නාවික සහ සමුද්‍රීය විෂය ගැන පුළුල් අවබෝධයක් ලබා දීමේ විශේෂ ව්‍යාපෘති රැසක් මේ වන විට දියත් කෙරේ. වරාය සහ නාවික අමාත්‍යාංශයේ වෙළද නාවික ලේකම් කාර්යාලය එම ව්‍යාපෘති දියත් කරයි. නාවික සහ සමුද්‍රීය කර්මාන්තය ආශ්‍රිත රැකියා අවස්ථා මෙරට තරුණ තරුණියන්ට හඳුන්වා දීම මෙන්ම සමුද්‍රීය විෂය ගැන පුළුල් අවබෝධයක් සහිත වෘත්තිකයින් බිහි කිරීමද මෙහි මූලික අරමුණ වේ. පසුගිය සැප්තැම්බර් 24වැනිදාට යෙදුණු ලෝක සමුද්‍රීය දිනය නිමිති කරගනිමින් මෙකී ව්‍යාපෘතියේ සමාරම්භය සනිටුහන් විය. ව්‍යාපෘතියේ සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මහපොළ අභ්‍යාස ආයතනයේදීයි. සම්මන්ත්‍රණ සහ වැඩමුළුවලට සහභාගිවන තරුණ තරුණියන්ට කොළඹ වරාය නැරඹීමේ අවස්ථාවද උදා වේ.