ජාතියේ හදවත වන් වරායේ සංවර්ධන කටයුතු සඳහා කැපවෙමු

ශ්‍රී ලංකා ආර්ථීකයේ මෙන්ම ජාතික සංවර්ධනයේ කෙන්ද්‍ර‍ස්ථානය වන වරාය හා නාවික අමාත්‍යාංශයේ කාර්ය කටයුතු උපරිම ආකාරයෙන් සිදුකිරීමට මෙම භාරධූර වගකීම පැවරූ අතිගරු ජානාධිපතිතුමාටත්, ගරු අගමැතිතුමාටත් ස්වකීය ස්තූතිය පළ කරන බව අභිනව අමාත්‍යාංශයේ වැඩ භාරගනිමින් වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.

වරාය සංවර්ධන කටයුතු වලදී ඉතා විනිවිද භාවයකින් වෘත්තීය සමිති හා සියලු සේවක පිරිස් සමග විවෘතව කටයුතු කිරීම පිණීස තම අමාත්‍යාංශයේ දොරගුල් ඕනෑම අවස්ථාවක විවෘතව පවතින බව පවසමින් හෙතෙම වැඩිදුරටත් කියාසිටියේ තම සේවක ස්ථානයේ පවතින ගැටලු එහිදී විසඳාගැනීමටත් අවශ්‍ය විටකදී තමා සමග සාකච්ඡා කර විසඳුමකට පැමිණීමේ අවස්ථාවද ලබාදෙන බවයි.