මුල් පිටූව
ක්ෂණික සබැඳීන්
සංවිධාන ව්‍යුහය
අපගේ අංශ
ප්‍රකාශන
ප්‍රසම්පාදන
අමාත්‍ය කාර්යාලය
ලේකම් කාර්යාලය
නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලය
ක්‍රියාත්මක ආයතන
Mahapola Ports & Maritime Academy
වෙළඳ ලේකම් නාවික කාර්යාලය
ශ්‍රී ලංකා නැව් සංස්ථාව
ශ්‍රී ලංකා වරාය අධිකාරිය
අප ගැන
පුවත් කුටිය
විමසීම්
බාගත කිරීම්
Breaking News
වරාය පරිශ්‍රයේ කාණු පද්ධතිය අවහිර වන සියලු අවිධිමත් ඉදිකිරීම් වහාම නවතා දමන්න - ඇමති ජොන්ස්ටන්
නිකසල වරායක් ඇතිකිරීමට ඇමති ජොන්ස්ටන් පෙරමුණ ගනී
වරායට පාඩු කළ ස්කෑන් යන්ත්‍ර ගැන ජොන්ස්ටන් සොයාගනී.
සංවර්ධන පුවත්
අබලි ද්‍රව්‍ය ඉවත්කොට කොළඹ වරාය ඉතා පිරිසිදුතැනක් බවට පත් කරන්න
සංවර්ධන පුවත් / 2019-December-05
ශ්‍රී ලංකාවේ වටිනාම ආර්ථික මධ්‍යස්ථානයක් වන කොළඹ වරාය ඉතා පිරිසිදු තැනක් බවට පත්කළ යුතුයැයි වරාය, නාවික කටයුතු, මාර්ග සහ මහාමාර්ග ස
වැඩිදුර
වරාය ඇමති කොළඹවරායේ නිරීක්ෂණ චාරිකාවක
සංවර්ධන පුවත් / 2019-December-05
වරාය හා නාවික කටයුතු , මාර්ග හා මහාමාර්ග සංවර්ධන ගරු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඊයේ (28) කොළඹ වරායේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූය
වැඩිදුර
කොළඹ වරායේ නැගෙනහිර බහලු පර්යන්තයේ සංවර්ධනය හා කාර්යයන් කඩිනමින්
සංවර්ධන පුවත් / 2019-December-05
කොළඹ වරායේ නැගෙනහිර බහලු පර්යන්තයේ කාර්යයන් ආරම්භ කිරීම සඳහා ඇතිව තිබෙන ප්‍රමාදයන් පිළිබඳව සහ කඩිනමින් වැඩ ආරම්භ කිරීම සඳහා ගත හැ
වැඩිදුර
පුවත්
වරාය පරිශ්‍රයේ කාණු පද්ධතිය අවහිර වන සියලු අවිධිමත් ඉදිකිරීම් වහාම නවතා දමන්න - ඇමති ජොන්ස්ටන්
වරාය පරිශ්‍රයේ කාණු පද්ධතිය අවහිර වන පරිදි විධිමත් නොවන අයුරින් ක්‍රියාත්මක වන සියලු ඉදිකිරීම් වහාම නවතා දමන ලෙස ගරු වරාය හා නාවික කටයුතු සහ මාර්ග හා මහාමාර්ග සංවර්ධන ගරු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමා පවසයි...
වැඩිදුර පුවත් >>
නිකසල වරායක් ඇතිකිරීමට ඇමති ජොන්ස්ටන් පෙරමුණ ගනී
වරාය සම්පූර්ණයෙන් ම කසලවලින් තොර කලාපයක් බවට පත් කරන්නේයැයි වරාය නාවික කටයුතු , මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි...
වැඩිදුර පුවත් >>
වරායට පාඩු කළ ස්කෑන් යන්ත්‍ර ගැන ජොන්ස්ටන් සොයාගනී.
කොළඹ වරායේ පරිලෝකන පරිශ්‍රයේ(scanning) ඇතිවූ අධික තදබදය පිළිබඳව සොයාබැලීමට වරාය නාවික කටයුතු , මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා රේගු අංගනයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක් සිදුකළේය...
වැඩිදුර පුවත් >>
ත්‍රිකුණාමලය වරායට නව කර්මාන්ත ආකර්ෂණය කරගැනීමට වැඩපිළිවෙළක් ඇරඹිය යුතුයි
ත්‍රිකුණාමලය වරායට නව කර්මාන්ත ආකර්ෂණය කරගැනීම සදහා වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතු බව වරාය නාවික කටයුතු , මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය...
වැඩිදුර පුවත් >>
ගාලුමුවදොර සිදුවන අක්‍රමිකතා සහ අඩුපාඩුකම් සොයාබැලීමට නිරීක්ෂණ කණ්ඩායමක්
කොළඹ ගාලුමුවදොර පිටියෙහි සිදුවන අක්‍රමිකතා හා අඩුපාඩුකම් සොයාබැලීම සඳහා නිරීක්ෂණ කණ්ඩායමක් පැය 24 පුරා යෙදවීමට කටයුතු කරන්නැයි වරාය හා නාවික කටයුතු, මාර්ග හා මහා මාර්ග සංවර්ධන ගරු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බලධාරීන්ට...
වැඩිදුර පුවත් >>
අබලි ද්‍රව්‍ය ඉවත්කොට කොළඹ වරාය ඉතා පිරිසිදුතැනක් බවට පත් කරන්න
ශ්‍රී ලංකාවේ වටිනාම ආර්ථික මධ්‍යස්ථානයක් වන කොළඹ වරාය ඉතා පිරිසිදු තැනක් බවට පත්කළ යුතුයැයි වරාය, නාවික කටයුතු, මාර්ග සහ මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පසුගියදා (28) ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන්ට නියෝග කළේය...
වැඩිදුර පුවත් >>
වරාය ඇමති කොළඹවරායේ නිරීක්ෂණ චාරිකාවක
වරාය හා නාවික කටයුතු , මාර්ග හා මහාමාර්ග සංවර්ධන ගරු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඊයේ (28) කොළඹ වරායේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූයේ ය...
වැඩිදුර පුවත් >>
වරාය අධිකාරිය වෙත විශාල නෞකාසමාගම් ආකර්ෂණය කරගැනීමට නැගෙනහිර බහලු පර්යන්තය කඩිනමින්සංවර්ධනය කළ යුතුයි
නිශ්චිත ක්‍රමවේදයකින් තොරව මෙතෙක් ක්‍රියාත්මක වූ නැගෙනහිර බහලු පර්යන්තයෙහි ඉදිරි සංවර්ධන කටයුතු කඩිනමින් සිදු කොට ඒ සඳහා විශාල නෞකා සමාගම් ආකර්ෂණය කරගැනීමට කටයුතු කිරීම වැදගත් වන බව මාර්ග, මහාමාර්ග සහ වරාය හා නාවික කටයුතු ගරු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමා පවසයි...
වැඩිදුර පුවත් >>
කොළඹ වරායේ නැගෙනහිර බහලු පර්යන්තයේ සංවර්ධනය හා කාර්යයන් කඩිනමින්
කොළඹ වරායේ නැගෙනහිර බහලු පර්යන්තයේ කාර්යයන් ආරම්භ කිරීම සඳහා ඇතිව තිබෙන ප්‍රමාදයන් පිළිබඳව සහ කඩිනමින් වැඩ ආරම්භ කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ගයන් පිළබඳව වාර්තාවක් වහාම සකස් කර තමා වෙත ලබාදෙන ලෙසට වරාය හා නාවික කටයුතු,
වැඩිදුර පුවත් >>
වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්තුමා වැඩ අරඹයි
වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නෙ මහතා වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශ ලේකම් ධූරයේ වැඩ ආරම්භ කිරීම අද (28) උදෑසන වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේදී අභිනවයෙන් සිදු කෙරිණ.
වැඩිදුර පුවත් >>
වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා වරාය නිරීක්ෂණ චාරිකාවක
කොළඹ වරායේ සංවර්ධන කටයුතු අධීක්ෂණය කිරීම සහ සේවක ගැටළු අධ්‍යනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මැතිතුමා අද (11) දින....
වැඩිදුර පුවත් >>
රට පුරා මත්ද්‍රව්‍ය වැටලීම්වලට සමගාමීව වරාය ආරක්ෂාව තර කරන ලෙස ඇමති සාගලගෙන් උපදෙස්
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සිදුවන මත්ද්‍රව්‍ය වැටලීම් වලට සමගාමීව කොළඹ වරාය සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව තර කරන ලෙස වරාය, නාවික සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියට උපදෙස් ලබා දී තිබේ....
වැඩිදුර පුවත් >>
දින 51 රජයේ වරාය ගාස්තු සංශෝධනය ඇමති සාගල ආපසු හරවයි: ඉදිරි ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමට කමිටුවක්
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවාවන්ගේ සහ සීමාසහිත ජයබහලු පර්යන්ත සමාගමේ ගාස්තු සංශෝධනය කිරීමට හිටපු වරාය සහ නාවික කටයුතු අමාත්‍යවරයා විසින් ගන්නා ලද තීරණය ක්‍රියාත්මක කිරීම මාර්තු 15 වැනිදා දක්වා කල් දැමීමට වරාය, නාවික සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පියවර ගෙන තිබේ.
වැඩිදුර පුවත් >>
වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්ලා මහරුෆ් මැතිතුමා සුභ මොහොතින් වැඩ අරඹයි
වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්ලා මහරුෆ් මැතිතුමා සිය ධුරයේ වැඩ ඇරඹීම අද (14) නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේ දී සුභ මොහොතින් සිදුකෙරිණ...
වැඩිදුර පුවත් >>
කාවන් රත්නායක මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධූරයට
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙස කාවන් රත්නායක මහතා අද දිනයේ (2019.01.17) වැඩ ආරම්භ කරන ලදී. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කාර්යාල පරිශ්‍රයේ දී ආගමික වතාවත්වලට මුල්තැන් දෙමින් එම ආශිර්වාද මධ්‍යයේ නව සභාපති වරයා විසින් සිය රාජකාරි ආරම්භ කෙරිණි...
වැඩිදුර පුවත් >>
මිරිස්ස ප්‍රදේශයේ තල්මසුන් නැරඹීමේ ව්‍යාපාරයේ පවතින ගැටළු විසඳීමට ගරු සාගල රත්නායක මැතිතුමා පෙරමුණ ගනී.
තල්මසුන් නැරඹීමට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයින් ප්‍රවාහනය කරනු ලබන බෝට්ටු සේවාවන්හි පවතින දුර්වලතා හඳුනාගනිමින් එම බෝට්ටු සේවා සපයන්නන් නිශ්චිත නියාමන ක්‍රමවේදයකට යටත් කිරීමේ අරමුණින් විශේෂ සාකච්ඡාවක්.....
වැඩිදුර පුවත් >>
‘‘අරමුණ කරා යන ගමනේ දී තිර අදිටනින් උපරිම කැපවීමෙන් හා අවංක භාවයෙන් කටයුතු කිරීම සෑම සේවක මහත්ම මහත්මියකගේ වගකීමක්’’ සාගල රත්නායක - වරාය හා දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය
ශ්‍රී ලංකා වරාය අධිකාරිය 2019 වර්ෂය සඳහා වැඩ ඇරඹීම ආගමික කටයුතු වලට මුල්තැන දෙමින් පැවැත්විණි. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සම්බුද්ධ ජයන්ති චෛත්‍ය පරිශ්‍රයේ දී, රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව කියවා රජය ගෙන යන වැඩ පිළිවෙළට දිවුරුම් දෙමින් ඇරඹි මෙම උත්සව අවස්ථාවේ සභාව ඇමතු වරාය හා නාවික දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මහතා....
වැඩිදුර පුවත් >>
කොළඹ වරාය බහලු ඒකක මිලියන 07 ක් මෙහෙයවයි.
කොළඹ වරාය ඓතිහාසික වාර්තාගත සටහනක් කරමින් අද දින (2018-12-31) බහලු ඒකක මිලියන 07 ක් මෙහෙයවීමේ කඩඉම පසු කළේය. 1973 වර්ෂයේ දී පළමු බහලුව මෙහෙයවූ කොළඹ වරාය එදා මෙදාතුර මෙවන් සුවිශේෂී සංදිස්ථානයකට පැමිණීම වාර්තාගත ජයග්‍රහණයකි....
වැඩිදුර පුවත් >>
වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා වරාය නිරීක්ෂණ චාරිකාවක.
අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මැතිතුමා අද (28) දින කොළඹ වරාය නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී එතුමා ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත්......
වැඩිදුර පුවත් >>
වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා අභිනවයෙන් වැඩ අරඹයි.
වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා අද දින (21) සිය අමාත්‍යංශයේ වැඩ කටයුතු අභිනවයෙන් ආරම්භ කළේය. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් රැසක් අමාත්‍යධුර දැරූ මෙම අමාත්‍යංශය ශ්‍රී ලාංකේය ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන ආයතනයක් බවයි...
වැඩිදුර පුවත් >>
MV. MEIN SCHIFF 3 අධි සුඛෝපභෝගී නොෟකාව කොළඹ වරායට පැමිණෙයි
MV. MEIN SCHIFF 3 (මෙයින් ෂිෆ් -3) අධි සුඛෝපභෝගී මගී නෞකාව 2018 නොවැම්බර් 26 වැනි දින කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙත සේන්දු වි ය. මගීන් 2,430ක් හා 995 ක කාර්ය මණ්ඩලයක් සමගින් කොළඹ වරාය වෙත සිදුකරන ලද ප්‍රථම ආගමනයයි...
වැඩිදුර පුවත් >>
අමාත්‍ය මහින්ද සමරසිංහ වරාය භෝජනාගාර පරීක්ෂාවට ලක් කරයි
වරාය සේවකයින්ගෙන් ලැබුණු පැමිණිල්ලකට ප්‍රතිචාර දක්වමින් ක්ෂණිකව ක්‍රියාත්මක වූ වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද දින (21) වරාය පරිශ්‍රයේ ඇති සියලුම භෝජනාගාර පරීක්ෂාවට ලක් කළේය.
වැඩිදුර පුවත් >>
මහින්ද සමරසිංහ මැතිතුමා සිය අමාත්‍යංශයේ වැඩ බාරගත් මොහොත
නව රජයේ වරාය හා නාවික අමාත්‍යවරයා ලෙස නැවත පත්වීම් ලද මහින්ද සමරසිංහ මැතිතුමා සිය අමාත්‍යංශයේ වැඩ බාරගත් මොහොත.
වැඩිදුර පුවත් >>
ඔළුවිල් වරාය නැවත ක්‍රියාත්මක කිරීම සඳහා කෙටිකාලීන හා දිගුකාලීන වැඩපිළිවෙළක් ඇරඹේ
ඔළුවිල් වරාය සම්බන්ධයෙන් වන කෙටිකාලීන හා දිගුකාලීන වැඩපිළිවෙළක් සඳහා සාකච්ඡාව වරාය හා නාවික ගරු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුදින (03) පැවැත්විය.
වැඩිදුර පුවත් >>
2018 පළමු අර්ධයේ කොළඹ වරාය ලෝකයේ වර්ධන අනුපාතය අතරින් ප්‍රථමයා වෙයි.
Alphaliner වාර්තා වලට අනුව කොළඹ වරාය 2018 පළමු අර්ධය තුල ලෝකයේ ප්‍රධාන බහලූ මෙහෙයුම් වරායයන් 30 අතර පළමු ස්ථානයට පත් ව තිබේ. 2018 පළමු අර්ධයේ බහලූ මෙහෙයුම් 15.6% ක වර්ධනයක් පෙන්නුම් කරයි. එය පසුගිය වසරට සාපේක්ෂව ගත් කළ සුවිශේෂි වර්ධන තත්ත්වයකි. මෙය කොළඹ වරාය ලැබු සුවිශේෂි ජයග්‍රහණය වන්නේ ප්‍රධාන යුරෝපියානු වරායයන්, ඩුබායි හා ආසියානු වරායයන් ද අතරින් මෙම විශිෂ්ඨත්වයට පත්වීමට හැකිවීම තුළි
වැඩිදුර පුවත් >>
වරාය කේෂත්රයේ ප්‍රවර්ධනය සඳහා ඩෙන්මාර්කයේ අධාර ලබා ගැනීමේ වැඩපිළිවෙලක්
ශ්‍රී ලංකාවේ වරාය කේෂත්රයේ ප්‍රවර්ධනය සඳහා මූල්‍ය හා තාක්ෂණික ආධාර ලබාගැනීමේ අරමුණින් පසුගියදා ඩෙන්මාර්කයේ සංචාරයක යෙදුණ වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා MAERSK LINE ජාලයේ ප්‍රධාන ...
වැඩිදුර පුවත් >>
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 39 වැනි සංවත්සරය සමරමින් හරිත වරායක් නිර්මාණය කිරීමේ පළමු අදියර අද ආරම්භ කෙරුණා.
වරාය හා නාවික කටයුතු ගරු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමාගේ උපදේශකත්වයෙන්, වරාය හා නාවික ගරු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වරාය පරිශ්‍රයේ පැළ රෝපණය ආරම්භ කළ අයුරු.
වැඩිදුර පුවත් >>
ශ්‍රී ලංකා නැව් ඒජන්තවරුන්ගේ සංගමයේ (CASA) 52 වන වාර්ෂික මහා සම්මේලනය
ශ්‍රී ලංකා නැව් ඒජන්තවරුන්ගේ සංගමයේ (CASA) වාර්ෂික මහා සම්මේලනය වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින(25) පැවැත්විය.
වැඩිදුර පුවත් >>
JCT, SAGT,CICT සහයෝගීත්වයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සංවිධානය කළ කොළඹ වරාය සම්මාන රාත්‍රිය
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සහයෝගීත්වයෙන් සහ කොළඹ වරායේ JCT, SAGT,CICT පර්යන්ත එක්ව ප්‍රථම වරට සංවිධානය කරන ලද කොළඹ වරාය සම්මාන රාත්‍රිය පසුගියදා (2018.07.23) කොළඹ ශැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේ දී උත්කර්ශවත් ලෙස පැවැත්විණි.
වැඩිදුර පුවත් >>
ඔළුවිල් වරාය නැවත සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ඇරඹේ
මීට වසර ගණනාවකට පෙර ගොඩනගන ලද ඔළුවිල් වරාය වෙරළ ඛාදනය හේතු කොටගෙන ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයක් උද්ගත වූයෙන් අතහැරදමන ලද ඔළුවිල් වරාය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඩෙන්මාර්ක් රජයේ DANIDA ආයතනයේ සහන ණය ක්‍රමයක් යටතේ වෙරළ සංර්ක්ෂණ කටයුතු සිදු කිරීමටත්
වැඩිදුර පුවත් >>
හම්බන්තොට වරායේ අවසන් ආයෝජන මුදල ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත ලබා දෙයි
හම්බන්තොට වරාය ආයෝජනයේ අවසන් අදියර සඳහා වූ ආයෝජන වටිනාකම චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩිංග්ස් (CM Port )සමාගම විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත ලබාදෙන ලදී. හම්බන්තොට වරාය සඳහා වූ මෙම ආයෝජනය ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ලැබු වැඩිම ඒකීය සෘජු ආයෝජන මුදල ලෙසින් සැළකේ. හම්බන්තොට වරායේ පළමු ආයෝජන කොටසේ අවසන් වාරිකය වන එය ඇ.ඩො. මිලියන 584.19 කි.
