තල්මසුන් නැරඹීමට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයින් ප්‍රවාහනය කරනු ලබන බෝට්ටු සේවාවන්හි පවතින දුර්වලතා හඳුනාගනිමින් එම බෝට්ටු සේවා සපයන්නන් නිශ්චිත නියාමන ක්‍රමවේදයකට යටත් කිරීමේ අරමුණින් විශේෂ සාකච්ඡාවක් අද (03) වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. එහිදී බෝට්ටු සේවා සපයන්නන් හට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සහ එක් එක් බෝට්ටු සඳහා වාරයක් (Turn) නියම කිරීම යනාදී විධිමත් ක්‍රමවේදයන් ඔස්සේ ප්‍රවේශ පත්‍රයක් ලබාදෙමින් සහ අධීක්ෂණ කටයුතු රජය මගින් සිදුකරමින් රටේ ආර්ථිකය සවිමත් කිරීමට දායකත්වය ලබාදීම මෙහි මුඛ්‍ය පරමාර්ථය වේ. එම අවස්ථාවේදී අදහස් දැක්වූ ගරු අමාත්‍යවරයා පැවසූයේ වසර ගණනාවක් විසඳුමක් නොමැතිව පැවති තල්මසුන් නැරඹීමේ ව්‍යාපාරය තුළ විධිමත් හා ක්‍රමවත් භාවයක් ඇති කරමින් රටේ ආර්ථිකය සවිමත් කිරීමට එමගින් දායකත්වය ලබාදිය යුතු බවයි. එහිදී රටේ ආර්ථීකය මෙන්ම තල්මසුන්ගේ ජීවිතයන්හි සුරක්ෂිතභාවය ද ප්රමුඛත්වයෙහිලා සැලකිය යුතු බවත් ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් සියලුදෙනා කටයුතු කළ යුතු බවත් එතුමා එහිදී අවධාරණය කළේය.
මෙම අවස්ථාවට සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු රංජිත් අලුවිහාරේ මැතිතුමා, වැලිගම එක්සත් ජාතික පක්ෂ සංවිධායක පළාත් සභා මන්ත්‍රී ගයාන් සංජීව මැතිතුමා, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පරාක්‍රම දිසානායක මැතිතුමා, වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් අජිත් පී. සෙනෙවිරත්න මහතා මෙන්ම වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය, වනජීවි දෙපාර්තමේන්තුව, සංචාරක මණ්ඩලය, ශ්‍රී ලංකා නාවික හමුදාව, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව යන ආයතනයන්හි නිලධාරීන් රැසක් සහභාගී විය.
එම අවස්ථාවේ දී වැඩිදුරටත් අදහස් දක්වමින් ගරු අමාත්‍යවරයා පැවසූයේ, “ මෙහි අරමුණ ඉතාමත් හොඳ එකක්. මොකද අපි රටක් වශයෙන් ක්‍රමවත් වෙන්න ඕන සහ විධිමත් වෙන්න ඕන. මේ අවස්ථාවේ යම් හානියක් වුණොත් එමගින් රටටත් විශාල හානියක් සිදු වෙනවා. ඒ වගේම රටේ ආර්ථික කටයුතු වලටත් එය විශාල බාධාවක්. ඒ විතරක් නොවේ. මෙහිදී සහතිකයට එහා ගිය යම් යම් කරුණු පිළිබඳවත් අප සැලකිලිමත් විය යුතුයි. මුහුදේ ගිහින් මේ බෝට්ටු කටයුතු කරන ආකාරය, තල්මසුන්ට කරදර නොවන ආකාරයට කටයුතු කරන ආකාරය පිළිබඳව අවධානය යොමුකළ යුතුයි. මේ හැම දෙයක්ම සඳහා සියලුදෙනාම එකඟයි. ඒවා විධිමත් වෙන්න වගේම ක්‍රමවත් වන්න අවශ්‍යයි. එකම දේ වන්නේ මෙය ක්‍රියාත්මක කිරීමේදී ඔවුන්ට ඇති ගැටළු පිළිබඳ අවබෝධ කරගෙන යම්කිසි සාධාරණ කාලසීමාවක දී විසඳුම් ලබාදීමයි. මොකද මේක හැමවෙලාවෙම තව කල් තියෙනවා යැයි සිතා කටයුතු කළහොත් මෙයට කවදාවත් විසඳුමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා සාධාරණ කාලසීමාවක් යොදාගෙන අප ක්‍රියාත්මක විය යුතුයි. ඒ වගේම අපිට මොනවද කළ හැක්කේ, අපට උපකාර කළ හැක්කේ කෙසේද යන්න සොයා බලා ඒ සඳහා සම්බන්ධ විය හැකිද නොහැකිද කියා සොයා බලා කටයුතු කළ හැකිනම් එය ඉතා වටිනවා....” යැයි ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.
වන ජීවි දෙපාර්තමේන්තුව හා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමග එක්ව වෙළඳ නාවික ලේකම් කාර්යාලය සහයෝගීව මේ සඳහා ක්‍රියාත්මක වනු ඇත. මෙහිදී සංචාරකයින්ගේ සුරක්ෂිතතාව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරයි. ඒ සඳහා 2019 ජනවාරි මස සිට මාස 05 ක කාල සීමාවක් තුළ අදාළ බෝට්ටු හිමිකරුවන් හට තත්ත්ව සහතික ලබාදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස ගරු අමාත්‍යතුමා මෙහිදී යෝජනා කළේය. එසේම මෙතෙක් වනජීවි දෙපාර්තමේන්තුව විසින් 2012 වසරේ තල්මසුන් නැරඹීමේ දී ක්‍රියාත්මක කළ රෙගුලාසි පටිපාටිය කල්පිටිය හා හික්කඩුව ප්‍රදේශයන්හි මෙන්ම ජනවාරි මස සිට මිරිස්ස ප්රදේශයෙහිද ක්‍රියාත්මක කිරීමට මෙහිදී යෝජනා විය. එසේම ගරු අමාත්‍යතුමාගේ සංකල්පයකට අනුව බෝට්ටු අයිතිකරුවන් හට ණය පහසුකම් සඳහා අවස්ථාවක් සලසා ලීමත්, නියාමන ක්‍රමවේදයකට අනුකූලව ගෙවීම් කටයුතු සිදුකිරීමට යෝජනා කිරීමත් විශේෂත්වයකි.
දිනකට සංචාරකයින් 2000 කට අධික ප්‍රමාණයක් තල්මසුන් නැරඹීම සඳහා පැමිණෙන බවත් මෙහි නිසි නියාමන ක්‍රමවේදයක් නොමැති බැවින් මාසිකව සිදුවන පාඩුව රුපියල් ලක්ෂ 45 කට ආසන්න වන බවත් තල්මසුන් නැරඹීමේ හා ජල ක්‍රීඩා සංගමයේ සභාපති පී.එච්. එඩිවින සිල්වා මහතා පැවසීය.