වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා වරාය නිරීක්ෂණ චාරිකාවක

කොළඹ වරායේ සංවර්ධන කටයුතු අධීක්ෂණය කිරීම සහ සේවක ගැටළු අධ්‍යනය කිරීම‍ සඳහා අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මැතිතුමා අද (11) දින කොළඹ වරාය නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී එතුමා ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ජයබහළු පර්යන්තය, වැඩබිම්, මධ්‍යම මුළුතැන්ගෙය, වරාය ගිනි නිවන ඒකකය, ගුදම 1(CFS 1), වරාය පොලිසිය, මගී පර්යන්තය යනාදී ස්ථාන රැසක් නිරීක්ෂණය කළේය.

එම අවස්ථාවට කළමණාකාර අධ්‍යක්ෂක අතුල හේවාවිතාරණ, මෙහෙයුම් අධ්‍යක්ෂක ජයන්ත පෙරේරා ඇතුළු විධායක ශ්‍රේණියේ නිලධාරීන් සහ සේවක මහත්ම මහත්මීන් රාශියක් සහභාගී විය.