වෙරළාසන්න මගීප්‍රවාහනය ළඟදීම

වෙරළාසන්න මගී ප්‍රවාහනය දියුණු කිරීම සඳහා මූලික අවධානය යොමු කෙරේ. වර්තමානයේ වෙරළාසන්න මගී ප්‍රවාහනය ස්ථාපිත කිරීම සඳහා ඇවැසි ප්‍රතිපත්ති සැකසීම, නියාමනය කිරීම සහ අවශ්‍ය පහසුකම් සැපයීමේ වගකීම පැවරී ඇත්තේ වරාය සහ නාවික අමාත්‍යාංශයටයි. මේ හේතුවෙන් උතුරු පළාතේ වෙරළා සන්න මගී ප්‍රවාහන සේවය වැඩි දියුණු කිරීම සඳහා වූ ක්‍රමෝපායන් කවරේදැයි වරාය හා නාවික අමාත්‍යාංශයේ උපදෙස් මත ශ්‍රී ලංකා වරාය අධිකාරිය අධ්‍යයනය කරමින් සිටී. වෙරළාසන්න මගී ප්‍රවාහනය සඳහා යාපනය එලියතිව් දූපත ආශ්‍රිතව ජැටියක් නිර්මාණය කිරීමේ හැකියාව සොයා බැලීම එම අධ්‍යනයේදී මූලික කරුණයි. ඒ සඳහා එම දූපතේ භූගෝලීය පිහිටීම සහ වෙරළේ හැඩය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉංජිනේරුවන්ගේ නිරීක්ෂණයටද පසුගියදා ලක් විය.