38 වසරක සේවා කාලයක් සපුරා ඇති වරාය සේවකයින්ට රන් සම්මාන පිදේ.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ තිස් අට වසරක අඛණ්ඩ සේවා කාලයක් සැපිරූ සේවක සේවිකාවන් 60කට රන් සම්මාන පිදීමේ උත්සවයක් පසුගියදා වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යායතන ශ්‍ර‍වණාගරයේදී පැවැත්වීය.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ තිස් අට වසරක සේවා කාලයක් සැපිරූ සේවකයෙකුට සම්මාන ප්‍ර‍දානය කරන මොහොතයි. එම අවස්ථාවට වරාය අධිකාරියේ සභාපති පරාක්‍ර‍ම දිසානායක, විධායක අධ්‍යක්ෂක ඩබ්. එම්. විමලසූරිය, කළමනාකරණ අධ්‍යක්ෂක සරත් කුමාර ප්‍රේමචන්ද්‍ර‍ යන මහත්වරුන් ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගී වූහ.