හම්බන්තොට වරාය ව්‍යාපෘතිය 2017 දෙසැම්බර් 09 වන දින සිට ක‍්‍රියාත්මක වේ.

ශ‍්‍රී ලංකා රජය සමග එක්ව ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය හා චයිනා මර්චන්ට් පෝට් හෝල්ංඩිංග්ස් (CMPH) සමාගම සමග පසුගිය ජූලි 29 වන දින අත්සන් කෙරුණු හම්බන්තොට සහන ගිවිසුම 2017 දෙසැම්බර් 09 වන දින සිට නිල වශයෙන්  ක‍්‍රියාත්මක කෙරේ. රාජ්‍ය හා පෞද්ගලික සහයෝගීතාවක් (PPP) ලෙස ක‍්‍රියාත්මක වන මෙම ගිවිසුම ප‍්‍රකාරව හම්බන්තොට වරාය සංවර්ධනය කිරීම හා මෙහෙයුම් කටයුතු සිදු කිරීම ඉදිරියේ දී සිදු කෙරෙනු ඇත.

මෙම කටයුතු සඳහා ඉහත සහන ගිවිසුම යටතේ සමාගම් දෙකක් පිහිටුවා ඇත. ඒ අනුව, HIPG හෙවත් හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (Hambantota International Port Group) හා HIPS හෙවත් හම්බන්තොට ජාත්‍යන්තර වරාය සේවා පුද්ගලික සමාගම (Hambantota International Port Services Co. (Pvt) Ltd) යන සමාගම් දෙක මගින් හම්බන්තොට වරායෙහි ඉදිරි සංවර්ධන හා මෙහෙයුම් කටයුතු සිදු කිරීමට නියමිතය. ඒ අනුව, මෙම සහන ගිවිසුම ක‍්‍රියාත්මක වීමත් සමග චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ස් සමාගම (CMPH) විසින් ශ‍්‍රී ලංකා රජයට ලබා දිය යුතු ආයෝජන වටිනාකමෙන් 30% ක මුදලක් ලබා දීම ද සිදුවේ. HIPG හෙවත් හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය  ශ‍්‍රී ලංකාවේ විශාලතම බහුකාර්ය වරාය මෙහෙයවන්නා බවට පත් වේ. ඒ අනුව, සිදුවන වේගවත් සංවර්ධනය සමග දැනට ශ‍්‍රී ලංකාව පත්ව ඇති භාණ්ඩ ප‍්‍රතිනැව්ගත කිරීමේ කේන්ද්‍රීය වරාය තත්ත්වය (Transhipment hub) අභිබවා අන්තර් ජාතික වෙළෙදාමේ ජාත්‍යන්තර සේවා සැපයුම් දාමයේ කේන්ද‍්‍රීය මධ්‍යස්ථානයක් (Logistics hub) ලෙසට පත් වනු ඇත.

CMPH හෙවත් චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ස් සමාගම ශ‍්‍රී ලංකාවේ දී සිය ආයෝජනයන් රාජ්‍ය - පුද්ගලික සහයෝගිතා ගිවිසුමක් (PPP) ලෙස ක‍්‍රියාත්මක වන දෙවන අවස්ථාව මෙයයි. එහි පළමු ගිවිසුම යටතේ ඔවුන් ආයෝජනය කරනුයේ කොළඹ වරායේ දකුණු ව්‍යාපෘතියේ CICT පර්යන්තය ඉදිකිරීම වෙනුවෙනි.   එය ඒ වන විට පුද්ගලික අංශ මගින් ආයෝජනය කරන ලද විශාලත ම ආයා්ජනය වි ය. එහි ඉලක්ක ගත කාලසීමාවට වඩා මාස 32 කට පෙරාතුව ව්‍යාපෘතිය නිම කිරීමට හැකි වී තිබුණි. CICT පර්යන්තය මේ වන විට වසර පහක් තුලදී බහළු මිලියන 02 ක් මෙහෙයවා ඇත. මෙම ව්‍යාපෘතිය ද චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ස් සමාගම (CMPH) හා ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය (SLPA) අතර සහයෝගීතාවක් ලෙස ක‍්‍රියාත්මක විණි.

ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සතු ක්‍ෂේත‍්‍රගත වෘත්තිමය නිපුණතාව හා ස්ථීරසාර  දැක්ම හේතුවෙන් ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට හා චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ස් සමාගමට (CMPH) සහයෝගීව සුවිශාල ආයෝජනයක් රැුගෙන ඒමට හැකියාව උදා වී තිබේ. එය පුද්ගලික සමාගමක් විසින් පසුගිය කාලයේ දී සිදු කළ සියළු ආයෝජනයන්ට වඩා වැඩි ආයෝජනයකි.

කොළඹ වරාය බහලූ ප‍්‍රතිනැව්ගත  මධ්‍යස්ථානයක් (Regional Container Transshipment hub) ලෙස කලාපයේ පත්වන අතර, අද දින සිදුවන මෙම HIPG හෙවත් හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ එක්වීම මගින්  ඉදිරියේ දී ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර සේවා සැපයුම් කේන්ද්‍රයක් (Regional logistics hub) ලෙස පත්වනු ඇත. ඉදිරියේ දී ශ‍්‍රී ලංකාව අන්තර් ජාතික වාණිජ සේවා සැපයුම් දාමයේ ප‍්‍රධානතම සේවා සැපයුම් තීරකයෙකු (Logistic Solution Provider)බවට ද පත් වනු ඇත.