වැඩිදුර පුවත් >>
කොළඹ වරාය මහජනතාවට විවෘත කෙරේ
පසුගිය යුද සමයේ ආරක්ෂක හේතූන් මත කොළඹ වරාය අධි ආරක්ෂිත කලාපයක් ලෙස පවත්වාගෙන ගියත් දැනට රටේ පවතින සාමකාමී තත්ත්වය හේතු කොටගෙන මහජන දේපළක් ලෙස සලකා කොළඹ වරාය නැරඹීම සඳහා මහජනයාට විවෘත කිරීමට ජනාධිපතිවරායගේ උපදෙස් පරිදි ඉදිරියේදී කටයුතු කරන බව වරාය හා නාවික අමාත්‍ය මහින්ද..
වැඩිදුර පුවත් >>
වරාය නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සමග ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සියලුම වෘත්තීය සමිති නියෝජිතයින් සිදුකරන සුපුරුදු මාසික සාකච්ඡාව.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවක සුභ සාධනය හා වෘත්තීය ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මාසිකව පැවැත්වෙන සියලු වෘත්තීය සමිති නියෝජිත හමුව වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2018 ජුනි 14 වන දින අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විය.
වැඩිදුර පුවත් >>
ශ්‍රී ලංකාව හා දකුණු කොරියාව අතර නාවික ක්ෂේත්‍ර සඳහා වන අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබේ
කොරියානු ජනරජයේ ආරාධනයකට අනුව කොරියාවේ Inchon නගරයේ පැවති නාවික කටයුතු සහ ප්‍රදීපාගාර අධිකාරීන් සඳහා වන ජාත්‍යන්තර සංගමයේ 19 වන සැසිවාරයට සහභාගීවීම සඳහා වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා දකුණු කොරියාවේ සංචාරයක යෙදිණ.
වැඩිදුර පුවත් >>
ශ්‍රී ලංකාවේ වරාය සංවර්ධනයට ජපානයේ සහයෝගීතාවය ලබාගැනීමේ සාකච්ඡාවක්
ශ්‍රී ලංකාවේ වරාය සංවර්ධනය සඳහා ජපානයේ තාක්ෂණික හා මූල්‍ය ආධාර ලබාගැනීමේ අරමුණින් අවබෝධතා ගිවිසුමක් සඳහා වන සාකච්ඡාවක් වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එම අමාත්‍යංශයේ දී පැවැත්වීය.
වැඩිදුර පුවත් >>
හම්බන්තොට මාගම්පුර වරාය සේවකයින් 135 කට ස්ථීර රැකියා. අනෙකුත් සේවකයින්ට ලක්ෂ 13 ක වන්දි ප්රදානය කෙරේ
හම්බන්තොට මාගම්පුර වරාය ප්‍රතිව්‍යූහගත කිරීමේදී ලබාදුන් පොරොන්දුවකට අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ සේවක වෘත්තීය සමිති අතර ඇති කරගත් එකඟතාවය මත සේවකයින් 135 දෙනෙකුට වරාය අධිකාරියේ ස්ථිර පත්වීම් ලබාදීමටත් අනෙකුත් සේවකයින් සඳහා රුපියල් ලක්ෂ 13 ක වන්දි මුදලක් ලබාදීමටත් ක්‍රියා කළේය...
වැඩිදුර පුවත් >>
වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පුහුණු තණතීරු නිරීක්ෂණයට..
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවක සේවිකාවන් අතර ක්‍රිකට් ප්‍රචලිත කිරීමේ අරමුණින් ක්‍රීඩා සමාජයේ ආරාධනයෙන් වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පසුගියදා පුහුණු තණතීරු නිරීක්ෂණය කළ අතර ක්‍රිකට් සංවර්ධන කටයුතු සඳහා ඉදිරියේදී ගත යුතු පියවරයන් පිළිබඳව ක්‍රිකට් කණ්ඩායම...
වැඩිදුර පුවත් >>
ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති Jean-Marin Schoh මහතා වරාය හා නාවික කටයුතු ගරු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා හමුවිය.
ප්‍රංශය හා ශ්‍රී ලංකාව අතර වරාය හා නාවික ක්ෂේත්රයේ ප්‍රායෝගික අත්දැකීම් හුවමාරු කරගැනීමේ හා නාවික කටයුතු පිළිබඳ ද්වී පාර්ශ්වීය තාක්ෂණික අවබෝධතා වර්ධනය කිරීමේ අරමුණින් ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති Jean-Marin Schoh මහතා අද (20) වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා...
වැඩිදුර පුවත් >>
කොළඹ වරායේ මෙහෙයුම් සඳහා ප්‍රධාන පර්යන්ත ත්‍රිත්වය සාමුහික ගිවිසුමකට එළඹේ
ලෝකයේ වරාය වර්ගීකරණයේදී 23 වන ස්ථානය ලබාගෙන ඇති කොළඹ වරාය තවදුරටත් සංවර්ධනය කිරීමේ අරමුණින් කොළඹ වරාය තුළ ක්‍රියාත්මක ප්‍රධාන පර්යන්ත ත්‍රිත්වය වන ජය බහලු පර්යන්තය, සී.අයි.සී.ටී සහ එස්.ඒ.ජී.ටී යන පර්යන්ත සමග සාමුහික ගිවිසුමට අත්සන් කරමින් කොළඹ වරdයේ අනාගත ඉලක්ක ගත සංවර්ධනය සඳහා අවශ්‍ය ප්රමුඛ පියවර ගැනීමට වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ක්‍රියා කළේය...
වැඩිදුර පුවත් >>
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් TARANJIT SINGH SANDHU මහතා වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා හමුවිය.
ශ්‍රී ලංකාවේ වරාය හා නාවික ක්ෂේත්රයේ ඉදිරි සංවර්ධන කටයුතු වලදී සහය පළකිරීමේ අරමුණින් අද දින(12) ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් Taranjit Singh Sandhu මහතා වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා හමුවිය. ..
වැඩිදුර පුවත් >>
ප්‍රගති වාර්තාව 2017
ප්‍රගති වාර්තාව 2017
වැඩිදුර පුවත් >>
ශ්‍රී ලංකා වරාය අධිකාරියට 2017 වසරේදී බිලියන 13.2 ක වාර්තාගත ලාභයක්. නව සාමුහික ගිවිසුමේ ප්‍රකාර සේවකයන්ට රුපියල් 10,000 ක වැටුප් වැඩිකිරීමක්.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ගත් ක්ෂණික ක්‍රියාමාර්ග හේතුකොටගෙන 2017 වර්ෂය තුළ වරාය අධිකාරි ඉතිහාසයේ ඉහළම ලාභය ලෙස රුපියල් බිලියන 13.2 ක (රුපියල් මිලියන 13,200 ක්) වාර්තාගත ලාභයක් ලබාගැනීමට හැකි වූ බව අද දින...
වැඩිදුර පුවත් >>
කොළඹ වරායේ ප්‍රතිනැව්ගත මෙහෙයුම්වල 20.4% ක වර්ධනයක්
කොළඹ වරායේ ප්‍රතිඅපනයන මෙහෙයුම් හෙවත් ප්‍රතිනැව්ගත මෙහෙයුම් ධාරිතාවයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරයි. 2017 ජනවාරි මාසයට සාපේක්ෂව එය 20.4% ක වර්ධනයකි...
වැඩිදුර පුවත් >>
2017 වර්ෂයේ අග කාර්තුවේ සිට ජයබහළු පර්යන්තයේ බහලු මෙහෙයුම් වල අඛණ්ඩ වර්ධනයක්
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජයබහලු පර්යන්තයේ බහලු මෙහෙයුම් ධාරිතාවයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරයි. 2017 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ සිට වර්ධනය වෙමින් පවතින මෙම බහලු මෙහෙයුම් වර්ධනය පසුගිය ඔක්තෝබර් මස සියයට 5.3 % කින්ද, නොවැම්බර් මස 8.2% කින්ද, දෙසැම්බර් මස වන විට 13.9% ලෙස කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරයි.....
වැඩිදුර පුවත් >>
මාගම්පුර වරාය සේවක ගැටලුව පිළිබඳ සාකච්ඡාවක්
මාගම්පුර වරාය සේවක ගැටලුව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනවාරි 18 වැනි දින එම අමාත්‍යංශයේ දී පැවැත්විය. සේවක පර්ශ්වය වෙනුවෙන් අතිපූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේගේ නායකත්වයෙන් කණ්ඩායමක් සහභාගී වූ අතර රජයේ පාර්ශ්වය වෙනුවෙන් ධීවර අමාත්‍ය මහින්ද අමරවීර, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ...
වැඩිදුර පුවත් >>
හම්බන්තොට වරාය ආයෝජනයේ දෙවන කොටස් මුදල ඇමරිකානු ඩොලර් මිලියන 97.3ක මුදල චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩිංග්ස් සමාගම විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත ලබා දේ
හම්බන්තොට වරාය සංවර්ධනය සඳහා වන ආයෝජනය වෙනුවෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩිංග්ස් සමාගම 2017 දෙසැම්බර් 09 වැනි දින සහන ගිවිසුමකට අත්සන් තබන ලදී. රාජ්‍ය හා පුද්ගලික ව්‍යාපාරයක් (PPP) ලෙස ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය සඳහා හිමිකම් භාරයේ ප්‍රථම ...
වැඩිදුර පුවත් >>
නව වසරක වැඩ ඇරඹුම.
2018 වසරේ වරාය හා නාවික අමාත්‍යංශය නව වසරේ වැඩ අරඹමින් රාජ්‍ය සේවා දිවුරුම දුන් අවස්ථාව. වරාය නාවික නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම, අමාත්‍යංශ ලෙක්ම් එල්.පී. ජයම්පති, අතිරේක ලේකම් පී. හතරසිංහ, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ටී.බී. ෆහ්මියා මහත්ම මහත්මීන් ඇතුළු අමාත්‍යංශ සියලුම සේවක පිරිස් ඊට සහභාගී වූ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.
වැඩිදුර පුවත් >>
අමාත්‍යංශ මට්ටමින් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අදාළ භාෂා සැලසුම් පහසුකරණ වැඩසටහන මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යායතනයෙහි දී පැවැත්විණි.
ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යංශය විසින් සියලුම අමත්‍යංශ ආවරණය වන ආකාරයෙන් ක්‍රියාත්මක රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අදාළ භාෂා සැලසුම් පහසුකරන වැඩසටහන වරාය හා නාවික අමාත්‍යංශ ආයතන අරමුණු කර ගනිමින් පසුගිය 14, 15, 16 යන තෙදින තුළ කොළඹ වරාය පරිශ්‍රයේ මහපොළ වරාය හා සමුද්‍රිය විද්‍යායතනයේ ශ්‍රණාගාරයේ දී පැවත්වීය.
වැඩිදුර පුවත් >>
බහලූ මෙහෙයුම් මිලියන 6 සීමාව පසු කරමින් කොළඹ වරාය බහලු මෙහෙයුමේ විශිෂ්ටත්වයට
කොළඹ වරාය බහලු මෙහෙයුම් ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයකට එළැඹෙමින් බහලු මෙහෙයුම් මිලියන 6 සීමාව ඉක්මවීමට පසුගියදා සමත් වි ය. එම විජයග්‍රාහී අවස්ථාව සමරමින් ජය බහලු පර්යන්තයේ පැවැති විශේෂ උත්සවයට එක්වූ වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සභාව අමතමින්,
වැඩිදුර පුවත් >>
හම්බන්තොට වරාය ව්‍යාපෘතිය 2017 දෙසැම්බර් 09 වන දින සිට ක්‍රියාත්මක වේ.
ශ්‍රී ලංකා රජය සමග එක්ව ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා චයිනා මර්චන්ට් පෝට් හෝල්ංඩිංග්ස් (CMPH) සමාගම සමග පසුගිය ජූලි 29 වන දින අත්සන් කෙරුණු හම්බන්තොට සහන ගිවිසුම 2017 දෙසැම්බර් 09 වන දින සිට නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ. රාජ්‍ය හා පෞද්ගලික සහයෝගීතාවක් (PPP) ලෙස ක්‍රියාත්මක වන මෙම ගිවිසුම ප්‍රකාරව හම්බන්තොට වරාය සංවර්ධනය කිරීම හා මෙහෙයුම් කටයුතු සිදු කිරීම ඉදිරියේ දී සිදු කෙරෙනු ඇත.
වැඩිදුර පුවත් >>
2018 අය-වැය වරාය හා නාවික අමාත්‍යංශ වැය ශීර්ෂයේ දී අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා කළ කතාව.
2018 අය-වැය වරාය හා නාවික අමාත්‍යංශ වැය ශීර්ෂයේ දී අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා කළ කතාව.
වැඩිදුර පුවත් >>
වරාය හා නාවික කටයුතු ගරු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා අද දින (10) වරාය ක්ෂේත්රයේ නියෝජිත ආයතන නිළධාරීන් හා නැව් බඩු මුදාහරින්නන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වී ය.
වරාය හා නාවික කටයුතු ගරු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා අද දින (10) වරාය ක්ෂේත්රයේ නියෝජිත ආයතන නිළධාරීන් හා නැව් බඩු මුදාහරින්නන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වී ය.
වැඩිදුර පුවත් >>
අන්තර් ජාතික අනුබද්ධිත වරාය ජාලයේ 19 වන සමුළුව
අන්තර්ජාතික අනුබද්ධිත වරාය ජාලයේ 19වන අන්තර්ජාතික සමුද්‍රීය සමුළුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 08කසහභාගිත්වයෙන් අද (07) කොළඹ කිංස්බර් හෝටලයේ දී පැවැත්වේ. අදින් ආරම්භ වන මෙම සමුළුව හෙට (08) දිනයේ ද පැවැත්වේ.
වැඩිදුර පුවත් >>
රෝහින්ග්‍යා සරණාගතයින් ගැන ආණ්ඩුවේ මතය
මෙරට ඇති කර තිබෙන ස්ථාවර තත්ත්වය අස්ථාවර කිරීමට කිසිඳු අන්තවාදී කොටසකට ඉඩ නොදෙන බව වරාය සහ නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය. අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේ (03) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී රෝහින්ග්‍යා සරණාගත ගැටලුව පිළිබඳව රජයේ මතය ප්‍රකාශ කිරීමට පැවති මාධ්‍ය හමුවකදීය...
වැඩිදුර පුවත් >>
නාවික ක්ෂේත්රයේ සංවර්දනය සදහා විදේශීය සහයෝගිතාව..
වරාය හා නාවික කටයුතු අමාත්‍ය ගරු මහින්ද සමරසිංහ මැතිතුමා හා Mediterranean Shipping company (MSC) හි සභාපති මෙන්ම හිමිකරුද වන Gianluigi Aponte මහතා අතර හමුවක් ජිනීවා හි දී සිදු විය. MSC සමාගම ලෝකයේ දෙවන විශාලතම බහාලුම් නැව් සමාගම...
වැඩිදුර පුවත් >>
38 වසරක සේවා කාලයක් සපුරා ඇති වරාය සේවකයින්ට රන් සම්මාන පිදේ.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ තිස් අට වසරක අඛණ්ඩ සේවා කාලයක් සැපිරූ සේවක සේවිකාවන් 60කට රන් සම්මාන පිදීමේ උත්සවයක් පසුගියදා වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යායතන ශ්‍රවණාගරයේදී පැවැත්වීය.
වැඩිදුර පුවත් >>
වරායේ මානව සම්පත් කලමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාධාරීන්ට සහතික පත් ප්රදානය
ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යායතනය විසින් මෙහෙයවන ලද, මානව සම්පත් කලමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාධාරීන්ට සහතික පත් ප්රදානය කිරීම වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම ශ්රවණාගාරයෙහි පැවැත්විය.
වැඩිදුර පුවත් >>
වරාය හා නාවික කටයුතු අමාත්‍ය ගරු මහින්ද සමරසිංහ මැතිතුමා පසුගිය දින (12) පානදුර කින්රෝ(Kinro)හෝටලයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කලුතර දිස්ත්‍රික් මධ්‍යම බලමණ්ඩල කමිටු රැස්වීමට සහභාගී විය
වරාය හා නාවික කටයුතු අමාත්‍ය ගරු මහින්ද සමරසිංහ මැතිතුමා පසුගිය දින (12) පානදුර කින්රෝ(Kinro)හෝටලයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කලුතර දිස්ත්‍රික් මධ්‍යම බලමණ්ඩල කමිටු රැස්වීමට සහභාගී විය
වැඩිදුර පුවත් >>
හම්බන්තොට වරාය ගිවිසුම අස්ගිරි හා මල්වතු මහනායක හිමිවරුන්ට පිළිගන්වයි.
ශ්‍රී ලංකාව හා චීනය අතර අත්සන් තැබූ හම්බන්තොට වරාය ගිවිසුම සම්බන්ධයෙන් මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා දැනුවත් කිරීම සඳහා වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පසුගියදා මහනුවර සංචාරයක නිරත වූ අතර ඡායාරූපයේ දැක්වෙන්නේ අදාළ ගිවිසුමේ පිටපතක්
වැඩිදුර පුවත් >>
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 38 වන සැමරුම
ශ්‍රී ලංකා වරාය අධිකාරියට වසර 38 ක් පිරීම නිමිති කොටගෙන අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සැමරුම් උත්සවයක් 2017 අගෝස්තු 01 වන දින කොළඹ වරාය නැගෙනහිර පර්යන්ත පරිශ්‍රයේදී පැවැත්විය.
වැඩිදුර පුවත් >>
හම්බන්තොට මාගම්පුර වරාය ගිවිසුම අත්සන් තැබේ.
හම්බන්තොට මාගම්පුර වරාය ප්‍රතිව්‍යූහගත කිරීමේ ඓතිහාසික ගිවිසුම ශ්‍රී ලංකා රජයේ හා චීන රජයේ විශේෂ දූත මණ්ඩල සහභාගීත්වයෙන් වරාය හා නාවික අමාත්‍යංශයේදී අත්සන් තැබූ අතර එම සුවිශේෂ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ, උපායමාර්ගික සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම....
වැඩිදුර පුවත් >>
හම්බන්තොට මාගන්පුර වරාය ගිවිසුමට කැබිනට් අනුමැතිය
හම්බන්තොට වරාය සංවර්ධනය කිරීම සඳහා වන මාගන්පුර වරාය ගිවිසුම වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ අතර ඒ සඳහා පසුගිය අඟහරුවාදා (ජූලි 25) කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ.
වැඩිදුර පුවත් >>
වරාය හා නාවික අමාත්‍යවරයාගේ ඔළුවිල් වරාය සංචාරය
ඔළුවිල් වරාය සම්බන්ධයෙන් පවතින ගැටළු වලට විසඳුම් ලබාදීමේ අරමුණින් වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා එහි සංචාරයක නිරත විය. එහිදී ඔළුවිල් වරාය සේවකයින්ගේ හා ප්‍රදේශවාසීන්ගේ ප්‍රශ්න හා යෝජනා සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසඳුම් කිහිපයක් ලබාදුන් අතර වරාය ආරම්භ කිරීමේදී ප්‍රදේශවාසීන්ගෙන් පවරාගත් ඉඩම් සඳහා මෙතෙක් වන්දි නොලැබූවන් වෙනුවෙන් මාස දෙකක් තුළ අදාළ වන්දි මුදල්
වැඩිදුර පුවත් >>
ත්‍රිකුණාමල වරාය කඩිනමින් දියුණු කිරීම සඳහා වසර තුනක සංවර්ධන සැලැස්මක්
ශ්‍රී ලංකා ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන ත්‍රිකුණාමල වරාය කඩිනමින් සංවර්ධනය කිරීම සදහා වසර තුනක සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට දැනටමත් සැලසුම් කර ඇති බව පසුගියදා ත්‍රිකුණාමල වරායේ සංචාරයක නිරත වූ වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කරයි.
