පසුගියදා ඇති වූ හදිසි ගංවතුර හා නායයෑම් හේතුකොටගෙන දිවයිනේ සිදු වූ ව්‍යසන තත්ත්වය සමාලෝචනය කිරීමේ අරමුණින් කලුතර දිස්ත්‍රික් ලෙකම් කාර්යාලයේදී සියලුම රාජ්‍ය ආයතන සම්බන්ධ කරගනිමින් විශේෂ සාකච්ඡාවක් පැවති අතර එහිදී පීඩාවට පත් හා අවතැන්වූවන් සඳහා ක්ෂණිකව ආධාර සැපයීමටත්, පශ්චාත් ආපදා තත්ත්වය තුළ සෞඛ්‍ය හා සනීපාරක්ෂක කටයුතු සැලසීමටත්, පුද්ගල මරණ සම්බන්ධයෙන් හා නිවාස අහිමිවූවන්ට වන්දි ලබාදීම සම්බන්ධවත් සාකච්ඡා කෙරුණු අතර සහන සැලසීමේදී චක්‍රලේඛ හා රෙගුලාසි නොසලකා සත්භාවයෙන් අවශ්‍ය කටයුතු කඩිනම්ව සිදුකිරීමට නිලධාරීන්ට උපදෙස්ද ලබාදුන්නේය.
මෙම අවස්ථාවට කලුතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සම සභාපති වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත්.පී. පෙරේරා, ව්‍යවසාය සංවර්ධන හා මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න, කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න, බස්නාහිර පළාත් අමාත්‍ය රංජිත් සෝමවංශ, සුමිත් ලාල් මෙන්ඩිස්, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, ගුවන් හමුදාපති එයාර් මාෂල් කපිල ජයම්පති, යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ඒ.ඩබ්ලිව්.ජේ.සී.ඩි. සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න යන මහත්වරුන් එක්විය.