වරාය සේවකයින් වෙනුවෙන්  දිනයක් නම් කෙරේ.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයින්ගේ ගැටලු සහ යෝජනා සාකච්ඡා කිරීම සඳහා සේවක දිනයක් නම් කෙරේ. ඒ ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ සංකල්පයක් අනුවයි. එම සේවක දිනය සෑම සතියකම බදාදා දින පෙ.ව. 9.00 සිට 1.00 දක්වා පැවැත්වේ. එම කාලයේදී වරාය සේවකයින්ට සිය ගැටලු සහ යෝජනා ගරු අමාත්‍යතුමාට ඍජුවම ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමිවීම විශේෂත්වයකි. එම සේවක දිනයේදී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකාරීත්වයද සහභාගී වේ. මෙම නව වැඩපිළිවෙළත් සමඟ වරාය සේවකයින්ගේ ගැටලු විසඳීමේ ක්‍රියාවලිය වඩාත් කිඩිනම් වනු ඇතැයිද විශ්වාස කෙරේ.