එක්සත් රාජධානියේ පැවති ජාත්‍යන්තර නාවිකයන්ගේ සමුළුවට වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සහභාගී වේ

ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය විසින් 2017 “ජාත්‍යන්තර නාවිකයන්ගේ දිනයට” සමගාමීව එක්සත් රාජධානියේදී රටවල් සියයකට ආසන්න නියෝජිත පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වන ලද සමුළුව සඳහා වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සහභාගී විය.

ඡායාරූපයේ දැක්වෙන්නේ ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයේ මහලේකම් Kitack Lim මහතා හමුවූ අවස්ථාවයි.

මෙහිදී මහලේකම්වරයා සමග කළ සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ නාවික කටයුතු හා නාවිකයන්ගේ මූලික අවශ්‍යතා වැඩිදියුණු කිරීම සඳහා තාක්ෂණික ආධාර ලබාදීමටද එකඟතාවය පළකළේය.