වැඩිදුර පුවත් >>
වරාය විශ්‍රාමික සේවක පිරිසක් සඳහා උපහාර පිදේ.
ශ්‍රී ලංකා වරාය අධිකාරියට වසර 38 ක් පිරීම සංකේතවත් කරමින් විශ්‍රාම ලැබූ සේවකයින් පිරිසක් සඳහා උපහාර තිළිණ ප්රදානය කිරීමේ උත්සවයක් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිදහස් සේවක සංගමයේ සංවිධානත්වයෙන් හා වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.....
වැඩිදුර පුවත් >>
කොළඹ ගාලු මුවදොර හෝටලයේ පැවති ප්‍රංශ ජාතික දින උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සහභාගී වූ අවස්ථාව.
කොළඹ ගාලු මුවදොර හෝටලයේ පැවති ප්‍රංශ ජාතික දින උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සහභාගී වූ අවස්ථාව.
වැඩිදුර පුවත් >>
වරායේ පැරණිම වෘත්තීය සමිති නියෝජිතයින් අමාත්‍ය මහින්ද සමරසිංහ හමුවේ
වරාය ජනසතු කිරීමට විශාල දායකත්වයක් ලබාදුන් 1945 වසරේ පිලිප් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් පිහිටුවනු ලැබූ වරායේ පැරණිම වෘත්තීය සමිතිය වන සමස්ත ලංකා හාබර් ඩොක් වෘත්තීය සමිතියේ නියෝජිත පිරිසක් පසුගියදා වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා හමුවී සේවක ගැටළු හා වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වය පිළිබඳ සාකච්ඡාවක නිරත විය.
වැඩිදුර පුවත් >>
වරාය අධිකාරියේ වෘත්තීය සමිති නායක හමුව
ශ්‍රී ලංකා වරාය අධිකාරියට වසර 38 ක් පිරීම නිමිති කොටගෙන 2017 අගෝස්තු 01 වැනිදා පැවැත්වෙන සැමරුම් උත්සවය සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සියලුම වෘත්තීය සමිති වල සහයෝගය ලබාගැනීම හා ඔවුන් ඉදිරිපත් කර තිබූ යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම වරාය
වැඩිදුර පුවත් >>
වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ (06) පැවති මාධ්‍ය හමුවක් අමතමින්..
වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ (06) පැවති මාධ්‍ය හමුවක් අමතමින්..
වැඩිදුර පුවත් >>
අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ මාගම්පුර වරාය සංචාරයෙන් ගැටළු රැසකට විසඳුම්
ගැටළු රැසකට මුහුණ දී ඇති හම්බන්තොට මාගම්පුර වරාය ව්‍යාපෘතිය හා එහි සේවක ගැටළු සොයාබැලීම සඳහා පසුගියදා එහි සංචාරයක නිරත වූ වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා මාගම්පුර වරායේ සියලුම සේවක පිරිස් සමග පැවති සාකච්ඡාවේදී සේවකයින් විසින් කරන ලද ඉල්ලීම් වලට පිළිතුරු ලබාදෙමින් කියා සිටියේ මාගම්පුර වරාය කිසිඳු
වැඩිදුර පුවත් >>
නාවික ක්ෂේත්රයේ විද්වත් හමුවක්
සීඝ්රයෙන් වර්ධනය වන ශ්‍රී ලාංකේය නාවික ක්ෂේත්රයේ ඉදිරි දර්ශනය සහ සැලසුම් පිළිබඳ දැනුම හුවමාරු කර ගැනීමේ අරමුණින් Chartered Institute of Logistic and Transport (CILT) ආයතනය විසින් සංවිධානය කරන ලද ‘Changing Tides’ වැඩසටහන පසුගියදා කොළඹ Kingsbury හෝටල් පරිශ්‍රයේ පැවැත්විය.
වැඩිදුර පුවත් >>
එක්සත් රාජධානියේ පැවති ජාත්‍යන්තර නාවිකයන්ගේ සමුළුවට වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සහභාගී වේ
ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය විසින් 2017 “ජාත්‍යන්තර නාවිකයන්ගේ දිනයට” සමගාමීව එක්සත් රාජධානියේදී රටවල් සියයකට ආසන්න නියෝජිත පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වන ලද සමුළුව සඳහා වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සහභාගී විය.
වැඩිදුර පුවත් >>
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මුස්ලිම් මජ්ලීසය ඉෆ්තාර් උත්සවයට වෙන් කළ මුදල් ගංවතුරෙන් අවතැන් වූවන් සඳහා පරිත්‍යාග කරයි.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉෆ්තාර් මජ්ලීසය ඉෆ්තාර් උත්සවය වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ සහභාගීත්වයෙන් වරාය පරිශ්‍රයේ මුස්ලිම් පල්ලියේ පැවැත්වූ අතර ඉෆ්තාර් උත්සවය සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ලබාදෙන ලද රුපියල් ලක්ෂ දහයක මුදල දිවයිනේ ගංවතුරෙන්
වැඩිදුර පුවත් >>
ජපානයේ ශ්‍රී ලංකා තානාපති Kenichi Suganuma මහතා වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා හමුවිය.
ජපානය හා ශ්‍රී ලංකාව අතර වරාය හා නාවික ක්ෂේත්රයේ ප්‍රායෝගික අත්දැකීම් හුවමාරු කරගැනීමේ හා නාවික කටයුතු පිළිබඳ ද්වී පාර්ශ්වීය තාක්ෂණික අවබෝධතා වර්ධනය කිරීමේ අරමුණින් ජපානයේ ශ්‍රී ලංකා තානාපති Kenichi Suganuma මහතා පසුගියදා වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා එම අමාත්‍යංශයේදී හමු වූ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.
වැඩිදුර පුවත් >>
ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර වරාය ක්ෂේත්රයේ අත්දැකීම් හුවමාරු කරගැනීමේ හමුවක්
ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර වරාය හා නාවික ක්ෂේත්රයේ ද්වීපාර්ශ්වීය සබඳතා වර්ධනය කරගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහකොමසාරිස් රියාස් අමිදුල්ලා මැතිතුමා වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා එම අමාත්‍යාංශයේ හමුවූ අවස්ථාව ඡායාරූපයේ
වැඩිදුර පුවත් >>
දකුණේ අවතැන් වූ ජනතාවට උතුරෙන් සහනාධාර..
ගංවතුරෙන් හා නායයෑම් වලින් විපතට පත් දකුණේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් යාපනය දිස්ත්‍රික්කයේ ජනතාව එක්රැස් කරන ලද අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතා විසින් වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ...
වැඩිදුර පුවත් >>
වරාය බත් පත අලුත් වේ.
වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සහ වරාය වෘත්තීය සමිති අතර සිදු වූ සාකච්ඡාවකදී, එම නියෝජිතයින් වරාය සේවකයින් සඳහා ලබාදෙන ආහාර වේල් තුනෙහි ඇති අඩුපාඩු පෙන්වා දුන් අතර, අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා වහා පියවර
වැඩිදුර පුවත් >>
ගින්නෙන් විනාශ වූ කොළඹ වරායේ CFS 1 ගුදම නැවත විවෘත කෙරේ
ගින්නෙන් විනාශ වූ කොළඹ වරායේ CFS 1 ගුදම නැවත ගොඩනගා විවෘත කිරීමට කටයුතු කළ අතර මෙමගින් නැව් බඩු ගබඩා කිරීමට තිබූ අපහසුතා මගහරිමින් ජය බහලු පර්යන්තයේ මෙහෙයුම් පුළුල් කිරීමට අවස්ථාවක් සලසා ගැනීමට හැකිවිය.
වැඩිදුර පුවත් >>
හදිසි ආපදා තත්ත්වය පිළිබඳ සොයාබැලීම සඳහා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කලුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණේ.
පසුගියදා ඇති වූ හදිසි ගංවතුර හා නායයෑම් හේතුකොටගෙන දිවයිනේ සිදු වූ ව්‍යසන තත්ත්වය සමාලෝචනය කිරීමේ අරමුණින් කලුතර දිස්ත්‍රික් ලෙකම් කාර්යාලයේදී සියලුම රාජ්‍ය ආයතන සම්බන්ධ කරගනිමින් විශේෂ සාකච්ඡාවක් පැවති අතර එහිදී පීඩාවට පත් හා අවතැන්වූවන් සඳහා...
වැඩිදුර පුවත් >>
වරාය අධිකාරියේ නව සභාපති පත්කෙරේ.
වරාය හා නාවික අමාත්‍යංශයට අයත් වරාය අධිකාරියේ නව සභාපතිවරයා පත්කිරීමේදී දේශපාලන පත්කිරීමක් නොකරන බවට විෂය භාර අමාත්‍යවරයා කළ ප්‍රකාශයට අනුව නාවික කටයුතු පිළිබද පෘථුල පළපුරුද්දක් හා විශේශඥ දැනුමකින් යුත් ප්‍රවීණයෙකු වන ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අභිනව සභාපතිවරයා ලෙස පත්කෙරිණ.
වැඩිදුර පුවත් >>
ආපදා අවස්ථාවේදී රණවිරුවන් කටයුතු කළ අන්දම අනුව ඔවුන්ට ජාතියේ ප්‍රශංසාව හිමිවෙනවා ඇමති මහින්ද සමරසිංහ කියයි
රණවිරුවන් මේ ආපදා අවස්ථෘවේ ඉදිරිපත් වී කටයුතු කළ අන්දම පිළිබඳව රජය ණයගැති බවත් ජාතියේ ප්‍රශංසාව ඔවුන්ට හිමිවිය යුතු බවත් වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.
වැඩිදුර පුවත් >>
ජාතියේ හදවත වන් වරායේ සංවර්ධන කටයුතු සඳහා කැපවෙමු
ශ්‍රී ලංකා ආර්ථීකයේ මෙන්ම ජාතික සංවර්ධනයේ කෙන්ද්‍රස්ථානය වන වරාය හා නාවික අමාත්‍යාංශයේ කාර්ය කටයුතු උපරිම ආකාරයෙන් සිදුකිරීමට මෙම භාරධූර වගකීම පැවරූ අතිගරු ජානාධිපතිතුමාටත්, ගරු අගමැතිතුමාටත් ස්වකීය ස්තූතිය පළ කරන බව අභිනව අමාත්‍යාංශයේ වැඩ භාරගනිමින් වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.
වැඩිදුර පුවත් >>
ඉන්දියාවෙන් ඇමැති අර්ජුනට උපහාර - ඉස්සර හිටියේ මුදල් ගැන නොව රට ගැන හිතන ක්‍රීඩකයින්_උපහාරය පිළිගනිමින් හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසයි.
තම සහෝදර ක්‍රීඩකයින්ගේ කැපවීමත් සහ තමන් ලබා දෙන උපදෙස් නිසිලෙස පිළිපැදීමත් ඕනෑම නායකයකුගේ සාර්ථකත්වයට බලපාන සාධක බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. එතුමා මේ බව කියා සිටයේ ඉන්දියාවේ පැවති විශේෂ උපහාර උළෙලකට එක්වෙමිනි. ඉන්දියාවේ හයිද්‍රාබාද් ක්‍රිකට් සංගමය සංවිධානය කළ එම උපහාර උළෙල පැවැත්වුණේ.....
වැඩිදුර පුවත් >>
දෙවිනුවර ප්‍රදීපාගාරය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීම.
ඓතිහාසික වැදගත්කමකින් යුත් දෙවිනුවර ප්‍රදීපාගාරය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීම ලබන බ්‍රහස්පතින්දා (04) වැනිදා සිදු කෙරේ. ඒ වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙනි. එදින පස්වරු 3ට සිදුකෙරන එම උත්සවයට වරාය සහ නාවික නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති දම්මික රණතුංග මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි
වැඩිදුර පුවත් >>
ඇමති අර්ජුනට ඉන්දියාවෙන් ගෞරව සම්මානයක්....
හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතාට ඉන්දියාවෙන් ගෞරව උපහාර පුද කිරීමට සූදානම් වේ. ඒ 1996 ලෝක ක්‍රිකට් කුසලානය ශ්‍රී ලංකාවට දිනා දීමට ලබා දුන් නායකත්වය සහ ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවාව ඇගයීම සඳහායි. ඒ අනුව ලබන ඉරිදා (30) සවස 06.00ට එම උපහාර පිදීමේ උත්සවය ඉන්දියාවේ රජිව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව......
වැඩිදුර පුවත් >>
Sea Asia ජාත්‍යන්තර නාවික සමුළුවට ඇමති අර්ජුන.
සිංගප්පූරුවේ පැවැත්වෙන Sea Asia නාවික සමුළුවට (Sea Asia Maritime Conference) වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා එක්වේ. Sands Expo & Convention Centre Marina Bay Sandsහි පැවැති එම ජාත්‍යන්තර සමුළුවේදී අර්ජුන රණතුංග අමාත්‍යතුමා විශේෂ දේශනයක්ද පැවැත්වීය. එහිදී අමාත්‍යතුමා ....
වැඩිදුර පුවත් >>
INAP අන්තර් ජාතික මහා සමුළුව මෙවර කොළඹ දී.
අනුබද්ධිත වරායන් හි අන්තර් ජාතික සාමුහිකත්වය හෙවත් International Network of Affiliated Ports (INAP) 19 වන මහා සමුළුව (General Assembly) හා සම්මන්ත්‍රණය (Symposium) පැවැත්වීමේ සත්කාරකත්වය මෙවර හිමි වී ඇත්තේ ශ්‍රී ලංකා වරාය අධිකාරියටයි. '' INAP සංවිධානය තුළින් සමුද්‍රීය සහසම්බන්ධතාවය හා ආර්ථික සමෘද්ධිය ළඟා කරගැනීම....
වැඩිදුර පුවත් >>
වරායේ දියුණුවට ලලිත් ඇතුළත්මුදලි මහතා ඇති කළ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාම සැමදෙනාගේ යුතුකමක් - ඇමති අර්ජුන පවසයි.
වරාය අධිකාරියේ දියුණුව සඳහා ලලිත් ඇතුළත්මුදලි මැතිතුමා ඇති කළ ක්‍රමවේදය ඉදිරියට ගෙනයෑම සෑම අයෙකුගේම යුතුකමක් වන බව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. එතුමා මේ බව පැවසූයේ අද(24) පෙරවරුවේ ලලිත් ඇතුළත්මුදලි ගුණානුස්මරණ උළෙලට එක්වෙමිනි. ප්රජාතන්ත්රන්තවාදී එක්සත් ජාතික සේවක සංගමය විසින් සංවිධානය කරනු ලැබූ මෙම උළෙල.....
වැඩිදුර පුවත් >>
වරාය අධිකාරියට අයත් J C T Oil Bankහි 2016 වසරේ ලාභය සියයට 113කින් ඉහළට. මේ ආයතන පෞද්ගලීකරණය කිරීමේ අවශ්‍යතාවක් නැහැ - ඇමති අර්ජුන පවසයි.
ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ජය කන්ටේනර් ටර්මිනල්ස් ලිමිටඩ් (කොළඹ තෙල් බැංකුව - JCT Oil Bank) සමාගමේ පසුගිය වසරේ ලාභය 2015 වසරට සාපේක්ෂව සියයට 113කින් වර්ධනය වී ඇතැයි ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. එතුමා මේ බව කියා සිටියේ ජය කන්ටේනර් ටර්මිනල්ස් ලිමිටඩ් සමාගමේ අද (20) පැවැති උත්සවයකට එක්වෙමිනි.....
වැඩිදුර පුවත් >>
අතීතයේ වැරදී ස්මරණය කිරීම පසෙකලා අනාගත සංවර්ධන වැඩිපිළිවෙළ හා එක්වෙමු - ඇමති අර්ජුන පවසයි.
අතීතයේ සිදුවූ වැරදි ස්මරණය කිරීම නොව සාර්ථක සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නංවමින් අනාගතය සවිමත් කිරීම වැදගත් වන බව ගරු වරාය සහ නාවික අමාත්‍ය අරජුන රණතුංග මැතිතුමා පවසයි. එතුමා මේ බව පැවසූයේ අද (19) පෙරවරුවේ අලුත් අවුරුද්ද වෙනුවෙන් සී/ස ලංකා නැව් සංස්ථාවේ පැවති පිළිගැනීමේ උත්සවයට එක්වෙමිනි. එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූයේ ආයතනයේ....
වැඩිදුර පුවත් >>
2020 වනවිට වරාය අමාත්‍යාංශය යටතේ ඇති සියලුම ආයතන එකම වහලක් යටට - ඇමති අර්ජුන රණතුංග පවසයි.
වරාය සහ නාවික අමාත්‍යාංශය යටතේ ඇති සියලුම ආයතන 2020 වසර වනවිට එකම ස්ථානයක ස්ථාපිත කිරීමට සැලසුම් සකස් කර ඇති බව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. එතුමා මේ බව පැවසූයේ වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ අද(18) උදෑසන අලුත් අවුරුද්ද නිමිති කරගනිමින් පැවති සුහද හමුවකට එක්වෙමිනි....
වැඩිදුර පුවත් >>
ඉදිරියට එළඹෙන්නේ වරාය අධිකාරියේ තීරණාත්මක කාලපරිච්ඡේදයයි - ඇමති අර්ජුන පවසයි.
“පසුගිය වසරේ වරාය අධිකාරිය ප්‍රශ්න රාශියකට මුහුණ දුන්න ආයතනයක් බවට පත්වුණා. ඒ වගේම වරාය අධිකාරිය සතු ප්‍රධාන සාධක පෞද්ගලීකරණය කිරීමේ ප්‍රශ්නවලටත් මුහුණ දෙන්න සිදුවුණා. මේ අවුරුද්දේ ඉදිරියේදීත් මම දකින්නේ අපිට ප්‍රශ්න සමග ජීවත්වෙන්න සිදු වේවී. අපිට එහෙම නැහැ කියලා හිතන්න අමාරුයි. වරාය අධිකාරියක් හැටියට තමුන්නාන්සේලාගේ වගකීම විය යුත්තේ....
වැඩිදුර පුවත් >>
ලොව විශාලතම මොටර් රථ ප්‍රවාහන නෞකාව හම්බන්තොට වරායට.
ශ්‍රී ලංකා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ලොව විශාලතම මෝටර් රථ ප්‍රවාහන නෞකාව අද (31)උදෑසන හම්බන්තොට වරායට සේන්දු විය. MV Hoegh Trigger නමින් හැඳින්වෙන මෙම නෞකාව හම්බන්තොට වරායට පැමිණි පළමු අවස්ථාව මෙය යි. ඇමරිකා එක්සත් ජනපදය, මැද පෙරදිග හා ආසියාතික කලාපයේ සිය මෙහෙයුම් සිදුකරනු ලබන මෙම නෞකාව මගින් නව තාක්ෂණික ශිල්ප ක්‍රම භාවිත කරමින් ඉතා.....
වැඩිදුර පුවත් >>
චීනය සමග ගනුදෙනු කිරීමේදී අර්ජුන ලොවටම ආදර්ශයක් - මාලදිවයිනේ විපක්ෂ නායක.
