විශේෂ මාධ්‍ය නිවේදනය. ශ්රී ලංකා වරාය අධිකාරියේ වෘත්තීය සමිති සමඟ පැවැති සාකච්ඡාවේදී පැමිණි එකඟතා.

අතිගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා වෘත්තීය සමිති නියෝජිතයින් සමඟ සාකච්ඡාවක් අද(11) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණ. එම සාකච්ඡාවේදී පැමිණි එකඟතා පහත දැක්වේ.

01.  ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සියලු සේවකයින්ට විශේෂ අවුරුදු දීමනාවක් ලබා දීම.

02. ඵලදායිතාව අනුව දෙසැම්බර් මාසයේදීද විශේෂ දීමනාවක් ලබා දීම.

03. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජයබහළු පර්යන්තයේ දිරි දීමනාව සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති යෝජනා සාකච්ඡා කර වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීම.

වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ පැවැති මෙම සාකච්ඡාවට ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග, අමාත්‍ය මලික් සමරවික්‍රම, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා යන අමාත්‍යවරුන් මෙන්ම ජාතික සේවක සංගමයේ උපසභාපති මාධ්‍ය ලේකම් සුනිල් සිල්වා මහතාද සහභාගි වූහ.