කොළඹ වරායේ CICT ආයතනයෙන් වීල් චෙයා ටෙනිස් පිටි දෙකක්.

වීල් චෙයා ටෙනිස් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමට කොළඹ වරායේ CICT ආයතනය ඉදිරිපත් වේ. එහි එක් ව්‍යාපෘතියක් ලෙස චීල් චෙයා ටෙනිස් පිටි සංවර්ධනයට එම ආයතනය මේ වන විට අරමුදල් සපයයි. ඒ යටතේ සංවර්ධනය කෙරුණු ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ (SLTA) ටෙනිස් පිටි දෙකක් සංවර්ධනය සඳහා අරමුදල් සැපයීය. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සංවර්ධනය කෙරුණු එම ක්‍රීඩා පිටි පසුගියදා විවෘත කෙරුණේ CICT ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී රේ රෙන් මහතාගේ සහභාගිත්වයෙනි. උත්සව සභාව ඇමතූ ඔහු පැවසුවේ මෙවැනි සමාජ සත්කාර සිදුකිරීම සමාජීය වගකීමේ කොටසක් ලෙස තම ආයතනය සලකන බවයි.

“මේ වීල් චෙයා ටෙනිස් පිටි සඳහා සහයෝගය දැක්වීම ආයතනික හා සමාජීය වගකීමේ කොටසක් විදියටයි අපි දකින්නේ. අපි ලබාදුන් අරමුදල් වලින් දියුණුවට පත්වුන මේ වීල් චෙයා ටෙනිස් පිටියේ ආබාධිත ක්‍රීඩකයින් ක්‍රීඩා කරනවා දකිද්දී අපිට ලොකු සතුටක් ඇතිවෙනවා. SLTA ආයතනයේ වින්චෙයා ටෙනිස් වැඩසටහන සඳහා අපි සහයෝගය දක්වන දෙවන අවුරුද්ද. ඒ වගේම මෙමඟින් විශාල ප්‍රතිඵල අත්පත් කරගෙන තිබෙනවා.....” යැයි ද රේ රෙන් මහතා පැවසීය.