රටට හිතකර ලෙස චීනය සමග ගනුදෙනු කරන්නේ කෙසේදැයි ශ්‍රී ලංකාවේ වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පෙන්වා දී ඇතැයි මාලදිවයිනේ විපක්ෂ නායක මොහොමඩ් නෂීඩ් මහතා පවසයි. හම්බන්තොට වරාය චීන සමාගම පැවරීමේදී අර්ජුන රණතුංග රට ගැන දැක්වූ ළැදියාව අපි අගය කරනවා.....
වැඩිදුර පුවත් >>
ඉස්සර වගේම අදත් හොරු ඉන්නවා - වරාය රැකගන්න වරාය අධිකාරිය, අමාත්‍යාංශය හැටියට අපේම ශ්‍රී ලාංකිකයන් සමඟ ගහ මරාගන්න ඕනද ? ඇමති අර්ජුන රණතුංග පවසයි.
පසුගියකාලයේ මෙන්ම අදත් රටට විනකටින පුද්ගලයින් සිටින බැවින් ඔවුන්ගෙන් රට ආරක්ෂා කරගත යුතු බව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. එතුමා මේ බව පැවසූයේ අද (24) පෙරවරුවේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ආරක්ෂක නිලධාරීන්ගේ විසිර යෑමේ උත්සවයට එක්වෙමිනි. මෙම උත්සවය මහපොළ වරාය සහ සමුද්‍රීය විද්‍යායතනයෙහි දී පැවැත්විණි.....
වැඩිදුර පුවත් >>
ගාලු වරායේ සංවර්ධනයට නිශාන්ත මුතුහෙට්ටිගම අත තියයි.
ගාලු වරායේ සංවර්ධනය වේගවත් කිරීමට මූලික අවධානය යොමු වී ඇතැයි වරාය සහ නාවික නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි. ඒ සඳහා වූ මූලික සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී ඇති විය හැකි අභියෝග විසඳීම සඳහා පියවර ගන්නා බවද එතුමා අවධාරණය කර සිටී. එතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේ අතිගරු ජනාධිපතිතුමාගේ පරිසර හිතකාමී හරිත සංකල්පය.....
වැඩිදුර පුවත් >>
දෙවැනි සීඝ්‍රතම වර්ධනය ළඟා කරගත් වරාය කොළඹ වරායයි - ශ්‍රී ලංකාවේ වරායන් ගැන ජාත්‍යන්තරය දැනුවත් කරමින් ඇමති අර්ජුන පවසයි.
බහළු මෙහෙයුම් සිදුකරන වරායන් අතර දෙවැනි සීඝ්‍රතම වර්ධනය ළඟා කරගත් වරාය බවට කොළඹ වරාය පත්වී ඇතැයි වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. එම වර්ධනය 10.6% කි. “ශ්‍රී ලංකාවේ දැන් තියෙන්නේ දේශපාලනික වශයෙන් සාමකාමී වාතාවරණයක්. මේ වන විට රජය සහ ආයෝජකයින් අතර මිත්‍රශීලී සබඳතාවක්ද පවතිනවා. මේ නිසා කොළඹ, හම්බන්තොට, ගාල්ල සහ ත්‍රිකුණාමලය....
වැඩිදුර පුවත් >>
Aris-13 නෞකාවේ ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලය මුදාගැනීමට හැකි සෑම පියවරක්ම ගන්නවා - වැඩබලන ගරු වරාය සහ නාවික අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මැතිතුමා පවසයි.
සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් පැහැරගත් බවට සැක කෙරෙන Aris - 13 නෞකාවේ ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලය බේරාගැනීමට හැකි සෑම පියවරක්ම ගන්නා බව වැඩබලන ගරු වරාය සහ නාවික අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මැතිතුමා පවසයි. එතුමා මේ බව පැවසූයේ අද(16) පස්වරුවේ වරාය සහ නාවික අමාත්‍යාංශ ශ්රවණාගාරයෙහි පැවැති මාධ්‍ය හමුවකදීය. Aris 13 නෞකාවේ ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලයේ ඥාතීන්....
වැඩිදුර පුවත් >>
අර්ජුන රණතුංග ජාත්‍යන්තර ක්‍රාන්ස් මොන්ටානා සමුළුවට.
ජාත්‍යන්තර ක්‍රාන්ස් මොන්ටානා සමුළුවට විශේෂ ආරාධිත අමුත්තකු ලෙස සහභාගි වීම සඳහා ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා අද (16) අලුයම දිවයිනෙන් පිටත්ව යයි. මොරොක්කෝවේ ඩක්ලා නගරයේදී අද ආරම්භ වන එම සමුළුව ලබන 21වැනිදා දක්වා පැවැත්වේ. මෙවර එම සමුළුවේ තේමාව වන්නේ “විසි එක්වැනි සියවස වෙනුවෙන් නව අප්රිකාවක් දෙසට....
වැඩිදුර පුවත් >>
වරාය අධිකාරියට රුපියල් බිලියන 11ක ලාභයක් - ඇමති අර්ජුන රණතුංග පවසයි.
2016 වර්ෂයේදී, එනම් පසුගිය වර්ෂයේදී ශ්‍රී ලංකා වරාය අධිකාරිය රුපියල් බිලියන 11ක ලාභයක් ලැබීමට සමත් වේ. එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 83ක වැඩි වීමකි. වරාය සහ නාවික අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ අද (9) පැවති වාර්ෂික ප්‍රගති සමාලෝචන මාධ්‍ය හමුවේදී ඒ බව නිල වශයෙන් නිවේදනය කළ ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා අවධාරණය කළේ අභියෝග....
වැඩිදුර පුවත් >>
දකුණු ආසියාවේ පළමු බහළු දොඹකර ක්‍රියාකරවන්නිය වරාය අධිකාරියෙන්.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මහපොළ වරාය සහ සමුද්‍රීය විද්‍යායතනයේ පුහුණුව ලත් බහළු දොඹකර ක්‍රියාකරවන්නියන්ගේ පළමු කණ්ඩායම අද (08) විසිර ගියහ. ඒ දකුණු ආසියාවේ පළමු බහළු දොඹකර ක්‍රියාකරවන්නිය ශ්‍රී ලංකාවෙන් බිහි කරමිනි. විසිර යාමේ උත්සවය අද උදෑසන ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහපොළ වරාය සහ සමුද්‍රීය විද්‍යායතනයේදී පැවැත්විණ....
වැඩිදුර පුවත් >>
කාන්තාවන් පිටරටවල වහල් සේවයට යොදවනවාට මම එකඟ නැහැ - ඇමති අර්ජුන රණතුංග පවසයි.
රටක සැබෑ සංවර්ධනයක් ඇති කිරීමට නම් ඒ රටේ පවුල් සබඳතාද ශක්තිමත් කළ යුතු බව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. පවුල ශක්තිමත් කරන ප්‍රධාන පුරුකත් කාන්තාව වන බවද එතුමා කියා සිටී. කොළොම්තොට ලෝක කාන්තා දින සැමරුම් උත්සවයට එක් වෙමින් එතුමා මේ බව කියා සිටියේය....
වැඩිදුර පුවත් >>
දේශපාලඥයින්ගේ ඇතැම් තීරණ ආයතනයක සේවකයන් වෙනස් කරනවා - ලද දෙයින් පමණක් සතුටු වුණානම් අද බොහෝ දේවල් වෙනස් වෙන්න තිබුණා_ඇමති අර්ජුන පවසයි.
අපේ සංස්කෘතිය හා බැදුණු ඇතැම් ලක්ෂණ වෙනස් කිරීමට සිදුවන බව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. එතුමා මේ බව පැවසූයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උපාධිධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද නායකත්ව සංවර්ධන වැඩසටහනකදී අදහස් දක්වමිනි.....
වැඩිදුර පුවත් >>
හම්බන්තොට වරායට ඉඩම් ලබා දුන් සියලු දෙනාටම වන්දි.
හම්බන්තොට වරාය සඳහා ඉඩම් ලබා දුන් සියලුම දෙනාටම වන්දි ලබා දීම, ඉදිරි දින කිහිපයේදී සම්පූර්ණ කිරීමට වරාය සහ නාවික අමාත්‍යාංශය පියවර ගනී. ඒ ගැන අදහස් දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අවධාරණය කළේ හම්බන්තොට වරාය සංවර්ධනයට ඉඩම් ලබාදුන්.....
වැඩිදුර පුවත් >>
නියඟයෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීමේ ජනපතිගේ තීරණයට ඇමති අර්ජුනගෙන් අස්වැසිල්ලක්.
නියඟයෙන් පීඩාවට පත් වූවන්ට සහන සැලසීමට ඉන්දුනීසියානු රජයෙන් ලැබෙන සහල් මෙට්ට්‍රික් ටොන් දස දහස වරාය ගාස්තුවලින් නිදහස් කිරීමට වරාය සහ නාවික අමාත්‍යාංශය පියවර ගනී. ඒ වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ උපදෙස් මතය....
වැඩිදුර පුවත් >>
කොළඹ වරායේ ජයග්රහණයන්ට හේතුව සේවකයින්ගේ කැපවීමයි - ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග.
ලෝකයේ හොඳම වරායන් අතර 23 වැනි ස්ථානය කොළඹ වරායට හිමිවී තිබෙනවා. ජාත්‍යන්තර ඇල්ෆාලයිනර් නෞකා වර්ගීකරණයට අනුව කොළඹ වරාය එම ස්ථානයට පත්ව තිබේ. ලෝකයේ බහළුම් මෙහෙයුම් සිදුකරන වරායන් අතර සිදුකෙරෙන මෙම වර්ගීකරණයට අනුව 2015 වර්ෂයේ කොළඹ වරාය 26 වැනි ස්ථානයේ පසුවිය. 2016 වර්ෂයේ දී කොළඹ වරාය බහළුම් මෙහෙයුම් මිලියන 5.2 සිට 5.7 දක්වා...
වැඩිදුර පුවත් >>
නාවික හා ජාත්‍යන්තර වෙළඳ කෙෂ්ත්රයේ ලොවම පිළිගත් වෘත්තීමය සුදුසුකමක් M.I.C.S
එක්සත් රාජධානියේ වරලත් නැව් තැරැව්කරුවන්ගේ ආයතනයේ ( I C S ) ශ්‍රී ලංකා ශාඛාවේ සම්මාන උළෙල පසුගියදා පැවැත්විණ. ඒ ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි. කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයෙහි පැවැත්වුණු එම අවස්ථාවට මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග මහතා,...
වැඩිදුර පුවත් >>
කොළඹ වරාය ලෝකයේ හොඳම වරායන් 25 අතරට. ව්‍යාපාර සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම ජයග්‍රහණයේ රහසයි - ඇමති අර්ජුන රණතුංග පවසයි.
ලෝකයේ හොඳම වරායන් 25 අතරට පැමිණීමට කොළඹ වරාය සමත් වේ. ඒ ජාත්‍යන්තර ඇල්ෆාලයිනර් (Alphaliner) 2017 වර්ග කිරීමට අනුව වේ. එම වර්ගීකරණයට අනුව 2016 වර්ෂයේදී ලෝකයේ හොඳම වරායන් අතරින් කොළඹ වරායට 23වැනි ස්ථානය හිමිව තිබේ. 2015 වර්ෂයට සාපේක්ෂව එය ස්ථාන තුනකින් ඉදිරියට පැමිණීමකි. එනම් 2015 වර්ෂයේදී කොළඹ වරායට හිමිව තිබුණේ 26වැනි ස්ථානයයි....
වැඩිදුර පුවත් >>
ශ්‍රී ලංකාවේ වරාය දියුණුවට නෝර්වේ සූදානම් - ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති පවසයි.
ශ්‍රී ලංකාවේ වරාය පද්ධතියේ සංවර්ධනය සඳහා ආයෝජනය කිරීමට නෝර්වේ රාජ්‍ය සූදානම් බව ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති Thorbjorn Gaustadsaether මහතා පවසයි. “නෝර්වේ කියන්නේ කුඩා රටක්. මෙරට වරාය පද්ධතිය සඳහා ඉන්දියාව, චීනය වගේ විශාල ආයෝජන කරන්න අපිට අපහසුයි. නමුත් වරාය ගැන වූ දැනුම් සම්භාරයක් සහ අත්දැකීම් රැසක් අපිට තියෙනවා. දියුණු තාක්ෂණයක් අප සතුව පවතිනවා....
වැඩිදුර පුවත් >>
ඩෙංගු මර්දන සතිය වෙනුවෙන් වරාය සහ නාවික අමාත්‍යංශයේ වැඩසටහන්
ජාතික ඩෙංගු මර්දන සතිය වෙනුවෙන් පසුගියදා(16) වරාය සහ නාවික අමාත්‍යංශය මගින් විශේෂ ශ්‍රමදානයක් ක්‍රියාවට නැංවීය. ඒ ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ අදහසකට අනුවයි. අමාත්‍යාංශයේ නිලධාරීන් සහ සේවකයින්ගේ සහභාගීත්වයෙන් එම වැඩසටහන ක්‍රියාත්මක විය. එහිදී අමාත්‍යංශ පරිශ්‍රය හා ඒ අවට ප්‍රදේශයේ ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන පිරිසිදු කිරීම සිදු කෙරිණි....
වැඩිදුර පුවත් >>
ක්‍රීඩා හා ශාරීරික සුවතා ප්‍රවර්ධන ජාතික සතියට සමගාමීව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ද වැඩසටහන්
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රීඩා අමාත්‍යාංශය මගින් සංවිධානය කරනු ලබන ක්‍රීඩා හා ශාරීරික සුවතා ප්‍රවර්ධන ජාතික සතිය ශ්‍රී ලංකා වරාය අධිකාරියේත් අර්ථ පූර්වකව ක්‍රියාවට නැංවීම ඇරඹුනි. සමාරම්භක දිනයේ දී (2017.02.06) කී‍්‍රඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන රාජ්‍ය සංස්ථා හා නිලධරයන්ගේ දිනය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කාර්යාල
වැඩිදුර පුවත් >>
මාසයකට රුපියල් ලක්ෂ ගණනින් වැටුප් ගන්න කැමතිද? ලොව පිළිගත් වෙළඳ නැවියකු වෙන්න_අජිත් සෙනවිරත්න - අධ්යක්ෂ ජනරාල් - වෙළඳ නාවික ලේකම් කාර්යාලය.
ආරක්ෂිත මූලිකාංග සහිත පරිගණක ගත ක්‍රමවේදයක් ඔස්සේ අඛණ්ඩ මුදාහැරීමේ සහතික පත් හා ප්‍රවීණතා සහතික පත් නිකුත් කිරීමට වෙළඳ නාවික ලේකම් කාර්යාලය පියවර ගෙන ඇත. මේ සඳහා භාණ්ඩාගාරය විසින් වෙන් කර ඇති ප්‍රතිපාදන යටතේ 2017 වර්ෂයේ සිට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. ඒ අනුව, වෙළඳ නාවිකයින් සඳහා පළමු සහතික පත්‍රය නිකුත් කිරීම අතිගරු ජනාධිපති....
වැඩිදුර පුවත් >>
කොළඹ ජාත්‍යන්තර බහාලූම් පර්යන්තය (CICT) - 2016 වසරේදී බහාලුම් මිලියන දෙකක් හසුරුවයි.
2015 වසර සමග සැසඳීමේදී 28%ක බහාලූම් හැසිරවීමේ වර්ධනයක් ලබාගනිමින් කොළඹ ජාත්‍යන්තර බහාලූම් පර්යන්තය (CICT) 2016 වසරේ දෙසැම්බර් 31 වනදායින් අවසන් වන වසර තුළදී බහාලුම් මිලියන 02 ක් හැසිරවීමට සමත්ව තිබේ. මෙම දායකත්වය හේතුවෙන් කොළඹ ජාත්‍යන්තර බහාලූම් පර්යන්තය මෙහෙයුම් කටයුතු ආරම්භ කළදා පටන් පසුගිය වසර තුන තුළදී කොළඹ වරාය පිට පිටම වර්ධනයක් ලබාගැනීමට සමත්වූ බව සමාගම පව
වැඩිදුර පුවත් >>
මහපොළ අභ්‍යාස ආයතනය මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යායතනය ලෙස නම් කෙරේ.
1987 වර්ෂයේ දී දිවංගත වෙළඳ හා නාවික ගරු අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මහතා විසින් ආරම්භ කළ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මහපොළ අභ්‍යාස ආයතනය, සිය 30 වන සංවත්සරය සමරන අද දින (2017.01.20) වරාය හා නාවික ගරු අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ සංකල්පයක් ලෙස “මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යායතනය” ලෙසින් නම් කරනු ලැබේ. ඒ අනුව මෙතෙක් පැවති....
වැඩිදුර පුවත් >>
ගිවිසුම්වලින් වරායට අගතියක් වෙන්න ඉඩදෙන්නේ නැහැ - කැබිනට් අනුමැතිය නැතිව කිසිකෙනෙකුට ගිවිසුම් ගහන්නත් බැහැ. ඇමති අර්ජුන රණතුංග පෙන්වා දෙයි.
ගිවිසුම් අත්සන් කිරීමේදී තම ආයතනවලට වැඩි වාසියක් අත්වන පරිදි එය සිදුකිරීමට සෑම උත්සාහයක්ම ගන්නා බව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පෙන්වා දෙයි. එතුමා මේ බව පැවසූයේ ඊයේ(17) පස්වරුවේ මහපොළ අභ්‍යාස ආයතනයේ පැවති උත්සවයකදී අදහස් දක්වමිනි. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ සේවකයින්ගේ ශක්තියෙන් ගොඩනැගුණු වරාය....
වැඩිදුර පුවත් >>
හම්බන්තොට වරාය දියුණු කිරීම නතර කිරීම සඳහා කුමන්ත්‍රණයක් ඇති බවට සැකයක්.
ආයෝජකයින් ගෙන්වා හම්බන්තොට වරාය දියුණු කිරීමට ගන්නා උත්සාහය නතර කිරීමට විදෙස් රටක මැදිහත් වීමෙන් කුමන්ත්‍රණයක් සිදු වන බවට සැකයක් මතුව තිබේ. ඒ පිළිබඳව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගෙන් මාධ්‍යවේදීන් අද ප්‍රශ්න කර සිටියේය. ඒ බාඳුරාගොඩ ශෛලතලාරාම විහාරස්ථානයේ පැවැති ආගමික උත්සවයකට සහභාගි වූ අවස්ථාවේදීය. මේ වන විට අන්දමන් මුහුද සහ තායිලන්තයේ ගල්ෆ් කලාපය
වැඩිදුර පුවත් >>
ගිවිසුම් අත්සන් කිරීමට පෙර මුදල් දෙන්න සූදානම් වන්නේ මොන ආයෝජකයාද - ඇමති අර්ජුන
කවුරු කලබල වුවත් හම්බන්තොට වරාය චීන සමාගමට බදු දීම කල් ගෙන රටට වාසිදායක ලෙස සිදු කරන බව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. හම්බන්තොට වරායට ආයෝජකයින් කැඳවීමේදී රටට ආවාසිදායක නොවන ලෙස සිදු කරන්නැයි ගරු ජනාධිපතිතුමා සහ අගමැතිතුමා තමන්ට උපෙදස් දී ඇතැයිද අර්ජුන රණතුංග අමාත්‍යතුමා පැවසීය. එතුමා මේ බව කියා සිටියේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා....
වැඩිදුර පුවත් >>
වරාය රැකගැනීම හෝ විනාශ කිරීම සේවකයින් සතු වේ - ඇමති අර්ජුන රණතුංග පවසයි.
