නැව්ගත කරන්න්නගේ සංගමය වසර 50ක් සපුරයි.

ශ්‍රී ලංකා නැව් ගත කරන්නන්ගේ සංගමයට වසර 50ක් සැපිරීමේ උත්සවය හම්බන්තොට මාගම්පුර වරාය පරිශ්‍රයේදී හෙට පැවැත්වේ. ඒ ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි. එම උත්සවයේදී හම්බන්තොට වරාය පරිශ්‍රයේ රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටද www.maritimeinsrilanka.com  වෙබ් අඩවිය විවෘත කිරීමටද ශ්‍රී ලංකා නැව්ගත කරන්නන්ගේ සංගමය අපේක්ෂා කරයි. එම සංගමයේ සභාපති ෂෝන් වැං ඩොට් මහතා පැවසුවේ නාවික ක්ෂේත්‍රයේදී ශ්‍රී ලංකාවේ දක්ෂතා ලොවට ප්‍රදර්ශනය කිරීමට මෙය මහඟු අවස්ථාවක් වන බවයි.

වෙළඳ හා සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවේ නිර්දේශයන්ට අනුකූලව ශ්‍රී ලංකා නැව් ගත කරන්නන්ගේ සංගමය ස්ථාපිත කළේ 1966 වර්ෂයේදීය. මෙම සංවිධානය ශ්‍රී ලංකාවේ පළමුවැනි නාවික සංවිධානය ලෙසින්ද සැලකේ. සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර වෙළඳ කෙෂ්ත්‍රයේ සමබරතාවය ඇති කිරීමේ අරමුණින් නාවික සමුළු මැදිහත්කරුවකු ලෙස ක්‍රියා කිරීමේ හැකියාවද මෙම සංගමයට හිමිවේ. මෙරට ප්‍රධානම වෙළඳ භාණ්ඩ වූ තෙල් හා තෙල් ආශ්‍රිත නිෂ්පාදන ආනයනය හා අපනයනය සිදු වන්නේද මෙම නැව් ගත කරන්නන්ගේ සංගමයේ සාමාජිකයින් වේ. මේ වසරේ ලෝක නාවික සමළුවට සත්කාරකත්වය ලබාදීමේ අවස්ථාවද ශ්‍රී ලංකා නැව්ගත කරන්නන්ගේ සංගමයට හිමිවීම විශේෂත්වයකි. එය එම සමුළුව ආසියාවේ පවත්වන පළමු අවස්ථාවද වේ. ලෝක නාවික වෙළඳ විෂයෙහි ප්‍රමුඛතම සමුළුවක් ලෙසද ලෝක නාවික සමුළුව සලකයි.