ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවක සුභ සාධනය හා වෘත්තීය ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මාසිකව පැවැත්වෙන සියලු වෘත්තීය සමිති නියෝජිත හමුව වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2018 ජුනි 14 වන දින අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වෘත්තීය සමිති 22 ම නියෝජිතයින් සහභාගී වූ අතර එහිදී පසුගිය මාසයේ පැනනැගි ගැටළු පිළිබඳව හා ලබන අගෝස්තු 1 වන දිනට පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සංවත්සරික උත්සවය පිළිබඳව ද සාකච්ඡා කෙරිණ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක, උප සභාපති පී.ජී. දසනායක යන මහත්වරුන් ඇතුළු ඉහළ නිලධාරීන් රැසක් සහභාගී විය.