ආණ්ඩුව හරිමඟක නොගියහොත් මම එතන ඉන්නේ නැහැ-වැරදි කරන ඕනෑම කෙනෙකුට නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ඇමති අර්ජුන පවසයි.

කිසිවිටෙක වරදට අනුබල නොදෙන තමන් වරදක් දකින ඕනම අවස්ථාවක නීතිගරුකව කටයුතු කරන බව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. එතුමා මේ බව පැවසූයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරීන් ඇගයීමේ උත්සවය සඳහා සහභාගී වෙමිනි. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති එම ඇගයීම් උත්සවයේදී  ප්‍රශංසාවට ලක්වූ නිලධාරීන් ගණන 15 කි. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ආරක්ෂක නිලධාරීන් ඇගයීමට ලක්වූ පළමු අවස්ථාවද මෙය වේ.

“ආරක්ෂක අංශයේ අවුරුදු විස්ස තිහ එක තැන රාජකාරී කටයුතු කරනවා නමුත් උසස්වීම් නැහැ. මම ඇවිත් අවුරුදු එකහමාරක් වෙලත් අද වෙනකන් ඔය කෑගහන, නාටක නටන එක වෘත්තීය සමිතියක කෙනෙක් ඇවිත් තමුන්නාන්සේලාගේ උසස්වීම් ගැන කතා කරලා නැහැ. සහෝදරයින් ආයතනයට දාන්න ඇහුවා, ඒ වගේම ඒ  අයගේ හොරකම් වහන්න වගේ ඒවා විතරයි මගෙන් ඉල්ලන්නේ. ඒ නිසා තමයි මම බය නැතුව මොනතරම් මඩ ගැහුවත්, මොන දේ කිව්වත් හිනාවෙලා අද වැඩ කරන්නේ. යහපාලන ආණ්ඩුව හැදුවේ ඔය කෑගහන වෘත්තීය සමිති නෙවෙයි. මම පසුගිය ආණ්ඩුව වෙනස් කරන්න ඉදිරියෙන්ම හිටපු කෙනෙක්. වැඩ කරන මනුස්සයා, හොරකම් කරන්නේ නැති මනුස්සයා ඉතා ඉක්මනින් ඉහළට ගෙනි යන්න ඕන. පසුගියකාලේ වගේ අපි හිතවත් අයට දේශපාලන පත්වීම් දෙන්නේ නැහැ. අපි දාන්නේ හොරකම් කරන්නේ නැති අය. රැකියා ලබාදීමේදී බලන්නේ සාමාන්‍ය පෙළ, උසස් පෙළ නෙවෙයි. හොරෙක් නෙවෙයිද කියලා තමයි මම බලන්නේ. මට හොරෙක් නොවෙන නූගත් මනුස්සයෙක් වුණත් කමක් නැහැ මම ඕනම තැනකට ගෙනියනවා. පසුගියකාලේ අවුරුදු දහයක් තිස්සෙම මේ රට හොරකම කියන එක නීතිගත කරන තත්ත්වයකට පත්වුණා. අද ජනාධිපතිතුමයි අගමැතිතුමයි දුක් විඳින්නේ මේ හොරකම නැති කරන්න. හොරු අල්ලනකොට විපක්ෂය කෑගහනවා. අදත් බලන්න. හොරු ඇල්ලුවොත් දේශපාලන පලිගැනීම්  කියනවා....” යැයිද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

“ආරක්ෂක අංශයේ අවුරුදු විස්ස තිහ එක තැන රාජකාරී කටයුතු කරනවා නමුත් උසස්වීම් නැහැ. මම ඇවිත් අවුරුදු එකහමාරක් වෙලත් අද වෙනකන් ඔය කෑගහන නාටක නටන එක වෘත්තීය සමිතියක කෙනෙක් ඇවිත් තමුන්නාන්සේලාගේ උසස්වීම් ගැන කතා කරලා නැහැ. සහෝදරයන් ආයතනයට දාන්න ඇහුවා, ඒ වගේම ඒ  අයගේ හොරකම් වහන්න වගේ ඒවා විතරයි මගෙන් ඉල්ලන්නේ. ඒ නිසා තමයි මම බය නැතුව මොනතරම් මඩ ගැහුවත්, මොන දේ කිව්වත් හිනාවෙලා අද වැඩ කරන්නේ. යහපාලන ආණ්ඩුව හැදුවේ ඔය කෑගහන වෘත්තීය සමිති නෙවෙයි. මම මේ ආණ්ඩුව වෙනස් කරන්න ඉදිරියෙන්ම හිටපු කෙනෙක්. වැඩ කරන මනුස්සයා, හොරකම් කරන්නේ නැති මනුස්සයා ඉතා ඉක්මනින් ඉහළට ගෙනයන්න ඕන. පසුගියකාලේ වගේ අපිට හිතවත් අයට දේශපාලන පත්වීම් දෙන්නේ නැහැ. අපි දාන්නේ හොරකම් කරන්නේ නැති අය. රැකියා ලබාදීමේදී බලන්නේ සාමාන්‍ය පෙළ, උසස් පෙළ නෙවෙයි. හොරෙක් නෙවෙයිද කියලා තමයි මම බලන්නේ. මට හොරෙක් නොවෙන නූගත් මනුස්සයෙක් වුණත් කමක් නැහැ මම ඕනම තැනකට ගෙනියනවා. පසුගියකාලේ අවුරුදු දහයක් තිස්සෙම මේ රට හොරකම කියන එක නීතිගත කරන තත්ත්වයකට පත්වුණා. අද ජනාධිපතිතුමයි අගමැතිතුමයි දුක් විඳින්නේ මේක නැති කරන්න. හොරු අල්ලනකොට විපක්ෂය කෑගහනවා. අදත් බලන්න. හොරු ඇල්ලුවොත් දේශපාලන පලිගැනීම්  කියනවා....” යැයිද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.