ඔළුවිල් වරාය නැවත සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ඇරඹේ

මීට වසර ගණනාවකට පෙර ගොඩනගන ලද ඔළුවිල් වරාය වෙරළ ඛාදනය හේතු කොටගෙන ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයක් උද්ගත වූයෙන් අතහැරදමන ලද ඔළුවිල් වරාය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඩෙන්මාර්ක් රජයේ DANIDA ආයතනයේ සහන ණය ක්‍රමයක් යටතේ වෙරළ සංරක්ෂණ කටයුතු සිදු කිරීමටත්, වරාය පරිශ්‍රය තුළ ගොඩගැහෙන වැලි ඉවත් කිරීම සඳහා වරාය අධිකාරිය විසින් ඩ්‍රෙජින් යන්ත්‍රයක් (Dredger) මිළදීගැනීමට ද කටයුතු කරන බවත් ඒ සඳහා අවශ්‍ය අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සැලසුම් කිරීම සඳහා රේඛීය ආයතන දැනුවත් කිරීමේ සාකච්ඡාවක් වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වීය.

ඡායාරූපයේ දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව පැවැත්වූ ආකාරයයි. එම අවස්ථාවට වරාය අමාත්‍යංශයේ ලේකම් එල්.පී. ජයම්පති, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කලමනාකරණ අධ්‍යක්ෂ සරත් කුමාර ප්‍රේමචන්ද්‍ර, විධායක අධ්‍යක්ෂ නිලාන් වික්‍රමසිංහ සහ ධීවර අමාත්‍යංශ, ජාතික ප්‍රතිපත්ති දෙපාර්තමේන්තු හා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ද සහභාගී විය.