ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 39 වැනි සංවත්සරය සමරමින් හරිත වරායක් නිර්මාණය කිරීමේ පළමු අදියර අද ආරම්භ කෙරුණා.

වරාය හා නාවික කටයුතු ගරු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමාගේ උපදේශකත්වයෙන්, වරාය හා නාවික ගරු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මැතිතුමාගේ ප්‍ර‍ධානත්වයෙන් කොළඹ වරාය පරිශ්‍රයේ පැළ රෝපණය ආරම්භ කළ අයුරු. මෙම අවස්ථාවට වරාය හා නාවික අමාත්‍යංශයේ ගරු ලේකම් එල්.පී.ජයම්පති මහතා, වරාය අධිකාරියේ උප සභාපති පී.ජී. දසනායක මහතා ඇතුළු විධායක නිළධාරීන්, සෙසු කාර්ය මණ්ඩල නිළධාරීන් සහ සේවක මහත්ම මහත්මීන් රැසක් සහභාගී වූහ.