වරාය සැමරුම් ක්රීඩා උළෙලේ පිරිමි මාර්ග ධාවන තරගයේ ශූරතාව දිනා ගැනීමට ශ්රී ලංකා වරාය අධිකාරියේ නාවික කොට්ඨාසයේ එම්. පී. ඩී. චන්ද්රකුමාර සමත් වේ. එහි කාන්තා ශූරතාව දිනා ගත්තේ එම අධිකාරියේ ආරක්ෂක කොට්ඨාසයේ වාසනා මධුමාලියි. තරග අද උදෑසන කොළඹ වරාය පරිශ්රයේදී පැවැත්විණ. ඒ ශ්රී ලංකා වරාය අධිකාරියේ ගරු සභාපති දම්මික රණතුංග මැතිතුමාගේ ප්රධානත්වයෙනි.
සිය 37වැනි සංවත්සරය සැමරීම උදෙසා ශ්රී ලංකා වරාය අධිකාරිය සංවත්සර සතියක් ප්රකාශයට පත් කර තිබේ. ඒ යටතේ පැවැත්වෙන සැමරුම් ක්රීඩා උළෙල ආරම්භ වූයේ පසුගිය සඳුදායි. ශ්රී ලංකා වරාය අධිකාරියේ සමාජ වගකීම් ඒකකය සහ සන්නිවේදන හා මහජන සම්බන්ධතා කොට්ඨාසය සංවිධානය කරන එම සැමරුම් ක්රීඩා උළෙලට නෙට්බෝල්, වොලිබෝල්, ක්රිකට්, පාපැදි සහ මාර්ග ධාවන තරගද ඇතුළත්ය. අද උදෑසන කොළඹ වරාය පරිශ්රයේදී පැවැත්වුණේ එහි මාර්ග ධාවන තරග සහ පාපැදි තරගයි.
එහිදී පාපැදි පිරිමි තරගයේ ශූරතාව දිනා ගැනීමට එච්. එන්. එස්. ටී. ෆොන්සේකා සමත් විය. අනුශූරතාව දිනා ගත්තේ ඒ. කේ. එස්. අමරසිංහයි. පාපැදි කාන්තා තරගයේ ශූරතාව වාසනා මධුමාලිද එහි අනුශූරතාව ඩබ්. ඩබ්. සුජීවාද හිමි කර ගත්තේය. සැමරුම් ක්රීඩා උළෙලේ සෙසු ක්රීඩාවල අවසන් තරග ලබන 10වැනිදා ගාලුමුවදොර පිටියේදී පැවැත්වේ.
මාර්ග ධාවන තරගය - පිරිමි කාන්තා
1 එම්.පී.ඩී.චන්ද්රකුමාර 1 වාසනා මධුමාලි
2 ජී.ආර්.එස්. සිල්වා 2 ආර්.එන්.ගීතා
3 ආර්.ඒ.එස්.පී.රත්නසේකර 3 චතුරිකා හර්ෂණී
පාපැදි තරගය - පිරිමි කාන්තා
1 එච්.එන්.එස්.ටී.ෆොන්සේකා 1 වාසනා මධුමාලි
2 ඒ.කේ.එස්.අමරසිංහ 2 ඩබ්.ඩබ්. සුජීවා
3 යූ.කේ.ආර්.ජේ.අබේපාල 3 එච්.කේ.ඉෂාරා සෙව්වන්දි