“වරාය අධිකාරියේ සංවර්ධන කටයුතු කරනකොට පසුගියකාලයේ දේශපාලන හස්තයන් කරපු ක්‍රියාදාමයන්ගෙන් අපි ඉතාමත් අසරණ තත්ත්වයකට පත්වෙලා තියෙනවා. අද මේ අවස්ථාවේ නැතිවුණත් තමුන්නාන්සේලා දැනගත යුතුයි මගේ නියෝජ්‍ය ඇමතිතුමා, සභාපතිතුමා ඇතුළු සාමාන්‍යාධිකාරීතුමා, කළමනාකාර අධ්යක්ෂතුමන්ලා මේ සියලුම ප්‍රධාන නිලධාරීන්ට පසුගිය මාස තුනේදී තමුන්නාන්සේලා නොදන්න....
වැඩිදුර පුවත් >>
දිළිඳුකමින් තොර දේශයක් නිර්මාණය කිරීමට සැවොම එක්වෙමු - අමාත්‍ය අර්ජුන රණතුංග නව වසරට සුභාශිංසන එක්කරමින් පවසයි.
තිරසාර සංවර්ධනයක් සඳහා දිළිඳුකම තුරන්කර සෑම පුද්ගලයෙකුටම සමානව සලකන ක්‍රමවේදයක් රට තුළ ඇති කිරීම සඳහා සියලු දෙනාම නව වසරේදී අධිෂ්ඨාන කර ගත යුතු බව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. 2017 නව වසර වෙනුවෙන් සුභාශිංසන එක්කිරීම සඳහා සංවිධානය කෙරුණු උත්සවයට සහභාගීවෙමින් අර්ජුන රණතුංග මැතිතුමා මෙම අදහස් පළ කළේය.....
වැඩිදුර පුවත් >>
අඳුරු අතීතය පසෙක තබා එක් රටක් ලෙස එකට එකතුවීමට සියලු දෙනාම කටයුතු කළ යුතුයි - ගරු විපක්ෂ නායක ආර්. සම්බන්දන් මැතිතුමා පවසයි
“අප දැන් පසු කරන්නේ ශ්‍රී ලාංකීය ඉතිහාසයේ වැදගත් සන්දිස්ථානයක්. අපිට තවත් දින කිහිපයකින් නව වසරක් උදාවෙනවා. එම වසර අපට විශාල අපේක්ෂා සහ බලාපොරොත්තු තිබෙන වසරක්. ඉදිරි වසරේදී අඳුරු අතීතය පසෙක තබා එක් රටක් ලෙස එකට එකතුවී සෞභාග්‍ය උදාකර ගැනීමට කටයුතු කළ යුතුයි. අපේ ශ්‍රී ලාංකික ජනතාව තවමත් දිලිදුකමින් පීඩා විදිනවා. අපි එයට ඉඩදිය යුතු නැහැ. අපේ රට දියුණු විය යුතුයි....
වැඩිදුර පුවත් >>
ලංකාවේ පළමු ගැන්ට්‍රි ක්‍රේන් ක්‍රියාකාරිනිය ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන්.
ලංකාවේ පළමු ගැන්ට්‍රි ක්‍රේන් ක්‍රියාකාරිනිය නුදුරු දිනයකදීම ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් හඳුන්වා දෙනු ලබනු ඇතැයි ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. එතුමා මේ බව කියා සිටියේ Colombo Maritime සම්මන්ත්‍රණයේ සමාරම්භක උත්සවයට සහභාගි වෙමිනි. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මහපොළ අභ්‍යාස ආයතනයේදී පැවැති එම උත්සවයට ගරු වරාය සහ නාවික නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ට
වැඩිදුර පුවත් >>
හම්බන්තොට වරායේ ආරක්ෂාව වරාය අධිකාරිය යටතේ තිබිය යුතුයි - ඇමති අර්ජුන.
“අපි නාවික හමුදා බේස් එක වෙනස් කරන්නේ නැහැ. ඔවුන් එම ස්ථානයේ ඉන්නවා. ඉදිරියේදීත් වරායේ ආරක්ෂාව ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙනවා. නැව්, කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වෙනවා නම් දේශීය හෝ විදේශීය වේවා එම නෞකා භේරාගැනීම නාවික හමුදාවේ ප්‍රධාන වගකීමක්. අපි නාවික හමුදාවෙන් බලාපොරොත්තු වන්නෙත් එයයි. පසුගියකාලේ අපි දැක්කා මේ රටට කොකේන්.....
වැඩිදුර පුවත් >>
මාගම්පුර වරායේ සියලුම සේවකයින් හෙට පස්වරු 2ට පෙර සේවයට වාර්තා කළ යුතුයි - ඇමති අර්ජුන තීරණය පවසයි.
මාගම්පුර වරාය කළමනාකරණ සමාගමේ සියලුම සේවකයින් හෙට (2016.12.15) දින ප.ව. 2ට පෙර රාජකාරී සඳහා වාර්තා කළ යුතු බව එම සමාගම සියලු සේවකයින්ට දන්වා සිටී. එසේ වාර්තා නොකරන සේවකයින් ස්වේච්ඡාවෙන්ම සේවය අත්හැර ගියා සේ සලකා කටයුතු කරන බවද එම සමාගම පවසයි. මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් වරාය සහ නාවික අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී....
වැඩිදුර පුවත් >>
අගමැතිතුමා හම්බන්තොට සේවකයෝ අස් කරන්න කිව්වේ නැහැ - නාමල් රාජපක්ෂ අමූලික බොරු කියනවා.. ඇමති අර්ජුන රණතුංග පවසයි.
“අගමැතිතුමා හම්බන්තොට වරායේ සේවකයෝ අස්කරන්න කිව්වා කියලා නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා මගෙත් නම සඳහන් කරමින් මාධ්‍යවෙත ප්‍රකාශ කරලා තිබුණා. ඒ ප්‍රකාශය මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. අගමැතිතුමා එහෙම දෙයක් කිව්වේ නැහැ. මම මේ අමාත්‍යාංශයට එනකොට නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ තාත්තාගේ ඡන්ද ව්‍යාපාරවලට ගිය 582ක් සේවයෙන් ඉවත් කරන්න....
වැඩිදුර පුවත් >>
ශී‍්‍ර ලංකා වරාය අධිකාරියේ සම්පත් කිසිම විටක විකුණන්නේ නැහැ -අපි කරන්නේ ආයෝජකයින් ගෙන්වා ගැනීම පමණයි ඇමති අර්ජුන රණතුංග අවධාරණය කරයි.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සම්පත් විකිණීම තම ප්‍රතිපත්තිය නොවන බව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. එතුමා මේ බව පෙන්වා දෙන්නේ වරාය හා නාවික අමත්‍යාංශයේ ප්‍රගති වාර්තාවෙනි. පාර්ලිමේන්තුවට සභාගත කළ එම වාර්තාවෙන් වැඩිදුරටත් අර්ජුන රණතුංග අමාත්‍යතුමා අවධාරණය කරන්නේ අධික ණය බරින් සමස්ත වරායම විනාශ මුඛයට ඇද දැමීම තමාගේ ප්‍රතිපත්තිය නොවන බවයි.....
වැඩිදුර පුවත් >>
කොළඹ වරායේ CICT ආයතනයෙන් වීල් චෙයා ටෙනිස් පිටි දෙකක්.
වීල් චෙයා ටෙනිස් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමට කොළඹ වරායේ CICT ආයතනය ඉදිරිපත් වේ. එහි එක් ව්‍යාපෘතියක් ලෙස චීල් චෙයා ටෙනිස් පිටි සංවර්ධනයට එම ආයතනය මේ වන විට අරමුදල් සපයයි. ඒ යටතේ සංවර්ධනය කෙරුණු ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ (SLTA) ටෙනිස් පිටි දෙකක් සංවර්ධනය සඳහා අරමුදල් සැපයීය....
වැඩිදුර පුවත් >>
ලොව දෙවැනි විශාලතම සංචාරක මගී නෞකාව කොළඹ වරායට.
කොළඹ වරාය දැඩි කාර්ය බහුල ස්ථානයක් බවට අද (01) පත්විය. ඒ විශාල සංචාරක මගී නෞකාවක් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට ළඟාවීමෙනි. නෞකාවෙන් මෙරටට සංචාරකයින් 2000 ක් පැමිණි අතර මෙරටින් සංචාරකයින් 1500 ක් නෞකාවට ගොඩවිය....
වැඩිදුර පුවත් >>
වෙනසක් නැතිව වරායට බෝනස් - සේවකයින් ගැන සිතා ගත්ත තීරණයක් - ඇමති අර්ජුන පවසයි.
මේ වසරේ ප්‍රසාද දීමනාවේ දෙසැම්බර් වාරිකය කිසිඳු වෙනසකින් තොරව සියලුම සේවකයින්ට ලබා දීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය තීරණය කරයි. ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ උපදෙස් මත අමාත්‍යාංශ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී එම තීරණයට එළැඹි බවද ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි. ශ්‍රී ලංකා වරාය අධිකාරිය ස්වකීය ප්‍රසාද දීමනාව ගෙවනුයේ....
වැඩිදුර පුවත් >>
සෝලන්ඩ් රුවල් නෞකාවේ අසිරිය විඳගන්න ඇමති අර්ජුන එක්වෙයි.
ලෝකයේ දැනට මුහුදු සංචාරවල යෙදෙන පැරණිතම රුවල් නෞකාව වූ නෝර්වේ රාජ්‍යයට අයත් ඓතිහාසික සෝලන්ඩ් (Sørlandet) රුවල් නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම දෙරට අතර මිත්‍රත්ත්වය තහවුරු කරන්නක් බව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. එතුමා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකාවට සේන්දු වූ එම නෞකාව පිළිගැනීමේ උත්සවයට සහභාගි වෙමිනි....
වැඩිදුර පුවත් >>
ලොව පැරණිතම රුවල් නෞකාව කොළඹ වරායට.
නෝර්වේ අධිරාජ්‍යයේ ඓතිහාසික උරුමයක් ලෙස සැලකෙන සෝලන්ඩ් (Sørlandet) රුවල් නෞකාව පසුගියදා කොළඹ වරායට සේන්දු විය. වසර දෙකක ලොව වටා සංචාරයේ එක් අවස්ථාවක් ලෙස මෙය කොළඹ වරායට සේන්දු වී තිබේ. ඒ A+ පුහුණු අධ්‍යාපනික ආයතනයේ උසස් අධ්‍යාපන සිසුන් 70 ක් ද සමඟිනි. නෞකාවේ මෙම සංචාරය සඳහා රටවල් 22 ක් සහ වරායන් 44 ක් ඇතුළත් වේ.....
වැඩිදුර පුවත් >>
යාපනයේ දූපත් අතර ප්‍රවාහනයට නාවික හමුදාවේ සහය... ජනපති අනුමැතිය ලබාදේ.
යාපනය අර්ධද්වීපයේ දූපත් ආශ්‍රිතව ආරක්ෂිත මගී ප්‍රවාහනය විධිමත් කිරීමේ ව්‍යාපෘතියට ශ්‍රී ලංකා නාවික හමුදාවේ පූර්ණ සහාය ලබාදීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගනී. ආරක්ෂක අමාත්‍යතුමා ලෙස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මත එය ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව යාපනය දූපත් ආශ්රිත ජැටි සහ අවශ්‍ය ගොඩනැඟිලි ඉඳි කිරීම සඳහා නාවික හමුදාවේ ශ්‍රම දායකත්වය ලබා ගැනේ....
වැඩිදුර පුවත් >>
පුද්ගලයින් නොව තම ආයතනය ආරක්ෂා කළ යුතුයි - ඇමති අර්ජුන පවසයි.
පුද්ගලයින් නොව තමන් සේවය කරන ආයතනය සුරැකීමට සේවකයින් කැපවිය යුතු බව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. එතුමා මේ බව පැවසූයේ පසුගියදා පැවති ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ආරක්ෂක නියාමකවරුන්ගේ විසිරයාමේ උත්සවයට සහභාගීවෙමිනි. එතුමා එහිදී වැඩිදුරටත් පැවසූයේ ඕනෑම පුද්ගලයෙක් වරදක් සිදුකරයි නම් තනතුරු ගැන නොසිතා.....
වැඩිදුර පුවත් >>
වරාය අධිකාරියේ නවක සේවකයින්ගෙන් මල්වතු, අස්ගිරි මහාවිහාර වෙත ශබ්ද කෝෂ 150 ක්.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නවක සේවක මහත්ම මහත්මීන් 106 ක කණ්ඩායම මහනුවර මල්වතු , අස්ගිරි මහාවිහාර වෙත ශබ්ද කෝෂ 150 බැගින් ප්රදානය කිරීම පසුගිය 08 වැනිදා සිදුවිය. එහිදී සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනායක හිමි සහ සියම් නිකායේ මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානායක හිමි බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන්......
වැඩිදුර පුවත් >>
රාජ්‍ය සහ පෞද්ගලික අංශ එකට එක්ව දියුණුව කරායෑමේ ක්‍රමවේදය අප ඉදිරියට ගෙනයා යුතුයි - ඇමති අර්ජුන පවසයි.
මෙරට වරාය පද්ධතිය දියුණු කිරීමේදී රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහයෝගය හා දායකත්වය ලබාගැනීම අත්‍යවශ්‍ය කරුණක් වී ඇතැයි ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. වත්මන් රජයේ ආර්ථික දැක්ම මත එය දියත් කරන බවද එතුමා පෙන්වා දෙයි. මෙරට ජනතාවට වඩා විදේශීය ප්‍රජාව අතරෙහි අපගේ වරායන් ගැන පුළුල් අවබෝධයක් තිබෙන බවද අර්ජුන රණතුංග අමාත්‍යතුමා පවසයි.....
වැඩිදුර පුවත් >>
නැව් සංස්ථාවට අලුත් නැවක් - ණය බර නොතකා මේ නැව ආරක්ෂා කරනවා - ඇමති අර්ජුන පවසයි...
ශ්‍රී ලංකා නැව් සංස්ථාවට අයත් සිලෝන් ප්‍රින්සස් නෞකාව අද මව්රටට සේන්දු විය. ශ්‍රී ලංකා ධජය යටතේ යාත්‍රා කරන මෙම නෞකාව ශ්‍රී ලංකා නැව් සංස්ථාවට අයත් දෙවැනි නෞකාවයි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට මංගල ගමනින් අද උදෑසන සේන්දු වූ එම නෞකාව පිළිගනු ලැබුවේ ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා විසිනි...
වැඩිදුර පුවත් >>
"ලෝකයේ කොතැනක බිහිවුණත් දරුවන් සියලු දෙනාම අපිට එක වගේ ... " - වැඩබලන අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම පවසයි.
“ලෝකයේ කොතැනක බිහිවුණත් දරුවන් සියලු දෙනාම අපිට එක වගේ. එය සංකේතවත් කරමින් අපිට අද ලෝක ළමා දිනය සැමරීමට හැකි වී තිබෙනවා. ඇත්තටම ශ්‍රී ලාංකා ජාතිය බෙදී වෙන්වී නැතැයි සනිටුහන් කරන හොඳම මධ්‍යස්ථානය ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරිය හඳුන්වා දෙන්න පුළුවන්. එය තමයි අපිට අපේ රටට දිය හැකි හොඳම ආදර්ශය....” යැයි වැඩබලන වරාය සහ නාවික අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මැතිතුමා පවසයි. එතුමා මේ බව....
වැඩිදුර පුවත් >>
ශ්‍රී ලංකා වරාය අධිකාරිය පළමුවරට ලෝක ළමා දිනය සමරයි.
හෙටට යෙදෙන ලෝක ළමා දිනය සැමරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක් වේ. වරායේ අභිමානය දරුවන්ටත් යන තේමාව යටතේ එම සැමරුම් උළෙල පැවැත්වෙන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි. ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක මෙම වැඩසටහනෙහි මූලික ඉලක්කය වරාය සේවක සේවිකාවන්ගේ දරුවන්ගේ දක්ෂතා වර්ධනය කිරීමයි....
වැඩිදුර පුවත් >>
ලෝක ළමා දින සැමරුම - 2016
ලෝක ළමා දිනය පදනම් කර ගනිමින් “වරායේ අභිමානය අපේ දරුවන්ටත්...” යන මැයෙන් විශේෂ වැඩසටහනක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය පියවර ගෙන ඇත....
වැඩිදුර පුවත් >>
කොළඹ වරායට කාර් වසන්තයක්.
මෝටර් රථ විශාල ප්‍රමාණයක් රැගත් “ස්ප්‍රින්ග් ස්කයි” නෞකාව පසුගියදා කොළඹ වරාය වෙත සේන්දු විය.මෙම වසර තුළ කොළඹ වරාය වෙත පැමිණි වාහන නෞකා අතර වාහන විශාල ප්‍රමාණයක් රැගත් නෞකාවන්ගෙන් එකක් ලෙස මෙය හැඳින්විය හැකිය. එමඟින් මෙවර ගෙන ආ මෝටර් රථ සංඛ්‍යාව 1539 කි. ඉන්දියාවේ ඉනෝරා වරායේ සිට මෙහි පැමිණි නෞකාව මෝටර් රථ ප්‍රවාහනය...
වැඩිදුර පුවත් >>
අපි බණ්ඩාරනායක ප්‍රතිපත්ති වලට ගරු කරනවා - බණ්ඩාරනායක ගුණානුස්මරණ සැමරුමේදී වරාය සභාපති පවසයි.
එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ ප්‍රතිපත්ති අගයන බවත් එම ප්‍රතිපත්ති වලට ගරු කරන බවත් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග මැතිතුමා පවසයි. එතුමා මේ බව පැවසූයේ කොළඹ වරායේ අද පැවති 57 වැනි බණ්ඩාරනායක ගුණානුස්මරණ සැමරුම හා එක්වෙමිනි...
වැඩිදුර පුවත් >>
වෙරළ සුරක්ෂිත සතියට වරායෙහි සේවකයින් එක් වෙයි.
වෙරළ සුරක්ෂිත සතියට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවක සේවිකාවන් අද (22) එක් විය. ඒ ගාලුමුවදොර වරාය පිරිසිදු කිරීමේ වැඩසටහනට එක් වෙමිනි. ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ මඟ පෙන්වීම යටතේ එම වැඩසටහන....
වැඩිදුර පුවත් >>
ලොව සිව්වැනි විශාලතම බහළුම් නෞකාව කොළඹ වරායට.
ලොව සිව්වැනි විශාලතම බහළුම් නෞකාව කොළඹ වරාය වෙත සේන්දු විය. ඒ පසුගිය 16 වැනිදාය. ‘MSC මායා’ නමින් හැඳන්වෙන එම නෞකාව කොළඹ වරායට අයත් කොළඹ ජාත්‍යන්තර බහළුම් සමාගමේ(CICT) දකුණු පර්යන්තයෙහි නැංගුරම්ලන ලදි...
වැඩිදුර පුවත් >>
තොරතුරු දැනගැනීමේ පණත ක්‍රියාත්මක කිරීමට වරාය අමාත්‍යාංශය පෙළ ගැසෙයි... මහජනතාව තොරතුරු දැන ගැනීම සැඟවීමේ කිසිඳු අවශ්‍යතාවක් නැහැ - ඇමැති අර්ජුන පවසයි.
තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පණත ක්‍රියාත්මක කිරීමට වරාය සහ නාවික අමාත්‍යාංශය පෙළගැසෙයි. එහි මූලික පියවර ලෙස එම පණත පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුව අද (09) උදෑසන වරාය සහ නාවික අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ...
වැඩිදුර පුවත් >>
නව සංවර්ධන අධියර යටතේ යාපනය අර්ධද්වීපයට ජැටි 04 ක් - නාවික හමුදාවෙන් සහ වරාය අමාත්‍යාංශයෙන් තවත් සේවාවක්...
වෙරළාසන්න මගී ප්‍රවාහනය විධිමත් කරමින් යාපනය අර්ධද්වීපයෙහි සියලු ජැටි සංවර්ධනය කිරීමට පියවර ගැනේ. ඒ යටතේ එළුවතිව් දූපතෙහි ජැටියේ සංවර්ධන කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව උතුරු නාවික ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියල් ද සිල්වා මහතා පවසයි...
වැඩිදුර පුවත් >>
කන්කසන්තුරේ වරාය දියුණු කිරීමේදී අර්ථීකයට මෙන්ම ජාතික ආරක්ෂාවටත් මුල්තැන - ඇමති අර්ජුන පවසයි.
කන්කසන්තුරේ වරාය දියුණු කිරීමේදී ආර්ථිකයට මෙන්ම ජාතික ආරක්ෂාවටත් මුල්තැන ලබාදිය යුතු බව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. එතුමා මේ බව පැවසූයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරී මණ්ඩලය අද හමුවෙමිනි. වරාය සහ නාවික අමාත්‍යාංශයේ පැවැති එම හමුවේදී...
වැඩිදුර පුවත් >>
ණය බර දකුණට මෙන්ම උතුරටත් දැනෙනවා - රට සංවර්ධනය කිරීමේදී සිංහලද දෙමළද මුස්ලිම්ද කියා බලන්නේ නැහැ_ඇමැති අර්ජුන පවසයි.
රට ගිලී ඇති ණය බර දකුණට මෙන්ම උතුරටත් දැනෙන බව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. රට සංවර්ධනය කිරීමේදී සිංහලද දෙමළද මුස්ලිම්ද කියා බැලීමට හැකියාවක් නැති බවද එතුමා අවධාරණය කරයි. රටේ සහජීවනය සහ සමඟිය ඇති කිරීම උදෙසා උතුරු ප්‍රදේශයේ සංවර්ධනය...
වැඩිදුර පුවත් >>
වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ උප කාර්යාලයක් යාපනයේ.
වරාය සහ නාවික අමාත්‍යශයේ වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ උප කාර්යාලය හෙට (02) යාපනයේදී විවෘත කෙරේ. ඒ ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි. මෙරට වරාය, නාවික සහ සමුද්‍රිය විෂය නියාමනය කිරීම සහ අධීක්ෂණය පැවරී ඇත්තේ වෙළඳ නාවික ලේකම් කාර්යාලයටයි...
වැඩිදුර පුවත් >>
වරාය සේවකයින්ගෙන් විස්මිත නිර්මාණයක් - මුදල දෙවැනි තැනට තැබුවොත් තවත් බොහෝ දේ කළ හැකියි. නිර්මාණය පිළිගනිමින් ඇමති අර්ජුන කියයි....
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බහළු මෙහෙයුම් නඩත්තු අංශය විස්මිත නිර්මාණයක් සිදු කරයි. ලෝ බෙඩ් ට්‍රේලර් යන්ත්‍රය එම විස්මිත නිර්මාණය වේ. බහළු ප්‍රවාහනයට යොදා ගන්නා මෙම ලෝ බෙඩ් යන්ත්‍රය නිර්මාණය කිරීමට වරාය පරිශ්‍රයේ ඉවතලන ද්‍රව්‍ය යොදා ගැනීමද විශේෂත්වයකි. මාස තුනකින් සාදා නිමකළ එම යන්ත්‍රයේ නිර්මාණ අයිතිකරුවන් වන්නේ රෝහණ කුමාර සහ ඒ.කේ.ඩී. රාසුරු යන වරාය සේවකයින් වේ...
වැඩිදුර පුවත් >>
වගකීමෙන් දැනුම් දීමයි - කොළඹ වරාය පරිශ්‍රයේ හයිහුන්ඩායි වැඩබිමේ හටගත් ගින්න_ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙනම පරීක්ෂණයක් අරඹයි.
කොළඹ වරාය පරිශ්‍රයේ ඊයේ හටගත් ගින්න එහි නැගෙනහිර පර්යන්තයේ ඇති වූ බවට ඇතැම් මාධ්‍ය වාර්තාවල දක්නට ලැබිණ. එහෙත් එය නිවැරදි නොවේ. ඊයේ පස්වරු 1යි 30ට පමණ හටගත් එම ගින්න ඇති වූයේ කොළඹ වරාය පරිශ්‍රයේ හයිහුන්ඩායි පෞද්ගලික වැඩබිමේය. එම වැඩ බිමේ ගොඩගසා තිබූ භාවිතයෙන් ඉවත් කළ රබර් නළ අට්ටියක් ආශ්‍රිතව එම ගින්න ඇති විය. එම රබර් නළ මුහුදේ සිට ගොඩබිමට වැලි පොම්ප කිරීම සඳහා යොදා ගනී...
වැඩිදුර පුවත් >>
කොළඹ වරායේ පෞද්ගලික වැඩබිමේ ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කෙරේ.
කොළඹ වරාය පරිශ්‍රයේ පෞද්ගලික වැඩබිමක අද හටගත් ගින්න සම්පූර්ණයෙන්ම නිවා දමයි. එම වැඩ බිමේ ගොඩබසා තිබූ භාවිතයෙන් ඉවත් කළ රබර් නළ අට්ටියක් ආශ්‍රිතව මෙම ගින්න ඇති වූයේ අද පස්වරුවේ 1.30ට පමණය. මෙම රබර් නළ මුහුදේ සිට ගොඩබිමට වැලි පොම්ප කිරීම සඳහා යොදා ගනී...
වැඩිදුර පුවත් >>
ප්‍රති අපනයන බහළු මෙහෙයුමේ තවත් එක් පියවරක් ඉදිරියට - කොළඹ අන්තර්ජාතික සමුද්‍රීය සමුළුවේදී යෝජනා රැසක්.
ප්‍රතිඅපනයන බහළු මෙහෙයුමේදී ශ්‍රී ලංකාව ලෝකයේ හොඳම වරායන් 20 අතරට ගෙන ඒම සඳහා වූ යෝජනා මාලාවක් කොළඹ අන්තර්ජාතික සමුද්‍රීය සමුළුවේදී ඉදිරිපත් කිරීමට නියමිත බව එම සමුළුවේ සංවිධායක කමිටු සභාපති රොහාන් මාසකෝරාල මහතා පවසයි...
වැඩිදුර පුවත් >>
කොළඹ වරායේ ජයබහළු පර්යන්තයට විශාල නෞකා හතරක් එක්වර පැමිණේ.
ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් කොළඹ වරායේ ජයබහළු පර්යන්තයට විශාල නෞකා හතරක් එක්වර පැමිණේ. 2016 අගෝස්තු මස 21 සහ 22 යන දෙදින එම නෞකා කොළඹ වරායේ ජයබහළු පර්යන්තයට පැමිණියේය. MSC සුසානා ( MSC Susanna), MSC ජොහානා (MSC Joanna), කොන්ටික්ලරික් (Conticlaris) සහ බ්රාවෝ (Bravo)....
වැඩිදුර පුවත් >>
ප්‍රශ්න විසඳීමේදී බුද්ධිමතුන්ගේ අත්දැකීම් සහ දැනුම අතවශ්‍යයයි - ඇමති අර්ජුන රණතුංග පවසයි.
රටේ ප්‍රශ්න විසඳීමේදී නිවැරදි තීරණ ගැනීම සඳහා බුද්ධිමතුන්ගේ අත්දැකීම් සහ දැනුම අත්‍යවශ්‍ය වන බව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. එතුමා මේ බව පැවසූයේ විද්වත් හමුවකට සහභාගීවෙමිනි. විද්වත් හමුව වරාය සහ නාවික අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි...
වැඩිදුර පුවත් >>
මේ රටේ බෞද්ධාගමට හිමි තැන නැති කරන්නේ නැහැ - ඒ වගේම අන්‍ය ආගම්වලට හිමි තැන උදුරා ගන්නෙත් නැහැ.
සාමය සහ සහජීවනය සුරක්ෂිත රටක් බිහි කිරීමට වත්මන් යහපාලන ආණ්ඩුවට හැකි වී ඇතැයි ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. බඩගෝස්තරවාදී දේශපාලනය නතර කර ආගමික සංහිදියාව ඇති කිරීමට කාලය එළැඹ ඇතැයිද අර්ජුන රණතුංග අමාත්‍යතුමා පැවසීය...
වැඩිදුර පුවත් >>
බහළු මෙහෙයුමේදී 2030 දී කොළඹ වරායට මිලියන 30ක ඉලක්කයක්.
2030 වර්ෂය වනවිට කොළඹ වරායේ බහළු මෙහෙයුම මිලියන 30 දක්වා වැඩිකිරීමට අපේක්ෂා කරන බව වරාය සහ නාවික අමාත්‍යාංශයේ ලේකම් එල්.පී. ජයම්පති මහතා පවසයි. 2030 දී එම ඉලක්කය සපුරා ගැනීමට කොළඹ වරාය දැන් පවතින ප්‍රමාණයට වඩා සය ගුණයකින් විශාල කළ යුතු බවද එතුමා පෙන්වා දෙයි. දකුණු ආසියාවේ උපරිම තරගකාරීත්වයෙන් යුත් සමුද්‍රික සේවා සපයන මධ්‍යස්ථානය බවට...
වැඩිදුර පුවත් >>
කොළඹ වරායේ CFS 1 ගුදම සර්ව ආගමික ආශිර්වාදය සමඟින් රාජකාරී අරඹයි.
“CFS 1 ගුදම නැවත ප්‍රතිසංස්කරණය කිරීම නව රජය යටතේ ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ මගපෙන්වීම යටතේ මාස 08 ක් වැනි ඉතාමත් කෙටිකාලයකදී අපේම ශක්තියෙන් අපේ ඉංජිනේරු මහත්වරුන්ගේ ඉංජිනේරු ඥානය සහ කාර්මික ශිල්පීන්ගේ කුසලතාවන්හි ශක්තියෙන් ඉදිවුණා. එය වරාය අධිකාරියේ 37 වැනි සංවත්සරය නිමිති කර අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් විවෘත කෙරුණා....
වැඩිදුර පුවත් >>
වරායේ සෑම සේවකයෙක්ම ක්‍රීඩකයෙක් කරමු - සෞඛ්‍ය වියදම අඩු කරන්න ක්‍රීඩාවත් ප්‍රචලිත කරමු - හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග.
“අපි දන්නවා අද මේ රටේ තියෙන රෝගී තත්ත්වයන්. එම රෝගවලට ප්‍රධානතම හේතුව වෙලා තියෙන්නේ ක්‍රීඩාවෙන් ඉවත් වීම. සමහරු පුංචි කාලෙදිම ඉවත් වෙනවා. සමහර අය වයසට යාමත් සමඟ ඉවත් වෙනවා. නමුත් ක්‍රීඩාවේ දිගටම යෙදුණොත් රෝග සඳහා වියදම් කරන මුදල් අපිට බොහෝ දුරට අඩු කරගන්න පුළුවන්. ඒ වගේම අපි රජයක් හැටියට සෞඛ්‍යට වියදම් කරන මුදල අඩුකළ හැකි ප්‍රධානම උපක්‍රමය වන්නේත් ක්‍රීඩාවයි...
වැඩිදුර පුවත් >>
ලාභ ලබන රාජ්‍ය ආයතන කිසිවක් විකුණන්නේ නැහැ - අතිගරු ජනාධිපතිතුමා අවධාරණය කරයි.
ලාභ ලබන රාජ්‍ය ආයතන කිසිවක් පෞද්ගලීකරණයට ලක් නොකරන බව අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි. එතුමා වැඩිදුරටත් අවධාරණය කළේ වරායද පෞද්ගලීකරණය කිරීමේ අවශ්‍යතාවක් නොපෙනෙන බවයි. එතුමා මේ බව පැවසූයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ CFS 1 බහළු මෙහෙයුම් මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක්වෙමිනි....
වැඩිදුර පුවත් >>
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව බහළු මෙහෙයුම් මධ්‍යස්ථානය විවෘත කිරීම හෙට.
කොළඹ වරායෙහි ගුදම් (warehouse) පහසුකම් පුළුල් කිරීමට පියවර ගැනේ. එහි පළමු පියවර යටතේ ඉදිකෙරෙන CFS 01 ගුදම හෙවත් CFS 01බහලු ගත නැව් බඩු මෙහෙයුම් මධ්‍යස්ථානය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 37 වැනි සංවත්සරයට සමගාමීව හෙට( (10 විවෘත කිරීමට නියමිත බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි. ඒ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතිනි....
වැඩිදුර පුවත් >>
වරාය සංවත්සර පාපැදි සහ මාර්ග ධාවන තරගය අද.
වරාය සැමරුම් ක්‍රීඩා උළෙලේ පිරිමි මාර්ග ධාවන තරගයේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නාවික කොට්ඨාසයේ එම්. පී. ඩී. චන්ද්‍රකුමාර සමත් වේ. එහි කාන්තා ශූරතාව දිනා ගත්තේ එම අධිකාරියේ ආරක්ෂක කොට්ඨාසයේ වාසනා මධුමාලියි. තරග අද උදෑසන කොළඹ වරාය පරිශ්‍රයේදී පැවැත්විණ. ඒ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ගරු සභාපති දම්මික රණතුංග මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි...
වැඩිදුර පුවත් >>
වරාය ඉතිහාසයේ පළමු වරට ග්රැන්ටි ක්‍රේන් ක්‍රියාකරවීමට කාන්තාවන් දොළොස්දෙනෙක්.
වරාය ඉතිහාසයේ පළමු වරට ග්රැන්ටි ක්‍රේන් ක්‍රියාකරවීම සඳහා කාන්තාවන් දොළොස්දෙනකු ඉදිරිපත් වේ. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ දිරිය කාන්තාවන්ට අත්වැලක් සපයමින් වරාය සභාපති ධම්මික රණතුංග මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම දැනුවත් කිරීමේ වැඩසටහන පසුගියදා මහපොළ අභ්‍යාස ආයතනයේදී සංවිධානය කෙරිණි. මෙම අවස්ථාවට...
වැඩිදුර පුවත් >>
වරාය සේවකයින් ගෞරවාන්විතව සේවයට මෙන්ම සමාජ සේවයටත් කැපවුණු පිරිසක් - වරාය සභාපති ධම්මික රණතුංග මහතා පවසයි.
“වරාය රැකියාව දැඩි මහන්සියෙන් කළ යුතු රැකියාවක්. එහි වගකීම් ඉටු කිරීමට දැඩි කැපවීමක් කළ යුතුයි. මේ දක්වා අප ලැබූ සාර්ථකත්වයත් අපේ සේවකයින් දැක් වූ ඒ දැඩි කැපවීමයි. අද අපි එතැනින් එහාට ගිහින් සමාජ වගකීමකුත් ඉටු කළා. ඒ වකුගඩු රෝගීන් සඳහා වූ ආධාර මුදල වෙනුවෙන් පාගමනට එක්වෙමින්. මේ පාගමනට භේදවලින් තොරව වරාය සේවකයින් සියලු දෙනාම එකට එක් වීම...
වැඩිදුර පුවත් >>
යහපාලනය දැකිය හැකි හොඳම තැන වරාය භූමියයි - වැඩබලන වරාය සහ නාවික අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම පවසයි.
“වරාය අධිකාරියේ ඉතිහාසයේ ගෙවුණ වසර තරම් ප්රවර්ධනයක් ඇති වුණ වෙන වසරක් තවත් නෑ. ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා, දිවංගත අමාත්‍යතුමා මේ කටයුත්ත ආරම්භ කරාට පස්සේ ගෙවුණු හොඳම වර්ෂය තමයි පහුගිය වර්ෂය...
වැඩිදුර පුවත් >>
ශ්‍රී ලංකාවේ ආනයන අපනයන අංශයට නැව්ගත කරන්නන්ගේ සංගමය විශාල දායකත්වයක් සපයනවා - ඇමති අර්ජුන පවසයි.
ශ්‍රී ලංකාවේ ආනයන අපනයන අංශයට නැව්ගත කරන්නන්ගේ සංගමය විශාල දායකත්වයක් සපයන බව ගරු වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි...
වැඩිදුර පුවත් >>
ශ්‍රී ලංකා නාවිකයින්ට ස්විස්ටර්ලන්තයේ රැකියා - අවබෝධතා ගිවිසුමටත් අත්සන් තබයි...
ඉදිරියේදී ශ්‍රී ලංකාවේ නාවිකයින්ට ස්විස්ටර්ලන්ත ධජය සහිත නෞකාවල සේවය කිරීමේ අවස්ථාව උදා වන බව වරාය සහ නාවික අමාත්‍යාංශයේ ලේකම් එල්. පී. ජයම්පති මහතා පවසයි. ඒ සඳහා වූ ද්විපාර්ශික අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම...
වැඩිදුර පුවත් >>
හම්බන්තොට ණය ගෙවන්නේ කොළඹින්. සැමරුම් උත්සව මාධ්‍ය හමුවේදී ඇමති අර්ජුන පවසයි.
හම්බන්තොට වරාය සඳහා ඩොලර් බිලියන 1.2 ක ණයක් අරන් තියෙනවා බැංකුවලින්. මේ ණය අපි අනිවාර්යෙන්ම ගෙවිය යුතුයි. ඒ නිසා කොළඹින් ලැබෙන ලාභය හුඟක් දුරට හම්බන්තොට ණය ගෙවන්න වැය වෙනවා...
වැඩිදුර පුවත් >>
වරායේ ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුවට අපේ සම්බන්ධයක් නැහැ - වරාය ජාතික සේවක සංගමය අවධාරණය කරයි.
වරායේ ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව නමින් පෙනී සිටින කණ්ඩායම සමඟ තම සංගමයේ කිසිඳු සම්බන්ධතාවක් නැතැයි එක්සත් ජාතික පක්ෂයෙහි වරාය ජාතික සේවක සංගමය පවසයි...
වැඩිදුර පුවත් >>
වරාය සේවකයින්ට තෘප්තිමත් ජීවිතයක් ඇති කිරීම අපේ අරමුණයි - වරාය සභාපති දම්මික රණතුංග.
වරාය සේවකයින්ට සිය රැකියාව පිළිබඳ අභිමානයක් ඇති කිරීම නව පරිපාලනයේ මූලික අරමුණක් බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති දම්මික රණතුංග මහතා පවසයි...
වැඩිදුර පුවත් >>
ඩෙංගු උවදුරෙන් තොර වරායක්.... ශ්‍රී ලංකා වරාය අධිකාරිය විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කරයි.
ඩෙංගු උවදුරෙන් තොර වරායක් යන සංකල්පය යටතේ සෞඛ්‍ය වැඩසටහන් මාලවක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය ආරම්භ කරයි. එහි සමාරම්භක වැඩසටහන අද පැවැත්වුණේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජයබහළු පර්යන්තයේ සේවක සේවිකාවන්ගේ මූලිකත්වයෙනි...
වැඩිදුර පුවත් >>
වරාය අපකීර්තියට පත් කිරීමට ඉඩක් නැහැ. එහෙම කරන ඕනම පුද්ගලයෙකුට එරෙහිව දැඩි තීරණ ගන්නවා - ඇමති අර්ජුන පවසයි.
