වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්තුමා වැඩ අරඹයි

වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නෙ මහතා වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශ ලේකම් ධූරයේ වැඩ ආරම්භ කිරීම අද (28) උදෑසන වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේදී අභිනවයෙන් සිදු කෙරිණ.

එම අවස්ථාවට වරාය හා නාවික කටයුතු ගරු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු මැතිතුමා සහ වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ නිලධාරී මහත්ම මහත්මීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.