අමාත්‍ය මහින්ද සමරසිංහ වරාය භෝජනාගාර පරීක්ෂාවට ලක් කරයි

වරාය සේවකයින්ගෙන් ලැබුණු පැමිණිල්ලකට ප්‍ර‍තිචාර දක්වමින් ක්ෂණිකව ක්‍රියාත්මක වූ වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද දින (21) වරාය පරිශ්‍රයේ ඇති සියලුම භෝජනාගාර පරීක්ෂාවට ලක් කළේය.

ඒ අනුව අද දහවල් ආහාරවේල නිරීක්ෂණය කළ අමාත්‍යවරයා එහි අඩුපාඩු සේවකයන් සමග සාකච්ඡා කොට වහාම නිසි ප්‍ර‍මිතියෙන් යුත් ආහාර ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු කරන ලෙස නිලධාරීන්ට නියෝග ලබාදුන්නේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍ර‍ම දිසානායක මහතා ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී විය.