වරාය අපකීර්තියට පත්කිරීමට කිසිදු අවස්ථාවක ඉඩ නොදෙන බව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. වරායේ කටයුතු කඩාකප්පල් කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට පසුබට නොවන බවද අර්ජුන රණතුංග අමාත්‍යතුමා කියා සිටී....
වැඩිදුර පුවත් >>
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පර්යන්ත බහළුගත නැව් භාණ්ඩ ධාරිතාව නිශ්චය කිරීම - SOLAS සම්මුතිය හා එක්වෙයි.
අන්තර් ජාතික සෝලාස් සම්මුතිය හෙවත් සමුද්‍රයේදී ජීවිතාරක්ෂාව පිළිබඳ සම්මුතිය (SOLAS Safety of life at Sea) පරිදි ශ්‍රී ලංකා වරාය අධිකාරියද බහළු ගත නැව් භාණ්ඩ ධාරිතාව නිශ්චය කිරීම...
වැඩිදුර පුවත් >>
ජාතියක දියුණුවේ රහස අපේකම රැක ගැනීමයි - ඇමති අර්ජුන පවසයි.
ඕනෑම ජාතියක දියුණුවේ රහස අපේකම රැක ගැනීම බව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. ඒ සඳහා විදේශීය දේ දෑත් දිගු කර භාර ගැනීමේ යුගය අවසන් කළ යුතු බවද අමාත්‍ය අර්ජුන රණතුංග අමාත්‍යතුමා පෙන්වා දෙයි...
වැඩිදුර පුවත් >>
අනන්‍යතා ආරක්ෂා කිරීම ජාතික සමඟියේ පදනමයි. රාමාසාන් උත්සව දින පණිවිඩයෙන් ඇමති අර්ජුන පවසයි.
සියලු ජාතීන්ගේ අනන්‍යතා ආරක්ෂා කරමින් එකිනෙකාට ගරු කිරීම, ජාතික සමඟියේ මූලික පදනම බව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. අනාදිමත් කාලයක සිට අප සමඟ සහෝදරත්වයෙන් ජීවත් වන ඉස්ලාමීය බැතිමතුන් ජාතික සමඟි උදෙසා දක්වන කැපකිරීම අගය කරන බවද....
වැඩිදුර පුවත් >>
වරාය අධිකාරියේ අසංක සමිත් හෙට්ටිහේවාගෙන් ජාතික අධ්‍යාපනයට මෙහෙවරක්.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නාවික ඉංජිනේරු කොට්ඨාසයේ සේවය කරන අසංක සමිත් හෙට්ටිහේවා මහතා රචනා කළ “හොඳම වැඩපොත්...” කෘති පෙළ ලබන බදාදා එළි දැක්වේ...
වැඩිදුර පුවත් >>
කොළඹ වරායේ නව සමාජයක් පිහිටුවයි - එහි පළමු වැඩසටහන අනුරපුර පුදබිමෙන් ඇරඹේ.
කොළඹ වරාය කේන්ද්‍ර ගරගනිමින් නව සිවිල් සමාජයක් පිහිටුවයි. ඒ අනුරාධපුර පූජා භූමිය පවිත්රකිරීමේ වැඩසටහන දියත්කරමිනි. යහපත් සමාජ සත්කාරයෙන් අර්ථවත් සමාජයක් බිහිකරමු යන තේමාව යටතේ ක්‍රියාත්මක වන....
වැඩිදුර පුවත් >>
සියලුම දෙනාටම එකට ජීවත් වීමේ අයිතිය ලබාදීම අපේ අරමුණයි - ඇමති අර්ජුන පවසයි.
පසුගිය කාලයේ වූ සිදුවීම් සමඟ ඉදිරියට යෑම එතරම් පහසු දෙයක් නෙවෙයි. නමුත් අපි උත්සාහ කරන්නේ මේ රට එකමුතුව තියා ගන්න....
වැඩිදුර පුවත් >>
කොළඹ වරායේ SAGT පර්යන්තයෙහි SOLAS සම්මුතිය ක්‍රියාවට නැංවීමට පියවර.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පළමු පෞද්ගලික බහළුම් පර්යන්තය වන SAGT ආයතනය SOLAS හි තහවුරු කරන ලද දළ නීතීන් සිය පර්යන්තයෙහි පිහිටුවීම සඳහා වූ සංවාදශීලී සැසිය පසුගිය 22 වනදා සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණී...
වැඩිදුර පුවත් >>
ප්‍රීතිපුර ළමා නිවාසයේ දරුවන්ගේ වරාය සංචාරය.
වත්තල - හැඳල ළමා නිවාසයෙහි විශේෂ අවශ්‍යතා සහිත දරු දැරියන් පසුගියදා කොළඹ වරාය නැරඹීමේ විශේෂ චාරිකාවක නිරත විය...
වැඩිදුර පුවත් >>
ආණ්ඩුව හරිමඟක නොගියහොත් මම එතන ඉන්නේ නැහැ-වැරදි කරන ඕනෑම කෙනෙකුට නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ඇමති අර්ජුන පවසයි.
කිසිවිටෙක වරදට අනුබල නොදෙන තමන් වරදක් දකින ඕනම අවස්ථාවක නීතිගරුකව කටයුතු කරන බව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. එතුමා මේ බව පැවසූයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරීන් ඇගයීමේ උත්සවය සඳහා සහභාගී වෙමිනි.....
වැඩිදුර පුවත් >>
ශ්‍රී ලංකාවේ එකම වරාය කලමනාකරණ ඩිප්ලෝමාව කොළඹ වරායේ ඇරඹේ.
ශ්‍රී ලංකාවේ එකම වරාය කලමනාකරණ ඩිප්ලෝමාව කොළඹ වරායේ මහපොල පුහුණු අභ්‍යාස ආයතනයේදී ආරම්භ කෙරේ. ගරු වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ මගපෙන්වීම යටතේ එම කටයුතු ක්‍රියාත්මක වේ....
වැඩිදුර පුවත් >>
වරාය වෘත්තීය සමිති නායකයින් තිදෙනකුගෙන් ඇමති අර්ජුන රුපියල් මිලියන 500 බැගින් වන්දි ඉල්ලයි.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වෘත්තීය සමිති නායකයින් තිදෙනකුගෙන් ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා රුපියල් මිලියන 500 බැගින් වන්දි ඉල්ලයි. ඒ ...
වැඩිදුර පුවත් >>
වරායේ වඩුමඩුව ගැන වෘත්තීය සමිති ගෙන ගිය ප්‍රචාර අසත්‍යයි - ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උපසභාපති මහාචාර්ය ප්‍රසන්න පෙරේරා පවසයි.
ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් වඩු කාර්මික මධ්‍යස්ථානය ගැන ඇතැම් වෘත්තීය සමිති නායකයින් ගෙන ගිය ප්‍රචාර අසත්‍ය බව එම අධිකාරිය අවධාරණය කරයි. වරාය සහ නාවික අමාත්‍යාංශයේ අද පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් එහි උපසභාපති මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතා කියා සිටියේ...
වැඩිදුර පුවත් >>
ශ්‍රී ලංකාවේ පළමුවරට “මුහුදේදී ජීවිත ආරක්ෂාව (SOLAS)” පිළිබඳ සම්මුතිය ක්‍රියාවට නැංවේ.
“මුහුදේදී ජීවිත ආරක්ෂාව (SOLAS)” පිළිබඳ සම්මුතිය ශ්‍රී ලංකාවේදී පළමුවරට ක්‍රියාවට නංවා තිබේ. ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ මගපෙන්වීම යටතේ නාවික ක්ෂේත්රයේ සියලු පාර්ශවයන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව එය ක්‍රියාත්මක වේ....
වැඩිදුර පුවත් >>
කොළඹ වරායේ ජය බහලු පර්යන්තයේ විශ්මිත මෙහෙයුමක්.
කොළඹ වරායේ ජය බහලු පර්යන්තයේ කලමනාකාරීත්වය සහ සේවකයින් එක්ව විශේෂ මෙහෙයුමක් සිදු කර තිබේ. ඒ පර්යන්තයට වඩා දිග විශාල නෞකා දෙකකට එකවර සේවා සපයමිනි. ජය බහලු පර්යන්තයේ දිග මීටර 660කි. නමුත් පසුගියදා ජය බහලු පර්යන්තය වෙත නෞකා දෙකක් එකවර සේන්දු විය...
වැඩිදුර පුවත් >>
වරායේ ආරක්ෂාවට විශේෂ කමිටුවක් - අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි
කොළඹ වරාය ඇතුළුව මෙරට සියලුම වරායවල ආරක්ෂාව සුරක්ෂිත කිරීම උදෙසා වහාම පියවර ගන්නැයි ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා සිය නිලධාරීන්ට උපදෙස් ...
වැඩිදුර පුවත් >>
වරාය අධිකාරියේ දක්ෂයින්ට ඉහළට යෑමේදී සිංහල, දෙමළ, මුස්ලිම් භේදයක් නැහැ - ඇමති අර්ජුන රණතුංග පවසයි.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කිසිවකුටත් හිතවත්කම් මත උසස්වීම් ලබානොදෙන බව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. එතුමා වැඩිදුරටත් අවධාරණය කළේ ආගම් ජාති භේදයකින් තොරව සමාන වරප්‍රසාද භුක්තිවිඳීමේ අවස්ථාව වරාය අධිකාරියේ සෑම කෙනෙකුටම අද උදාවී ඇති බවයි...
වැඩිදුර පුවත් >>
ලෝකයේ වරායන් හා සංසන්දනයේදී කොළඹ වරාය ඉහළ මට්ටමක තිබෙනවා. කලමනාකරණ අධ්යක්ෂ - සරත් කුමාර ප්‍රේමචන්ද්‍ර - ශ්‍රී ලංකා වරාය අධිකාරිය.
ලෝකයේ සෙසු වරායන් හා සංසන්දනය කිරීමේදී කොළඹ වරාය ඉහළ ස්ථානයක පවතින බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කලමනාකරණ අධ්යක්ෂ සරත් කුමාර ප්‍රේමචන්ද්‍ර මහතා පවසයි. එතුමා මේ බව කියා සිටියේ රූපවාහිනි වැඩසටහනකට එක්වෙමිනි...
වැඩිදුර පුවත් >>
ශ්‍රී ලංකාවේ වරායන්හි සංවර්ධනයට පියවර - අමාත්‍ය අර්ජුන රණතුංග.
ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගැනේ. ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පැවසූයේ ජාතික ආර්කෂාවට තර්ජනයක් නොවන සේ එය සිදුකිරීමට අපේක්ෂා කරන බවයි...
වැඩිදුර පුවත් >>
කොළඹ වරායේ, CICT ආයතනය “e boat notes” සේවාව ක්‍රියාවට නංවන ශ්‍රී ලංකාවේ පළමු ආයතනය බවට පත්වෙයි.
කොළඹ වරායේ මෙහෙයුම් සිදුකරන CICT ආයතනය, e boat notes සේවාව කොළඹ වරායේ ක්‍රියාවට නැංවූ පළමු පර්යන්තය බවට පත්වෙයි. ශ්‍රී ලංකා රේගුව හා එක්ව හඳුන්වා දුන් මෙම විශේෂ සේවාවෙන් නාවික කෙෂ්ත්රයේ අපනයන ලේඛන කඩදාසි භාවිතය සීමා කිරීම සිදුවේ...
වැඩිදුර පුවත් >>
Meet the Minister.
කොළඹ වරාය, කලාපයේ ඇති හොඳම වරායන් අතරට ගෙනයාම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි...
වැඩිදුර පුවත් >>
පරීක්ෂණවල ප්‍රමාදයක් නැහැ. තියෙන්නේ නිසි ක්‍රමවේදයක් - ඇමති අර්ජුන පවසයි.
පසුගිය ආණ්ඩුව කළාක් මෙන් තමන්ට අවශ්‍ය අය සිරගෙදරට යැවීම යහපත් පාලනයක ලක්ෂණයක් නොවන බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි...
වැඩිදුර පුවත් >>
බොරු මාධ්‍යය සංදර්ශන පවත්වන්න අපි සූදානම් නැහැ - ඇමති අර්ජුන පවසයි.
මාධ්‍යය හමුවේ බොරු සංදර්ශන පැවැත්වීම තමාගේ ක්‍රමය නොවන බව අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි. එතුමා මේ බව පැවසූයේ වත්තල, වැලිකඩමුල්ල වාළුකාරාම විහාරස්ථානයේදී සංවිධානය කෙරුණු වෛද්‍යසායනය අරම්භ කරමිනි. එතුමාගේ උපදෙස් මත එම වෛද්‍ය සායනය සංවිධානය විය. එතුමා එහිදී අවධාරණය කළේ සුදුසු දේ අවශ්‍ය වෙලාවේදී සිදු කර මාධ්‍යය දැනුවත් කිරීම වැදගත් වන බවයි...
වැඩිදුර පුවත් >>
වරාය අධිකාරියේ කිසිවෙකුට හොරකම් කරන්න දෙන්නේ නෑ - අමාත්‍ය අර්ජුන රණතුංග.
පසුගිය කාලේ හොරකම් සිදු කළ කිසිවෙකුට වරාය අධිකාරිය තුළ කිසිදු හොරකමක් කිරීමට ඉඩ නොතබන බව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි...
වැඩිදුර පුවත් >>
ඩෙන්මාර්ක් තානාපති, වරාය ඇමති හමුවේ.
ශ්‍රී ලංකාවේ ඩෙන්මාර්ක් තානාපති පීටර් ටක්සෝයි ජෙන්සන් (Peter Taksoe-Jensen) මහතා ගරු වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා මුණගැසේ. අද (25) පෙරවරුවේ වරාය හා නාවික අමාත්‍යාංශයේදී එම හමුව සිදුවිණ...
වැඩිදුර පුවත් >>
කොළොම්තොට වෙසක් කලාපය ජනපති අතින් විවෘත කෙරේ.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමඟ එක්ව වරාය බෞද්ධ සංගමය සංවිධානය කරන කොළොම්තොට වෙසක් කලාපය විවෘත කිරීම අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිණ...
වැඩිදුර පුවත් >>
අමතකව ගිය අපේකම යළි ගොඩනගමු - අමාත්‍ය අර්ජුන රණතුංග.
අමතකව ගිය අපේකම ගොඩ නැඟීමට හොදම කාලය වෙසක් සමය බව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි...
වැඩිදුර පුවත් >>
ගංවතුරින් අවතැන් වූ වරාය සේවකයින්ට සහන රැසක්.
ගංවතුරින් අවතැන් වූ ජනතාවට සහන සැපයීම වඩාත් වේගවත් කළ යුත්තේ දැන් බව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි...
වැඩිදුර පුවත් >>
වරාය කොළොම්තොට වෙසක් කලාපය මෙවරත්.
වරාය බෞද්ධ සංගමය ඉදිරිපත් කරන කොළොන්තොට වෙසක් කලාපය මෙවරත් පැවැත්වේ. එය මෙවර පවත්වනු ලබන්නේ තුන්වන වරටයි...
වැඩිදුර පුවත් >>
නාවික කාන්තා පෙරමුණක් - ශ්‍රී ලංකාවේ සමුළුව ඇරඹෙයි.
නාවික කෙෂ්ත්රයේ කාන්තාවන් සවිබල ගැන්වීමේ අරමුණින් සංවිධානය කෙරෙන අන්තර්ජාතික “WISTA-CASA ආසියානු නාවික සමුළුව” ආරම්භ වේ...
වැඩිදුර පුවත් >>
වරාය සේවකයින් වෙනුවෙන් දිනයක් නම් කෙරේ.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයින්ගේ ගැටලු සහ යෝජනා සාකච්ඡා කිරීම සඳහා සේවක දිනයක් නම් කෙරේ. ඒ ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ සංකල්පයක් අනුවයි...
වැඩිදුර පුවත් >>
කොළඹ වරායට අයත් CICT සමාගම සිංගප්පූරුවේ නාවික සමුළුවට සහභාගී වේ.
කොළඹ වරායට අයත් CICT සමාගම මෙවර ආසියානු පර්යන්ත මෙහෙයුම් සමුළුවට(TOC) සහභාගී විය. මෙම සමුළුව පසුගිය මස 20-21 වන දිනයන්හි සිංගප්පූරුවේ පැවැත්විණි. එම සමුළුව සඳහා CICT සමාගමේ ප්‍රධාන වාණිජ සහ වෙළඳ කලමනාකරු තිස්ස වික්‍රමසිංහ මහතා සහභාගී විය...
වැඩිදුර පුවත් >>
ගරු වරාය සහ නාවික අමාත්යර අර්ජුන රණතුංග මැතිතුමා අමාත්යාංයශයේ සේවකයින්ට අලුත් අවුරුදු සුභ පැතුම් එක් කරයි.
ගැටළු විසඳාගනිමින් ඉදිරියට යාම සඳහා සියලුදෙනාම අදිටන් කළයුතු බව ගරු වරාය සහ නාවික අමාත්යේ අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. එතුමා මේ බව පැවසූයේ වරාය සහ නාවික අමාත්යාංසශයේ අද පැවති අලුත් අවුරුදු උත්සවයට සහභාගී වෙමිනි...
වැඩිදුර පුවත් >>
ශ්රීෙ ලංකා වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග මහතා අලුත් අවුරුද්දට සුභ පැතීම සඳහා වරාය සේවකයින් හමුවෙයි.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග මහතා, ඊයේ දින (2016.04.18) වරාය සේවක මහත්ම මහත්මීන් එම සේවා ස්ථාන වලදී හමුවෙමින් අලුත් අවුරුද්ද වෙනුවෙන් සුභ පැතුම් එක් කරමින් වරාය පුරා සංචාරයේ යෙදිණි...
වැඩිදුර පුවත් >>
විශේෂ මාධ්‍ය නිවේදනය. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වෘත්තීය සමිති සමඟ පැවැති සාකච්ඡාවේදී පැමිණි එකඟතා.
අතිගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා වෘත්තීය සමිති නියෝජිතයින් සමඟ සාකච්ඡාවක් අද(11) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණ...
වැඩිදුර පුවත් >>
ගරු වරාය සහ නාවික නියෝජ්‍ය අමාත්‍යතුමන්ට නව වගකීම් පැවරේ.
ගරු වරාය සහ නාවික නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මැතිතුමාට වරාය සහ නාවික අමාත්‍යාංශයේ නව වගකීම් අද (06) පැවරුණි...
වැඩිදුර පුවත් >>
කොළඹ වරායට CICT යෙන් අලුත් නැව් සේවාවක්.
Colombo International Container Terminals හෙවත් CICT සමාගම නව නෞකා සේවා සඳහා සිය සේවාව ව්යාtප්ත කරයි. එම සමාගම පවසන්නේ එය සනිටුහන් කරමින් තායිවානය මුල් කරගනිමින් ක්රිවයාත්මක වන...
වැඩිදුර පුවත් >>
ශ්‍රීල ලංකා වරාය අධිකාරියේ විශ්රාතම ලැබූ සේවකයින්ට රන්පවුම් තිළිණ ප්‍ර දානය කෙරේ.
පසුගිය මාස දෙකක කාලය තුළදී ශ්රී් ලංකා වරාය අධිකාරියේ සේවයෙන් විශ්රායම ලද සේවක මහත්ම මහත්මීන් වෙනුවෙන් සිදුකරන ලද රන් පවුම් තිළිණ ප්‍රාදානය...
