ඇමති අර්ජුනට ඉන්දියාවෙන් ගෞරව සම්මානයක්....

හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතාට ඉන්දියාවෙන් ගෞරව උපහාර පුද කිරීමට සූදානම් වේ. ඒ 1996 ලෝක ක්‍රිකට් කුසලානය ශ්‍රී ලංකාවට දිනා දීමට ලබා දුන් නායකත්වය සහ ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවාව ඇගයීම සඳහායි. ඒ අනුව ලබන ඉරිදා (30) සවස 06.00ට එම උපහාර පිදීමේ උත්සවය ඉන්දියාවේ රජිව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව ඉන්දියාවේ හයිද්‍රාබාද් ක්‍රිකට් සංගමය නිවේදනය කරයි. ඒ හයිද්‍රාබාද් ක්‍රිකට් සංගමයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. විවේකානන්ද් මහතාගේ ආරාධනාවෙනි.