික ක්ෂේත්‍රයේ විද්වත් හමුවක්

සීඝ්‍රයෙන් වර්ධනය වන ශ්‍රී ලාංකේය නාවික ක්ෂේත්‍රයේ ඉදිරි දර්ශනය සහ සැලසුම් පිළිබඳ දැනුම හුවමාරු කර ගැනීමේ අරමුණින් Chartered Institute of Logistic and Transport (CILT) ආයතනය විසින් සංවිධානය කරන ලද ‘Changing Tides’ වැඩසටහන පසුගියදා කොළඹ Kingsbury හෝටල් පරිශ්‍රයේ පැවැත්විය.

ඡායාරූපයේ දැක්වෙන්නේ වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා එම මොහොතට සහභාගී වූ ආකාරයයි. 

මෙම අවස්ථාවට වරාය අධිකාරියේ­­ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක, CASA ආයතනයේ සභාපති අජිත් පීරිස්, Simatech Agency Lanka සමාගමේ කළමණාකරන අධ්‍යක්ෂක  සාලිය සේනානායක, රුවන් විද්‍යාරත්න, රුමේෂ් ෂර්ලි යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.