වැඩිදුර පුවත් >>
තීරණ ගැනීමේදී සුදුසු දක්ෂ අයට අවස්ථාව දුන් නිසා අපි ජයග්‍රහණ අත්කර ගත්තා - ඇමති අර්ජුන රණතුංග පවසයි.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ තීරණ ගැනීමේදී සුදුසු දක්ෂ අයට අවස්ථාව ලබාදීම හේතුවෙන් ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට හැකිවූ බව...
වැඩිදුර පුවත් >>
‘බ්ලූ රිජ්’ යුද නෞකාව දින 07ක් කොළඹ වරායේ.
එක්සත් ජනපදයේ හත්වැනි බල ඇණියේ USS බ්ලූ රිජ් (LCC 19) යුද නෞකාව සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණියේ පසුගිය 26 වැනිදාය...
වැඩිදුර පුවත් >>
දූෂිත සංස්කෘතිය වෙනස් කිරීමේදී ජනප්‍රිය තීරණගැනීමේ හැකියාවක් නෑ.
වසර 10 ක් පැවති දූෂිත සංස්කෘතිය වෙනස් කිරීමේදී ජනප්රි්ය තීරණ ගැනීමේ හැකියාවක් නොමැති බව අමාත්යඑ අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. දූෂිත සංස්කෘතියක් වෙනස් කරන පුද්ගලයා සමාජයක ජනප්රි ය නොවන බවද එතුමා පෙන්වා දුන්නේය....
වැඩිදුර පුවත් >>
නැව්ගත කරන්න්නගේ සංගමය වසර 50ක් සපුරයි.
ශ්‍රී ලංකා නැව් ගත කරන්නන්ගේ සංගමයට වසර 50ක් සැපිරීමේ උත්සවය හම්බන්තොට මාගම්පුර වරාය පරිශ්‍රයේදී හෙට පැවැත්වේ....
වැඩිදුර පුවත් >>
වෙළඳ හා නාවික ලේකම් කාර්යාලය, වෙළඳ නාවික විෂයේදී ආසියාවේ ISO 9001: 2008 සහතිකය ලබා ගත් එකම ආයතනය බවට පත් වෙයි.
වරාය සහ නාවික අමාත්‍යාංශයේ වෙළඳ හා නාවික ලේකම් කාර්යාලය, වෙළඳ නාවික විෂයේදී ආසියාවේ ISO 9001 : 2008 තත්ත්ව සහතිකය ලබාගත් පළමු සහ එකම ආයතන බවට අද පත් විය....
වැඩිදුර පුවත් >>
ජය බහලුම් පර්යන්තය විශාල පරිමාණයේ බහලුම් නෞකා තුනක් එකවර නැංගුරම්ලමින් වාර්තාවක් පිහිටුවයි.
මීටර් 300කට වඩා දිගින් යුත් විශාල පරිමාණයේ බහලුම් නෞකා තුනක් කොළඹ වරායේ ජය බහලුම් පර්යන්තයේ එකම අවස්ථාවක නැංගුරම්ලමින් වාර්තාවක් පිහිටුවීය.....
වැඩිදුර පුවත් >>
රට සංවර්ධනය කිරීමේදී ජාතික ආරක්ෂාවට තඹ ශතයක හානියක් කරන්නේ නැහැ - ඇමති අර්ජුන රණතුංග පවසයි.
රට සංවර්ධනය කිරීමේදී ජාතික ආරක්ෂාවට කිසිඳු ආකාරයේ හානියක් නොකරන බව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. එතුමා අවධාරණය කරන්නේ ආයෝජකයින් එන්නේ සිංග්පූරුවෙන්ද චීනයෙන්ද ජපානයෙන්ද ඉතියෝපියාවෙන්ද කියන කරුණ වැදගත් නොවන බවයි.......
වැඩිදුර පුවත් >>
වේයිබ්රිජ් නිසා ත්‍රිකුණාමලය වරායට මාස දෙකකදී රුපියල් මිලියන 9.7ක වැඩිපුර අදායමක්.
ස්වකීය මෙහෙයුම් සඳහා වේයිබ්රිජ් හෙවත් බිම් තරාදිය භාවිතයට ගැනීමෙන් ත්‍රිකුණාමලය වරායට ඉකුත් මාස දෙකේදී රුපියල් මිලියන 9.7ක (Increase in Revenue due to Weigh Bridge = LKR 9,664,879.63) වැඩිපුර ආදායමක් ලැබී තිබේ......
වැඩිදුර පුවත් >>
මෙවරත් ජාත්‍යන්තර සමුද්‍රීය දිනය ඉහළින් සැමරීමට මූලික සාකච්ඡා අරඹයි.
පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදීත් ජාත්‍යන්තර සමුද්‍රීය දිනය අර්ථවත්ව සැමරීම සඳහා වරාය සහ නාවික අමාත්‍යාංශය සූදානම් වෙයි. ඒ සඳහා වූ මූලික සාකච්ඡාව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්....
වැඩිදුර පුවත් >>
වරාය හා නාවික විෂය පාසල් සිසුන් අතර ජනප්‍රිය කිරීමේ නව වැඩසටහනක්.
වරාය සහ නාවික විෂය පාසල් සිසුන් අතර ජනප්‍රිය කිරීමේ නව වැඩසටහනක් වෙළඳ නාවික ලේකම් කාර්යාලය ආරම්භ කර තිබේ. එහි තුන්වැනි වැඩසටහන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මහපොළ අභ්‍යාස ආයතනයේදී පසුගිය 24වැනිදා.........
වැඩිදුර පුවත් >>
මියන්මාරයේ ප්‍රතිඅපනයන බහළුම් මෙහෙයුම් වෙළඳපොළට සියයට 10ක වට්ටමක්.
මියන්මාරයේ ප්‍රතිඅපනයන බහළුම් මෙහෙයුම් කොළඹ වරාය කේන්ද්‍ර කරගනිමින් සිදු කරන නැව්සේවා සමාගම් සඳහා සියයට 10ක වට්ටමක් ලබා දීමට ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ අනුමැතිය හිමි වේ. ඒ, ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඒ සඳහා කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි. (22. 02. 2016)
වැඩිදුර පුවත් >>
වසර දහයකට පසුව පිරිමි වොලිබෝල් සාග් රිදී පදක්කම දිනා ගැනීමට හැකි වීම සතුටට කරුණක් - ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායක ජනිත සුරත්
වසර දහයකට පසුව පිරිමි වොලිබෝල් සාග් රිදී පදක්කම දිනා ගැනීමට හැකි වීම සතුටට කරුණක් බව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායක ජනිත සුරත් පවසයි...........
වැඩිදුර පුවත් >>
සාග් උළෙලේදී පදක්කම් දිනූ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අගයයි.
දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේදී පදක්කම් දිනූ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරිණ. ඒ වරාය සහ නාවික අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති එම උත්සවයේදී අර්ජුන රණතුංග මැතිතුමා කියා සිටියේ ක්‍රීඩාව දියුණු කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය වඩා වැඩි වගකීමකින් කටයුතු කළ යුතු බවයි...(17.02.2016)
වැඩිදුර පුවත් >>
කොළඹ වරාය තවත් වාර්තාවක් තබයි.....එක වරායක් ලෙස කොළඹ වරාය දියුණු කරනවා - ඇමති අර්ජුන පවසයි.
වෙන් වෙන් පර්යන්ත ලෙස නොව එකම වරායක් ලෙස කොළඹ වරාය දියුණු කිරීමේ ව්‍යාපාරික සැලැස්මක් හඳුන්වා දෙන බව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ජයබහළු පර්යන්තයේ අනන්‍ය තාවද රැක ගනිමින් එම ව්යාජපාරික සැලැස්ම ක්රියයාවට නංවන බවද අර්ජුන රණතුංග මැතිතුමා පැවසීය........
වැඩිදුර පුවත් >>
වරාය සංවර්ධනයට විවෘත සංවාදයක් අවශ්යසයි- ඇමති අර්ජුන පවසයි
වරාය, නාවික සහ සමුද්‍රීය ගැටළු විසදා ගැනීම උදෙසා විවෘත සංවාදයක් අවශ්‍ය බව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පෙන්වා දෙයි..............
වැඩිදුර පුවත් >>
සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට හම්බන්තොට වරාය තොතැන්නක්.
මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා හම්බන්තොට වරාය මහඟු තෝතැන්නක් බව, හම්බන්තොට වරායට මෙතෙක් පැමිණි විශාලතම නෞකාව වූ රොටඩෑම් නෞකාවේ කපිතාන් මාර්කෝ කාර්ස්ජෙන්ස් මහතා පවසයි. හම්බන්තොට වරාය හරිත වරායක් ලෙස සංචාරකයින්ගේ සිත් දිනාගෙන ඇති බවද ඔහු අවධාරණය කළේය.......
වැඩිදුර පුවත් >>
විශාලතම මගී ප්‍රවාහන නෞකාව ලබන ඉරිදා හම්බන්තොට වරායට......
හම්බන්තොට වරායට මෙතෙක් පැමිණෙන විශාලතම සුඛෝපභෝගි මගී ප්රතවාහන සංචාරක නෞකාව ලබන ඉරිදා එම වරායට පැමිණේ. ඒ නෙදර්ලන්තයට අයත් අධි සුඛෝපභෝගි එම්. එස්. රොටඩෑම් නෞකාවයි. මීටර් 238ක දිගින් යුත් එම නෞකාවේ කාර්ය මණ්ඩලය පමණක් 600 ඉක්මවයි. ඉන්දියාවේ කොච්චින් වරායේ සිට පැමිණෙන එම නෞකාව ලබන ඉරිදා උදෑසන 8ට හම්බන්තොට වරායේ නැංගුරම්ලෑමට නියමිතව තිබේ. නෞකාවෙන් මෙරටට පැමිණෙන මගීන් සඛ්‍යා0ව 1176කි......
වැඩිදුර පුවත් >>
සැබෑ නිදහස වෙනුවෙන් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමු - නිදහස් දින පණිවිඩයෙන් ඇමැති අර්ජුන පවසයි.
“එදා අපේ මුතුන් මිත්තන් කළ පරිත්යාාග සහ කැපකිරීම් මත අපි අද නිදහස භුක්ති විඳින්නෙමු. ඒ හා සමානව අප කරන පරිත්යායග සහ කැපකිරීම් මත අපේ දරුවන්ද අනාගතයේදී සැබෑ නිදහස භුක්ති විඳිනු ඇත.....” යි ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි......
වැඩිදුර පුවත් >>
මාස 15කට පසුව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බහළුම් මෙහෙයුමේ ධනාත්මක වර්ධනයක්....
ශ්‍රී ලංකා වරාය අධිකාරිය ස්වකීය බහළුම් මෙහෙයුමේ ධනාත්මක වර්ධනයක් නිමාවූ ජනවාරි මාසයේදී වාර්තා කරයි. එහි විශේෂත්වය වන්නේ මාස 15කට පසුව එවැනි ධනාත්මක වර්ධනයක් වාර්තා කිරීමයි. ප්‍රතිශතයක් ලෙස ගත් විට එකී වර්ධනය + 3.6කි.....
වැඩිදුර පුවත් >>
අධි සුඛෝපභෝගී මගී නෞකාවක් මාගම්පුරට.....
සංචාරක මගීන් 650 ක් රැගත් අධි සුඛෝපභෝගී මගී නෞකාවක් හම්බන්තොට මාගම්පුර මහින්ද රාජපක්ෂ ජාත්යකයන්තර වරායට ඊයේ (31) ළඟා විය. යුරෝපා 2 සංචාරක මගී නෞකාව ලෝක සංචාරක සවාරියක නිරත වෙමින් සිටිය දී මෙරට ප්රනධාන වරායන් වෙත පැමිණි බව සංචාරක සමාගම පවසයි......
වැඩිදුර පුවත් >>
ඉන්දියානු කලාපීය සාගරයේ ආරක්ෂාව ගැන ශ්‍රී ලංකා - පාකිස්ථාන සාකච්ඡා.
ඉන්දියානු කලාපයේ සාගර ආරක්ෂාව සම්බන්ධව ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකා නැව් සංස්ථාවේදී පැවැත්විණ. ඊයේ පැවැති එම සාකච්ඡාවට පාකිස්ථානය නියෝජනය කරමින් සහභාගි වූයේ ඉන්දියානු කලාපයේ සාගර ආරක්ෂාව සම්බන්ධව පිහිටුවා ඇති විශේෂ කාර්ය සාධක ඒකකය ප්‍රධාන අණදෙන නිලධාරී සහීඩි ඉලායස් මහතායි........
වැඩිදුර පුවත් >>
ජාතික ක්‍රීඩා සහ ශරීර සුවතා ප්‍රවර්ධන සතිය කොළඹ වරායේදී ක්‍රියාවට නැංවේ...
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධානය කරන ක්‍රීඩා සහ ශරීර සුවතා ප්‍රවර්ධන සතිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය ක්‍රියාවට නංවයි. ඒ කොළඹ වරාය භූමියේදී පසුගිය 25වැනිදා එහි සමාරම්භක උත්සවය පවත්වමිනි.....
වැඩිදුර පුවත් >>
කොළඹ වරායේ බහලුම් ප්‍රමාණයේ 5.7 % වර්ධනයක්.....
2014 වසරට සාපේක්ෂව 2015 වසරේදී කොළඹ වරායේ සමස්ත බහලුම් මෙහෙයුම සියයට 5.7 ක වර්ධනයක් වාර්තා කරයි. කොළඹ වරායේ බහලුම් මෙහෙයුම් ප්‍රධාන අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ......
වැඩිදුර පුවත් >>
වරාය සහ නාවික අමාත්‍යාංශයේ වෙබ් අඩවිය විවෘත කෙරේ....
2020 වන විට ශ්‍රී ලංකාවේ වරාය සහ නාවික සන්නිවේදනය ඉහළ මට්ටමකට ගෙනෙන බව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. එතුමා මේ බව පැවසූයේ වරාය සහ නාවික අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය විවෘතකිරීමේ උත්සවයට අද (12) උදෑසන සහභාගීවෙමිනි. මෙම අවස්ථාවට වරාය සහ නාවික අමාත්‍යාංශයේ ලේකම් එල්. පී. ජයම්පති මහතා, වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග මැතිතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක්
වැඩිදුර පුවත් >>
කොළඹ වරායේ මේ වසරේ ආදායම බිලියන 29යි - ඇමති අර්ජුන පවසයි.
කොළඹ වරායේ 2015 වසරේ මේ දක්වා වූ ලාභය රුපියල් බිලියන 29ක් බව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. එතුමා මේ බව පැවසුවේ කොළඹ වරායේ සමස්ත බහළුම් මෙහෙයුම් ප්‍රමාණය මිලියන 5 ඉක්මවීම සැමරීමේ උත්සවයට සහභාගි වෙමිනි. එම උත්සවය අද කොළඹ වරායේ ජයබහළු පර්යන්තයේදී පැවැත්විණ. එහිදී මිලියන පහ සම්පූර්ණ කළ බහළුම් මෙහෙයුම් සිදු කළේ අර්ජුන රණතුංග මැතිතුමා ලබා දුන් සංඥාවෙනි.
වැඩිදුර පුවත් >>
2015 වසරේදී කොළඹ වරායට පැමිණි නෞකා ප්‍රමාණයේ 13.1% ක වර්ධනයක්.....
2014 වසරට සාපේක්ෂව 2015 වසරේදී කොළඹ වරායට පැමිණි සමස්ත නෞකා ප්‍රමාණයේ 13.1% ක වර්ධනයක් වාර්තා වේ. 2014 වර්ෂයේ දී කොළඹ වරායට පැමිණි සමස්ත නෞකා ප්‍රමාණය 3409කි. 2015 වර්ෂයේදී එය 3854 ක් ලෙස වර්ධනයවී ඇත. මෙයින් 2014 වසරේදී කොළඹ වරායට පැමිණි බහළුම් නෞකා ප්‍රමාණය 2957ක් වේ. 2015 වසරේදී එම බහළුම් නෞකා ප්‍රමාණය 3333 දක්වා ඉහළ ගොස් ඇත.....
වැඩිදුර පුවත් >>
උත්සව සඳහා කෝටි ගණනින් වරායේ මුදල් වියදම් කිරීමේ යුගය අපි අවසන් කළා - ඇමති අර්ජුන
විවිධ උත්සව සඳහා කෝටි ගණනින් වරායේ මුදල් වියදම් කිරීමේ යුගය අවසන් කිරීමට දැන් හැකිවී ඇතැයි ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි.
වැඩිදුර පුවත් >>
අපේ රට බහළුම් මෙහෙයවන මධ්‍යස්ථානයක් කරනවා.
ශ්‍රී ලංකාව, ආසියා කලාපයේ බහළුම් මෙහෙයවන ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට කටයුතු කරන බව අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා අවධාරණය කරයි. ඒ සදහා කොළඹ වරායේ යටිතල පහසුකම් තවදුරටත් දියුණු කිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පැවසීය.
වැඩිදුර පුවත් >>
මහපොළ අභ්‍යාස ආයතනය විශ්ව විද්‍යාලයක් බවට පත් කරනවා
ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් මහපොළ අභ්‍යාස ආයතනය ඉදිරියේදී විශ්ව විද්‍යාලයක් බවට පත් කරන බව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. නාවික ක්ෂේත්රයේ රැකියා උත්පාදනය සඳහා වැඩි අවස්ථා ලබා දීම තම අමාත්‍යාංශයේ මූලික අරමුණක් බවද එතුමා අවධාරණය කළේය. එතුමා මේ බව පැවසුවේ ශ්‍රී ලංකාවේ පළමු සමුද්‍රීය සතිය සැමරීමේ උත්සවයට අද (23) සහභාගි වෙමිනි.
වැඩිදුර පුවත් >>
ඔළුවිල් වරාය සංවර්ධනයට ඒකාබද්ධ සැලැස්මක්
ධීවර කටයුතුවලටද වැඩි පහසුකම් හිමි වන සේ ඔළුවිල් වරාය තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා වරාය සහ නාවික අමාත්‍යාංශය සමග ධීවර අමාත්‍යාංශය එකඟ විය. එම එකඟතාව ඇති වූයේ ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා සහ ගරු ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (21) උදෑසන පැවැති සාකච්ඡාවකදීයි.
වැඩිදුර පුවත් >>
හම්බන්තොට වරායට නැව් තටාකාංගණයක්
ශ්‍රී ලංකා වරාය අධිකාරිය මෙරට ප්‍රධානතම ආයතනයක් බවට පත් කිරීම ඉදිරි පස් අවුරුදු සැලැස්ම බව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. එතුමා මේ බව පැවසුවේ හම්බන්තොට වරාය පරිශ්‍රයේ ඉදිකිරීමට නියමිත නැව් තටාකාංගණය සඳහා වූ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.
වැඩිදුර පුවත් >>
වීඩියෝ ගැලරිය
වැඩිදුර
වරාය පුවත්පත
×
Maritime Feburary 2017
ගරු වරාය හා නාවික අමාත්‍යතුමාගේ පණිවුඩය
ගරු වරාය හා නාවික රාජ්‍ය අමාත්‍යතුමාගේ පණිවුඩය
ලේකම් - වරාය හා නාවික අමාත්‍යාංශය
ක්‍රියාත්මක ආයතන
සිතියම
විමසීම්
වරාය හා නාවික අමාත්‍යාංශය, නො.19, චෛත්‍ය පාර,
කොළඹ 01.
දුරකථන අංක :
011-2439352
011-2435161